Chapter 9

209 27 6
                                    

නිවස තුල ඇසෙන සංගීතය නිසා මෙහි සාදයක් පැවැත්වෙන බව ඔහු තේරුම් ගත්තේය. ඔහු වාහනයෙන් බැස ගත් විටම මුණ ගැසුණේ ඔහු දන්නා දෙදෙනෙකි

"අනුත් උඹ හොඳින් නේද තෝව හෙව්වා  යකෝ හැමතැනම ,අරුන් කිව්වේ උඹ වැඩක් කියලා. කෝල් එකක්වත් දුන්නෙ නෑ හොඳින් කිව්වට පස්සේ මොන මඟුලක ගියාද"

ගිරවියක මෙන් කියවාගෙන යන ඇය දෙස බලා සිටි ඔහු
"මන් හොඳින්  බං, නිතිල්ව තාම හම්බුනේ නෑ"
"පාතාල කේස් ලේසි නෑ නේ බං කොහොමත් "
"ඒත් ෂේන් ,මල්ලිට කරදරයක් වුණොත් එහෙම " ඇය පැවැසුවාය.

"මල්ලිට මුකුත් වෙන එකක් නෑ ආරාධා, භය වෙන්න එපා
ෂේන් අනුත්ව දෑස් කොණකින් ආරාධාට පෙන්විය.
"උඹ දැන් මෙහේ මොකෝ කරන්නේ අංකල් එක්ක වලියක් දාගන්න නේද ආවෙ ?! එහෙනම් සුදු  මෙතැනින් යමු ."

"ආරා, මට සැකයක් තියනවා මට ඒක කන්ෆම් කරගන්න ඕනේ "
"මචං මේ, මෙතැන ලොකු පාර්ටි එකක් යන්නේ. උඹ අංකල්ගෙන් දැන් ගේම ඉල්ලන්න යන්න එපා. අපි වෙන වෙලාවක එමු බං"
"උබලා මොකද මෙතැන කරන්නේ"
අනුත් ඔවුන්ගෙන් විමසුවේය.
"අපි උඹව හොයන්න තමයි ආවෙ , බැරි වෙලාවත් ආවොත් කියලා"

"එහෙනම් උබලා මෙතැන ඉඳපන්, මන් ඇතුලට ගිහින් එන්නම් "
"අඩෝ මේ උඹ ඔතන මගුලක් නටන්න නේ යන්නේ ඉඳපන් මමත් එනවා නැත්තං එහෙම උඹ මොන හුත්තක් කරයිද කව්ද දන්නේ" ෂේන්

"එහෙනම් මාවත් අරන් යමන් " ආරාධාද එක් විය.
"වරෙන් එහෙනම්  හැබැයි බලාගෙන ඉඳපන් අත දාන්න එපා තොපි දෙන්න"

එසේ කියාගෙන අනුත් ගේට්ටුව දෙසට ගියේය. ආරක්ෂක නිලධාරියා අනුත් දැක කලබල විය.
"පොඩි මහත්තයා ! මෙහේ ! "
"ගේට්ටුව අරින්න ප්‍රේමසිරි" අනුත් පැවැසුවේය.
"පොඩි මහත්තයා, ඒක.. මේ .."
"ඇයි? හාමු මහත්තයා කිව්වද මන් ආවොත් එන්න දෙන්න එපා කියලා? මන් එහෙනම් මෙතැන ඉඳගෙන කියලා යන්නද ?!"
"එහෙම එකක් නැ පොඩි මහත්තයා. මහත්තයා එනවා කියලා කලින් දන්නේ නෑ නේ ඒකයි " ප්‍රේමසිරි ගේට්ටුව විවර කරමින් පැවැසීය.
අනුත් බංගලාව දෙස හොඳින් බැලුවේය. ඔහු මෙයට වෛර කලේය.පිටත පෙනුම කෙතරම් සුන්දර වුණත් ඇතුලේ කොපමන වේදනාවක් සැඟවී තියනවාද යන්න නිවසට කතා කල හැකි වුවා නම් කියනු ඇත.

Soft Zone Kde žijí příběhy. Začni objevovat