"අපි ආවා" සොහාන් නිවේදනය කලෙන් ඔහු පියවි සිහියට එළඹිය.පිටත ආරාධා කුඩා ගැහණු දරුවෙක් සමඟ සෙල්ලම් කරමින් උන්නෙය.මොටර් රථය දැක ආරාධා ඔවුන් දෙස විමසිල්ලෙන් බලාගෙන සිටියේය.ඔවුන් පිටතට පැමිණි පසුත් ආරාධා ඔවුන්ව අඳුනගත්තේ නැත. නමුත් එකවරම ඈ
"දෙව් මල්ලි නේද මේ" යනුවෙන් විමසුවාය"ආරාධා අක්කේ" ඔහු ඇයව ඇමතුවේය.
"යමු යමු ගේ ඇතුලට"
ගෙයි මිදුලේ තිබු සිමෙන්ති මේසයේ අසල බංකුවෙන් වාඩි වුන ඔහු සෙමින් පිලිතුරු දුන්නේය .
"මෙහෙම හොඳයි අක්කේ, කෝ, අයියා නෑ ගෙදර?"
"ඉන්නවා ඉන්න මන් කතා කරන්නම්"
"ෂේන්, ෂේන් බබා එනවකෝ පොඩ්ඩක් මෙහෙ"
"මොකද බන් බෙරිහන් දෙන්නේ යකෙක් ඇවිත්ද" ෂේන් එසෙ අසමින් අනෙක් පසට බෙරිහන් දුන්නේ පිටතට එමිනි."යකෙක් නෙමෙ, පොඩි යක් පැටියා ඇවිත් ඔයාලගේ"
දෙව්හස්ට එම නාමය ඇසුණේ දිගු කාලයකට පසුවයි. නිතිල්,අනුත් හා එම කාණ්ඩයම ඔහුට එසේ ඇමතුවෝය."එච්චර පොඩි නෑ හැබැයි"
" දැන් වයස කීයද 22 නේ පොඩි තමයි,අපේ ළමයා වෙන්න පුළුවන්."
"අක්කා,එතකොට අවුරුදු 8 න් ළමයි හැදුවද?"
"පෙනේද මේකගේ කට, ගාණට හැදිලා දැන්."
"කවුද බන් ආවේ" එසේ අසමින් එලියට පැමිණි ෂේන් පුදුමයට පත් විය. ඉන්පසුව ඔහුව වැළඳගත් ෂේන් පිටට තට්ටු කලේය.
"කොල්ලා අදද ආවේ"
"ඔව් අයියේ"
ඔවුන් ආගිය විස්තර කතා කරමින් හෝරාවක් පමණ ගත කලේය.ඒ අතර ෂේන් ඔවුන්ට සිසිල් බීම ගෙන ආවේය."මේ , අයියේ, අක්කේ අනුත් අයියා ගැන ආරංචියක් නැද්ද?"
"මතක් කරන්න එපා ඕකව,මරනවා මන් බල්ලා"
දෙව්හස් කුමක් කියන්නද නොදැන සිටියේය.
"මන් දන්නවා අයියා නිතිල් අයියගේ මරණේ ගැන දුකින් කියලා ඒත්.."
"ඈ ..මොකක්.. ආ.. නෑ නෑ , මන් ඒ කාලේ පොඩ්ඩක් කේන්තියෙන් හිටියා තමයි.මන් දැනන් හිටියේ නෑ මන් මොකක් කරන්නද කියලා.ඒත් මන් දැන් ඌ එක්ක යකා නැගලා ඉන්නේ ඒකට නෙමේ" ෂේන් ඔලුව කසමින් හිද නැවතත් කේන්ති ගත්තේය."එහෙනම්.."
"ඒ බල්ලා විහින් නාස්ති වෙනවා.. අච්චර හොඳට ගෙවන්න පුළුවන් ජීවිතයක්. අහු වුනොත් අම්මපා මන් කුඩු කරනවා ඕකව"
"අනේ මහත්තයෝ ඔයාගේ කට විතරයි. ඌ 'ෂේන් මන් පව් නැද්ද' අහපු ගමන් ඔක්කොම ඉවරයි"
"ඒක මෙහෙමයි"
දෙව්හස් සිටියේ වික්ෂිප්ත වීය. ඔහුට අගක් මුලක් වැටහුණේ නැත.
YOU ARE READING
Soft Zone
Actionඔහුට එක්වරම ඇසුනේ සියුම් මිමිනුමකි.ඔහු ඒ හඩ දෙසට ගමන් කලේය. දහදිය පෙඟුණ මොනවද මුමුණන ඒ මුහුන දුටු විට අනුකම්පාවක් ඇති විය. ඔහු අනිකාගෙ හිසට අත තබමින් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කලේය. "මාව දාලා යන්න එපා " යැයි පවසමින් අනිකා ඔහූව තදින් වැලද ගත්තේය ...