Chapter 16

154 17 21
                                    

"මට බඩගිනි" ආරාධා එසේ පවසමින් ඔරලෝසුව දෙස බැලුවේය.
"බලන්න දැන් 11.30 අපි තවම උදේට කාල නෑ. එළියේ හොඳටම වහිනවා නේද?"
"අපි කාලා ටිකක් නිදා ගමු මට සැහෙන මහන්සි" ෂේන් පැවැසුවේය.
"මොනවා කරලද දන්නේ නෑ"

     "ඩ්‍රයිව් කරලා, උබ හොඳට නිදා ගත්තෙ"
"ඉතින් මන් කිව්වේ වාහනේ මන් ගන්නම් කියලා, පණ්ඩිත කමට කිව්වේ මන් ගෙනියන්නම් කියලා" ආරාධා පැවැසීය.

"අපෝ තොපි දෙන්නා අදත් පටන් ගන්නේ නැතුව ඉන්නවද මගුල" අනුත් පැවැසුවේය.

"මට ප්‍රශ්ණයක් තියෙනවා දෙව්හස්ගෙ අක්කා  කොහොමද පාතාල කල්ලියකට සම්බන්ධ වුණේ" නිතිල් ඇසුවේය.

       "ම්ම්, අපි රුද්‍ර එක්ක බාරව හිටපු අයට ඇටෑක් කරද්දී අක්කා හිටියේ නෑ ලංකාවේ. බොස් එයාව ලංකාවට ගෙන්න ගත්තා. ඒත් අපිට ආරංචි වුණේ එයා මැරුණා කියලා. මීට ටික කාලයකට කලින් රණ්ඩුවක එයාව දකිනකම් මන් දන්නේ නෑ එයා ජීවතුන් අතර කියලා. මන් එතකොට තමයි දන්නේ එයා andras කියලා."

      "ඔයා හිතනවද දිව්‍යාගේ මතකය ආපහු ගන්න පුළුවන් වෙයි කියලා?" අනුත් නිතිල් දෙස බලා ඇසුවේය.
"පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන් ,එයාට දුන්න ඩ්‍රග් එක මත තමයි තීරණය වෙන්නේ"
සියලු දෙනා අතර පැවැතියේ නිහැඬියාවකි. වර්ශාව නිසා ඇති වන ශබ්දය නොවන්න එය බෙහෙවින් අපහසු දායක වීමට තිබිණ.

"අපි ටිකක් නිදා ගමු. ඊට පස්සේ බලමු මොකද්ද කරන්නේ කියලා" අවසානයේදී නිහැඬියාව බිද නිතිල් පැවැසුවේය.

"මුලින්ම කාල ඉන්න හැබැයි" ආරාධා පැවැසුවේය.
ඔවුන් ආහාර ගත්තේ නිහඬතාව මැදයි.

  "ඔයා හිතනවාද අපිට මාර්ක් උදවු කරයි කියලා"
"එයාව මේ රෙද්දෙන් අයින් කරන්න. ඔයාට ඕනෙ නම් මන් වික්‍රමාරච්චිට දැන් වුණත් වෙඩි තියලා මරල දාන්නම්. ප්ලීස් මගේ පවුල  මේකට ගාව ගන්න එපා"
දෙව්හස් පැවැසුවේ ආහාර ගැනීම නවත්වා අත සෝදා කාමරයට යමිනි.

"දෙව්.."
"එයාට ඉන්න දෙන්න අයියේ. ඒ එයාගෙ පවුල
ඔයාට ඒක තේරෙන්නෙ නෑ"
"මන් නිකන් ඇහුව විතරයි , ඒත් මන් කල්පනා කරන්නේ මාර්ක් දෙව්හස්ව Andrasට දෙනවට විරුද්ධ වුණේ නැත්තේ ඇයි "
"ඔයා ඒක වෙලාවක එයාගෙන්ම අහන්න මේ වෙලාවේ අපි අපේ ඔලුව ක්ලියර් තියාගන්න ඕනේ"
ඔවුන් සියලු දෙනා නිශ්ශබ්දව ආහාර ගෙන තම කාමර වලට පිටත් විය.

Soft Zone Where stories live. Discover now