වසර දෙකකට පසු ඉතාලියේ මිලාන් හී Teatro alla Scala ඔපෙරා හවුස් හීඅනුත් වස්සානගේ ඒකල වාදනය අනතුරුව මුලු ප්‍රේක්ෂකාගාරයම කඳුළින් තෙත් විය.එය ඉතාමත් සංවේදී වාදනයක් විය. ප්‍රේක්ෂකාගාරයට ආචාර කිරීමෙන් අනතුරුව අනුත් පිටුපස වේදිකාවට ගියේය. ඇදුම් මාරු කිරීමෙන් පසුව ඔහු ඔපෙරා හවුස් එකෙන් පිටත් විය.
ඔහු නිවසට ගිය විට ඔහුව පිළිගත්තේ දෙව්හස් විසිනි.
"ඒ සෝලෝ එක නම් සුපර්බ් හලෝ. මට දුකයි. ඕඩියන්ස් එකම ඇඬෙව්වා අයියේ උබ." දෙව්හස් අගය කරමින් පැවසුවේය
අනුත් ඔහුව වැළඳ ගත් අතර
"ඇයි එනවා කියලා කිව්වේ නැත්තේ එහෙනම් මන් ෆ්‍රන්ට් සීට් එකක් ඇරෙන්ජ් කරනවා නේ" යනුවෙන් පැවසුවේය.
දෙව්හස් ඔහුව පෙරලා වැළඳ ගත්තේ රතු වූ මුහුණකිනි."එහෙනම් ඒක සර්ප්‍රයිස් වෙන්නෙ නෑ නේ"
"මන් ඇත්තටම පුදුම වුනා ඔයා ඕඩියන්ස් එකේ ඉන්නවා දැකලා මට කිව්වේ මීටීන් එකකට යනවා කියලානේ.ඉතින් මන් හොඳට ප්ලේ කලාද?"
දෙව්හස් අනුත්ව ඈත් කර ඔව් යනුවෙන් අඟවන්නට හිස සෙලවීය.
"දෙන් අයි ඩිසර්ව් අ කිස් ෆ්‍රොම් මයි බෝයි ෆ්‍රෙන්ඩ් ,රයිට්?"
"අනේ ,අනුත් විකාර කරන්න එපා,ගෙදර ආවා විතරයි."
"එකම එකක් බේබි, ප්ලීස්"
"ළඟට එන්න එපා , ගිහින් වොෂ් දාලා එනවාකෝ"
අනුත් මුහුණ රතු කරගෙන සිටිනා දෙව්හස්ගේ නළලට හාදුවක් දුන්නේය.
"වොෂ් දාලා ඇවිත් ගන්නම්කෝ මන් මගෙ කිස් එක "
එසේ කියූ අනුත් නාන කාමරයට පැන ගත්තේ නිවසේ කුෂන් පාවෙන්නට ගන්නවා සමගමයි.
•••••••••••••••••••••••••••••••••••••••••••••••••
වසර දෙකකට පෙරවෛද්යවරයා දෙව්හස්ට පැහදිලි කලේ අනුත් බීමට ඇබ්බැහි වීම ප්‍රශ්නයේ ප්‍රතිඵලයක් මිස
ප්‍රශ්නය නොවෙන වගයි.ඔහුගේ සැබෑ ප්‍රශ්නය තම පියා අතින් වසර ගණනක් හිරිහැරයට පත් වීම,තම ආදරණීයයා මිය යාම වූ අතර එයට ප්‍රතිකාර කල යුතු විය.ඒ අනුව බෙහෙත් නියම කල අතර දෙව්හස්ට ඔහු ලගින් හිදීමට වෛද්‍යවරයා උපදෙස් දුන්නේය.
YOU ARE READING
Soft Zone
Actionඔහුට එක්වරම ඇසුනේ සියුම් මිමිනුමකි.ඔහු ඒ හඩ දෙසට ගමන් කලේය. දහදිය පෙඟුණ මොනවද මුමුණන ඒ මුහුන දුටු විට අනුකම්පාවක් ඇති විය. ඔහු අනිකාගෙ හිසට අත තබමින් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කලේය. "මාව දාලා යන්න එපා " යැයි පවසමින් අනිකා ඔහූව තදින් වැලද ගත්තේය ...