"ඔයා මොනවද මිෂන් රුද්‍ර ගැන දන්නේ"
"මිෂන් රුද්‍ර කියන්නේ රජයට proffessional මට්ටමේ කිලර්ස්ලා ස්පයිස්ලා හදන මෙහෙයුමක්. අවුරුදු 5 ඉඳන් 8 වෙනකන් ලමයින් අරගෙන එයාලව ට්‍රේන් කරවල සුපිරි මට්ටමේ ටූල් හදන මෙහෙයුමක්"
"ම්ම් ඔයා ඒක සැහෙන කෙටියෙන් කිව්වා. ඒත් ඒකට මුහුන දුන්න අයට ඒක ඔයාට තරම් සරල නෑ." අනුත් ඔහු දෙස බලාගෙන සිටියේය."ඔයා රුද්‍ර කෙනෙක් නේද" අනුත් ඇසුවේ වෙන මඟක් ඔහුට නොමැති වීම නිසායි.
"ඔව් මන් රුද්‍ර 002, මට කිව්වේ දිව්‍යමය ආයුධයක් කියලා"
"ඔයාට කොහොමද එහෙම වුණේ මල්ලී " අනුත් ඇසුවේ සානුකම්පිතවයි.
" ඔයා මාව නිවාසෙට එක්කන් ගිහින් දවස් දෙක තුනකට පස්සේ මේක උනේ . එදා මැඩම් ඇවිත් කිව්වා අපිව ඒ කියන්නේ අක්කාවයි මාවයි හදාගන්න කැමති වෙලා කියලා. මගේ අක්කා සැහෙන සතුටු වුණා. මමත් එහෙමයි. අපි යද්දි එතැන හිටියේ ලස්සන උස ජෝඩුවක. එයාල අපේ ඔලුව අත ගාලා අපි හරි හුරතල් කිව්වා ඒත් අනේ මන්දා එතැන මට ආදරයක් දැනුනේ නෑ .
එයාල මැඩම් එක්ක කතා කරල අපිව අරන් ගියා. අපිව එක්කන් ගියේ හෙන දුර පැත්තකට. ලොකු කෑලෑවක් මැදින් එයාල වාහනය නැවැත්තුවා. අපි සැහෙන භය වුණා. එතැන දී අපි දැන ගත්තා මෙතැනට අපි ඇවිත් තියෙන්නෙ මිනිස් පරීක්ෂණ නියැදි විදිහට කියලා. එතැන තිබ්බේ ගරා වැටුණු බිල්ඩින් එකක් ඒත් ඇතුළ ගරා වැටිලා නෑ. එතැනට මිනිස්සුන්ට එන්න බැරි වෙන්න හදල තියෙන්නෙ. එතැනට එක්කන් ගියාම අපිත් එක්ක හිටියා ලමයි ගොඩක්. කියපු විදියට එතැන ලමයි 500 විතර ඉඳලා තියෙනවා. අපිව එක්කන් ඇවිත් තියෙන්නෙ විද්‍යාඥයෝ දෙන්නෙක්. මේ සම්පූර්ණ මිෂන් එකම සයන්ස් හා රජය සම්බන්ධ ප්‍රොජෙක්ට් එකක් .අපිව මුලින්ම දැම්මේ ස්ටාට් එකට. එතැන අපිට ට්‍රේනර්ස්ලා හිටියා. එයාල හමුදාවේ හිටපු අය නැත්නම් පරණ ඔත්තුකාරයෝ.එයාලගෙ වගකීම වුණේ අපිට ඕනෙම වේදනාවක් දරාගන්න පුළුවන් කරන එක. ඕනෙම වේදනාවක්.."අනුත් භීතියට පත්ව දෙව්හස් දෙස බලා සිටියේය.
"අපිට පිහියෙන් ඇන්න, ඇටකටු කැඩුවා,පිච්චුවා, හුස්ම හිර කලා, අපේ ඇඟේ කෑලි අඩු නොවෙන්න අපිව කැපුවා දත් ගලවලා දැම්මා ,නියපොතු ගලවලා දැම්මා "
අනුත් හට තව දුරටත් අසාගෙන සිටීමට නොහැකි විය. අනුත් දෙව්හස්ව තදින් බදාගත්තේය.
YOU ARE READING
Soft Zone
Actionඔහුට එක්වරම ඇසුනේ සියුම් මිමිනුමකි.ඔහු ඒ හඩ දෙසට ගමන් කලේය. දහදිය පෙඟුණ මොනවද මුමුණන ඒ මුහුන දුටු විට අනුකම්පාවක් ඇති විය. ඔහු අනිකාගෙ හිසට අත තබමින් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කලේය. "මාව දාලා යන්න එපා " යැයි පවසමින් අනිකා ඔහූව තදින් වැලද ගත්තේය ...