දෙව්හස් බලා සිටියේ අනුත් එනතුරුය.ඔවුන් දෙදෙනා සම්බන්ධය පටන් ගෙන දැන් වසර දෙකක් පමන ගත වී තිබිණි.නමුත් අනුත් ඒ වෙනතුරුද හාදුවකින් එහාට ගියේ නැත.දෙව්හස්ටද ඔහුට බල කරන්නට අවශ්‍ය නොවීය.ඔහු මෙම සම්බන්ධයට කැමති විය.අනුත් ඔහුට බොහෝ විට සරදම් කල නමුදු දෙව්හස්ට ගෞරව කලේය.ඔහුගේ අකමැත්තෙන් හාදුවක් හෝ ලබාගත්තේ නැත.අනුත්ගේ සරදම් කරන,මෘදු නමුත් බාගෙට පිස්සු පෞරුෂයට ඔහු අතිශයින් ප්‍රිය විය.ඔහු ඕනේ කෙනෙක්ට පහසුව ඇති කරන අන්දමේ අයෙක් විය.එමනිසාම ඔහු පසුපසින්
කාන්තාවන් හා පිරිමි හඹා ආවේය.ඔවුන්ගේ හිත නොරිදෙන ලෙස අනුත් ඔවුන්ව ප්‍රතික්ෂේප කලේය.ඔහු විශ්වාස කල හැකි අයෙක් විය.ඔහු දෙව්හස්ට ඇතැම් විට සැලකුවේ දරුවෙක් මෙනි.එමෙන්ම දෙව්හස්ට වදයක් වීම ඔහු විනෝදයක් කර ගත්තේය.
"දෙව්, මෙහෙ එන්නකෝ මගේ මේස් දෙක නෑ නේ"
"දෙව් ඔයා දන්නවද මීයා පැන්සලට කිව්වේ මොකක්ද කියලා"
දෙව්හස්ට ඇතැම් විට ඔහුගේ ඉවසීම කෙලවර වන බව දැනුනද අනුත්ගේ සරදම් වලට ලක් වීම ඔහු ප්‍රිය කලේය.අනුත් දෙව්හස් මෙන් නොව නොනවත්වා කතා කලේය.අනුත් යනු දෙව්හස්ගේ ලොවට ආලෝකය ගෙන ආ තැනැත්තා විය."අනුත් , ඔයාට ලියුමක් තියෙනවා ලංකාවෙන්"
"හරි දෙව් ඉන්න මන් එනවා"
අනුත් ලියුම අතට ගත්තේය.එය බිලක් හෝ වෙනත් යමක් මෙන් නොපෙනින.ඔහු එය විවෘත කරන විට අමුතු හැඟීමක් දැනිණි.අනුත් අයියා වෙත,
අයියා හොඳින් ඉන්නවා කියලා හිතනවා.මේක ලියන්නෙ මන් අපේ හයිඩ් අවුට් එකෙ ඉන්න ගමන්.මන් දන්නේ නෑ මොකක්ද හේතුවකට මට හිතෙනවා මන් වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැති වෙයි කියලා.ඒ නිසා මන් මේක ආරාධා අක්කට දෙනවා.එයා මේක දෙයි මන් කියපු කොන්දේසිය සම්පූර්ණ වුනාම.
මන් දන්නවා අයියාට මන් ගැන කැමැත්තක් තිබුනා කියලා.ඒත් මට හිතෙන්නෙ ඒ ඔයාට මන් ගැන තියෙන අනුකම්පාව කියලා.ඒ වුනත් ඔයා දැන් මාව සහෝදරයෙක් විදිහට හිතන එක ගැන සතුටුයි.ඔයයි මමයි ගිය්ස් පලවෙනි මිශන් එක ඉදන් මට මතකයි.මගේ අයියා වගේම ඔයා මට සහෝදරයෙක් වුනා.මගේ ජිවිතේ හම්බුන හොඳම මනුස්සයා තමයි ඔයා.මන් රේප් වෙච්ච කෙනෙක් වෙලත් ඔයා ඒ ගැන ගානක් ගත්තේ නෑ.ඔයා මට ඒක නිසා අඩුවෙන් සැලකුවෙත් නෑ. ඔයා හරිම වටින මිනිහෙක් අයියේ.
මන් දන්නවා ඔයා දෙව්හස් එක්ක සතුටින් ඉඳී කියලා.එයාව සතුටින් තියන්න.එයාටත් මටත් ඔයාටත් තිබ්බෙ සුන්දර ලමා කාල නෙමෙයි.ඉතින් ඒ අහිංසකයගේ උදුරාගත්ත දේවල් එයාටම ආපහු දෙන්න.විශේෂයෙන්ම එයාගේ හිනාව.ඔයා මගෙත් එක්ක කිව්ව දෙතුන් ගමනක්ම එයා දැන් ඉස්සර වගේ හිනා වෙන්නෙ නෑ කියලා.ඔයාට පුළුවන් එයාට එයාගෙ හිනාව දෙන්න.එයාගෙ අක්කව සනීප කරගන්න එයාට උදවු කරන්න එයාට මේක ඔයාට ලැබෙන කොටම සනීප වෙලා නම් තවත් හොඳයි.
YOU ARE READING
Soft Zone
Actionඔහුට එක්වරම ඇසුනේ සියුම් මිමිනුමකි.ඔහු ඒ හඩ දෙසට ගමන් කලේය. දහදිය පෙඟුණ මොනවද මුමුණන ඒ මුහුන දුටු විට අනුකම්පාවක් ඇති විය. ඔහු අනිකාගෙ හිසට අත තබමින් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කලේය. "මාව දාලා යන්න එපා " යැයි පවසමින් අනිකා ඔහූව තදින් වැලද ගත්තේය ...