Chapter 14

191 24 16
                                    

අනුත් අවදියෙන් පසු විය. අනික් සියලු දෙනාම නිදි ඇති බව ඔහු සිතුවේය.
නමුත් විනාඩි කීපයක් යන්නට මත්තෙන් නිතිල් පැමිණ ඔහු ඉදිරිපිට ඉඳ ගත්තේය.

"අයියේ , පොඩි ප්‍රශ්නයක් තියෙනවා"
"කියපන්"
"Andras කියන්නේ කව්ද කියලා ඔයා දන්නවද"
"එයා නේ බාලම ගැන්ග් ලීඩර් , ඒ වගේම එකම ගෑනු ලමයා ලීඩර් වුන"
"ඔව් ඒක ගොඩක් අය දන්නවා නේ අයියේ, Andras කියන්නේ රුද්‍ර කෙනෙක්"

"මොකද්ද" අනුත් අසුනෙන් නැගිටුන තරම්ය.
"හ්ම් , Andras කියන්නේ රුද්‍ර කෙනෙක්. එයාගෙ ඩීටේල්ස් හම්බුනා මට"
අනුත් නළලේ ඇඟිලි ගෙනියන්න වූයේ ආතතියෙනි.
"පොඩි එකාට කොහොමද" අනුත් ඇසුවේය.
" ෂොක් වෙලා,  අමාරුවෙන් කෑවෙ
දැන් නිදි , අයියේ කොහොමද ඔයා වික්‍රමාරච්චි ලඟින් පැන්නේ"අනුත් සිනා විය.

"ඒක රහසක්"
" කියනවාකෝ බං" නිතිල් ඇවිටිලි කලේය.
" මන් ඩීටේල්ස් ගත්තට පස්සේ අසනීප විදිහට ඇක්ට් කලා, උන් හිතුවේ මන් මැරෙයි කියලා ඉතින් හොස්පිටල් අරන් ගියාම මන් එතනින් හොරෙන් පැන්නා"
" උන් ඔයාගෙ පස්සෙන් ඒවිද"
"උන් මන් මෙහෙ ඉන්නෙ කියලා සැක කරන්නේ නෑ , උන් මුලින්ම යන්නේ බ්ලඩ් මේනියැක්ස් එකට"

"උන් පාතාල කල්ලියක් වුණත් මට හෙන අවුල්, අපි අර පොඩි එකාගෙ ජීවිතේ අනිත් පැත්ත හැරෙව්වා" නිතිල් සුසුමක් හෙලා පැවැසුවේය.
"එයාලට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ , අනික එයා තාම පොඩි ලමයෙක්, එයා කල්ලියක ඉන්න ඕනේ නෑ, මන් මේකට එයාලව සම්බන්ධ කර ගත්තේ එයාව ඔතනින් ගලවා ගන්න"
" ඔයා එයාට ආදරෙයි නේ"
"මං එයාට ආදරේ කරන්නේ ඔයාට ආදරේ කරන විදිහටමයි . ඔය දෙන්නම මට පොඩි උන්" අනුත් පැවැසුවේය.
"ම්ම් හරි හරි" නිතිල් පැවැසුවේය.

"මල්ලී , ඔයා දන්නවද මන් මාර්ක්ගෙ ලමයා වික්‍රමාරච්චිගෙ නෙමේ "
නිතිල් අනුත් දෙස මද වෙලාවක් බලාගෙන හිඳ කුස්සියට ගොස් බියර් බෝතල් දෙකක් රැගෙන ආවේය. ඔහු එකක් අනුත් දෙසට දිගු කලේය.
"මට එපා,  උඹත් බොන්නේ නැත්නම් හොඳයි"

"හරි හරි මගේ තාත්තා වෙන්න එපා, මේක ගනින්. මට හොඳ සිහියෙන් මේ දේවල් අහන් ඉන්න පුළුවන් කියලා ෂුවර් නෑ"
අනුත් වේදනාත්මක සිනහවකින් බෝතලේ අතට ගෙන විවර කලේය.
"උබ දැනන් හිටියා නේද මල්ලී"
"මට සැකයක් තිබුණා , ඔය දෙන්නගෙ පෙනුම සමාන නෑ හැබැයි මොකද්ද එකක් තිබුණා, මාර්ක් දන්නවද ඔයා එයාගෙ ලමයෙක් කියලා"

Soft Zone Where stories live. Discover now