Chapter 7

264 35 18
                                    

*Content wanning
*Rape
* self harm
මන් 🔴 මේ සලකුණ දාලා තියන ටික කියවන්න එපා අපහසු නම් .
ඒ වගේම මන් rape romantisize කරන්නෙ නෑ so මේක ප්ලොට් එකට අදාල දෙයක් විතරයි

   ●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●

එය රෝහලක් ලෙස නොපෙනෙන බව අනුත් ගෙ පලමු අදහස විය .සත්‍ය වශයෙන් පැවැසූවහොත් එය පරණ බංගලාවක් විය

"වලව්වක් !!"
"මේකට හොල්මන් ඉන්නවා කියලා ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ බොසා ඒ නිසා ලේසියෙන් කිසිම කෙනෙක් ඇතුලේ වෙන දේවල් වලට හොම්බ දාන්න එන්නේ නෑ" ලුසිෆර් පැවැසුවේය
"ආ"
නමුත් අනුත් කල්පනා කලේ පහසුකම් නැති තැනක ප්‍රතිකාර ලබා ගන්නේ කෙසේද යන්නයි.

ලුසිෆර්, අනුත් හා කෙවින් වලව්වට ඇතුළු විය .එය පිටතින් වලව්වක් ලෙස පෙනුනත් එය ඇතුල නවින රෝහලක් ලෙස සකස් කර තිබිණ. බෙහෙත් සුවඳ හා එතැන වැඩ කරන අයගෙ නිල් පැහැති නිලඇදුම් කැපී පෙනිණ.

"මෙහෙට මේ තරං වැඩ කරන අය කොහෙන්ද තව මෙච්චර ලෙඩ්ඩු ඉන්නවද"
අනුත් පුදුම විය
"බොසා මෙතැන තමයි කල්ලි වල ඉන්න හැමෝම බෙහෙත් ගන්නේ .ඒත් මෙතැන රන් කරන්නෙ අපි"
"එතකොට මෙතැන රණ්ඩු යන්නේ නැද්ද "
"බොසා මෙතැන අපේ තැනක් අපේ තැන අපිට සද්දෙ දාන්න ආවොත් ආයේ ඉන්න නෙමේ කියලා උන් දන්නවා"
"එතකොට මෙතැන වැඩ කරන අය ගැන කියනවා නම් අපේ මේ උසස් ගුණවත් සමාජයට එපා වුණ අය තමයි මෙතැන වැඩ කරන්නේ එයාලට මෙතැන කරදරයක් නෑ
එයාල වැරදි නැති අය නෙමේ ඒත් අර උසස් ගුණවත් සමාජය වගේ දිව දෙකේ උන් නෙමේ" කෙවින් පැවැසුවේය

ඔවුන් පිළිගැනීමට පවත්නා ස්ථානයට ගියේය
"අපිට 21 වෙනි කාමරය ඉන්න කෙනා බලන්න ඕනේ"
"මෙන්න යතුර ඩොක්ටර් එතැන ඉන්නවා"
එතැන සිටි තරුණිය පැවැසුවාය.
"බොසා ගිහින් එන්න මන් ඉන්නම් මෙතැන"
කෙවින් එහි නතර විය.
ලුසිෆර් හා අනුත් දොරකින් ඇතුළු වි කොරිඩෝවක ගමන් කලේය. කොරිඩෝව කෙලවර පිහිටි කාමරය විවර කර ලුසිෆර් අනුත්ට ඇතුළු වීමට සංඥා කලේය.
එය සුදු පැහැති හොඳින් ඉර එළිය ලැබෙන කාමරයක් විය. ඩෙවිල් ඇදේ නින්දට වැටී සිටි අතර කාන්තාවක් ඔහුව පරීක්ෂා කරමින් සිටියාය.

Soft Zone Onde histórias criam vida. Descubra agora