Chapter 11

213 29 11
                                    

අනුත් අදුරු කාමරය දෙස හිස් බැල්මෙන් බලා සිටියේය. "අම්මා" ඔහු සෙමෙන් මිමිනුවේය.
ඔහුට මතක් වුණේ කෙතරම් අපහසුවෙන් සිටියත් අම්මා ඔහුට  බත් කවපු අන්දමයි. අම්මගෙ තුවාල වලට බෙහෙත් දමා ඔහු ඔහුගෙ තුවාල වලට බෙහෙත් දාගත් විදියය.
හිමාලි ඇන්ටි ඔහුට නින්ද යනතුරු කතා කියපු අන්දමයි. මේ මූසල අදුරු නිවස තුල දුක ඕනෑවට වඩා තිබිණ. ඔහු තවත් කෙළවරට යන විට ඔහුගෙ අතට යමක් දැනිණ.ඔහු සෙමින් ඒ දෙස බැලුවේය. එය රිදී පැහැති කීටැග් එකක් විය.

එය ඔහුගෙ බවක් ඔහුට මතක තිබුණේ නැත නමුත් එකවරම ඔහුට එය කාගෙද යන්න මතක් විය.

ඔහු සිටියේ  පාසල අවසන් වී මිතුරන් එනතුරු ය. ඔහු 7 වසරේ ඉගෙනුම ලැබීය. ඔහු දුටුවේ  අසල තිබුන ඩේලියා පෙර පාසලේ ඉගෙනුම ලබන කුඩා දරුවෙක් පාසල දෙසට එන අයුරුය. කුඩා දරුවා සිනහ මුසු මුහුණින් ඔහු  වෙත ආවේය.

"අයියේ ඔයා  දිව්‍යා අක්කාව දන්නවාද"
දිව්‍යා යනු අනාථ නිවාසයක සිටින ලමයෙක් විය.
"ඔව් අර අනාථ කෙල්ල නේ " ඔහු කීවේය.
"එයාව දැක්කද?" කුඩා දරුවා ඇසුවේය.
ඔහුට කුඩා දරුවන් පේන්න බැරි විය. ඔහුට අදහසක් ආවේය.
"ඔව් එයා ක්ලාස් එකේ එන්න කෝ මන් පෙන්නන්න"  ඔහු කුඩා දරුවාව ආරක්ෂක නිලධාරියාගෙ දෑස වසා රැගෙන ගියේය.
පංතියට යාමෙන් අනතුරුව
"කෝ අයියේ, අක්කා නෑ නේ " කුඩා දරුවා පැවැසුවේය.
"ඉන්න පෙන්නන්න උබට අක්කාව මන්" ඔහු දරුවාව බිමට වැටෙන්න තල්ලු කර පංතියේ දොර අගුළු දැම්මේය.
ඔහු කුඩා දරුවගෙ විලාපය නොසලකා හරිමින් ගේට්ටුවෙන් පිටත ගොස් බලා සිටියේය  මද වේලාවකින් එතැනට  ගැහැණු ලමයෙක් හා පිරිමි ලමයෙක් ආවේය.
"මොනවද කලේ මෙච්චර වෙලා" ඔහු විමසුවේය.
"ටීචර් වැඩක් දුන්නා බං ආරාටයි මටයි "
පිරිමි ලමයා පැවැසීය.
"මේ අනුත් ටීච ඇහුවා අපෙන් ඔයා ගැන,
අහන්න සුදු , මට තේරෙනවා ඔයාගෙ අම්මා නැති වුණා කියලා ඒත් ඒකට අහක ඉන්න පොඩි උන් පලි නෑ නේ "
" ඇයි දැන් හොඳ කෙනා වෙන්නේ ඔයාලත් මට උදවු කලා නේද" අනුත් ඇසුවේ කේන්තියෙනි.
"ඔව් අපි හිතුවා උඹ එ පොඩි උන්ට සැර දාලා නවත්තලා දායි කියලා ඒත් එහෙම නෑ නේ උඹ  පොඩි එකෙක්ට ගහලා හොඳටම තමන්ගේ තරමේ එකෙක් එක්ක හැප්පෙන්න පොඩි උන්ට ගහලා වීරයා වෙන්නේ නැතුව " ෂේන් පැවැසුවේය.

Soft Zone Donde viven las historias. Descúbrelo ahora