යාහ් ජන්කුකා තමුන් තමා කිව්වේ මේ කැලේට එමු කියලා.. ඒ මදිවට මේ දියඇල්ලක් අස්සෙන් එමු කියලා කිව්වෙත් ටවුසෙ තමා... දැන් බලනවකෝ වෙච්චි දේ... යන පාරක් හොයාගන්නත් නෑ....හරි හරි හ්‍යුන්ග් දන්නැද්ද ඉතින් පොඩ්ඩක්
ඇත්තටම ජින් හ්‍යුන්ග් මේ කොහෙද..... අර දියඇල්ලෙන් එද්දි දැනුණේ එකපාරටම මොකක් හරි දෙයක් හරහා ආව වගේ
මං කොහොමද හොබියෝ ඒක දන්නේ...
ඒ...ඒ..හ් හොබි හ්‍යුන්ග් අර බලාම් අර කොල්ලෝ තුන්දෙනා
කෝ කෝ කොහෙද
යකෝ කොල්ලෙක් කිව්වත් ඇති මේකට... යුන්ගි හ්‍යුන්ග් ශුවර්ද මේ ඔයාගේ මල්ලිමයි කියලා...
ඥෑහ්... කාණුවකින් අහුල ගත්තේ ඕකා පොඩි කාලේ ( මේම අහලා තියේද ඔයාලත් 👀👉👈)
හරි හරි යකෝ.. අඩෝ ජන්කුකා බලාම්කෝ අර කොල්ලගෙ ඔලුවේ නරි කන් දෙකක් තියෙනවනේ...
නරි කන් නෙවෙයි යකෝව් ඒ වෘක කන් දෙකක්...
ඈහ්... 🏃 🏃 දුවපාආආආන්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
හ්‍යුන්ග් ඔයාට විශ්වාසයිද අපි මේක කරන්න ඕන කියලා....
ඔව් ටේහ්‍යුන්.. අපි මේක කරන්නම ඕන... අපි ජිමින්ව පරිස්සං කරන්න ඕන වගේම.. එයයි රාජධානියේ අනාගතය... ඒ වගේම එයාගෙ විසි හතරවෙනි උපන්දිනේට කලින් අපි එයාව හරි කෙනාට ම්ම්හු නෑ හරිම දෙන්නට බාරදෙන්න ඕන වගේම එයාලව මෙහෙට එක්කන් එන්න ඕන.... අපේ කුමාරවරුන්ව...
ඒත් නම්ජුන් හ්‍යුන්ග් එයාල අපිට දොරටුව ළඟටම යන්න ඉඩ තියයිද..
කොහෙත්ම නෑ ජිමින් ඒකයි මං කිව්වේ අපි රහස් දොරටුවෙන් යමු කියලා
ටේ ජිමින් ටිකක් ඉන්න
හ්‍යුන්ග් ඇයි
කවුරු හරි ඉන්නවා මේ ළඟ....
(🏃 🏃 දුවපාආආආන්....)
නම්ජුන් හ්‍යුන්ග් ඒ කවුද... එයාල සාමාන්‍ය මිනිස්සු වගේ නේද... ඒත් ඇයි එයාල ඒ කෑගහගෙන දුවන්නේ
එන්න එයාලා යන්නේ රෙඩ් වූල්ෆ් පැක් එකේ අය ආරක්ෂා කරන දොරටුව පැත්තට... ඊට කලින් නතර කරන්න... ටේහ්‍යුන්
හරි හ්‍යුන්ග්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
ඔවුන් පිටත් වෙලාද...
එහෙමයි උතුමාණනි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
ඔවුන් මාළිගාවෙන් පලා ගිහින් උතුමාණනි...
හහ් හහ් හා.. පලා යාමට නොහැකියි ඔවුන්ට... වහාම දොරටුව ආරක්ෂා කිරීමට සෙබලුන් පිටත් කර හරිනු
එහෙමයි
පලා යාමට නොහැකියි ඔබලාට...ඒ වගේම ඔවුන්ව යලි මෙහි කැඳවාගෙන ඒමටද නොහැකියි නුබලාට... මා මෙහි පාලකයා වීම කිසිවෙකුටත් නතර කළ නොහැකියි....
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️අලුත් එකක්... yoonminseok එකක්... ශෝට් චැප්ටර් දෙන්නම් කියලා තමා හිතන්නේ...ඒත් ලියාගෙන යද්දී කතාව දිගට ලියවෙන එක තමා අවුල...
මේක මගේ පළවෙනි yoonminseok ස්ටෝරිය... ඒවගේම මේක තමා මගේ මුල්ම werewolf කතාව... කතාව මොංගල් වගේ වෙයි.. මොකද ඉටිම් ගොඩක් werewolf කතාවල මෙහෙම වෙනම ලෝකෙකට යන සීන් නෑනේ 😐😐😐👉👈
අඩුපාඩු නම් ගොඩක් තියෙයි.. ඒවා ගැනත් අදහසක් කියාගෙන කතාව කියවන්න කැමතිද කියලත් කියාගෙන යම්නතව දෙයක් මේක ff එකක්.... මං මගේ හිතේ මවාගත්ත කතාවක්... ඉතින් මේ කතාවෙන් btsලගෙ චරිත ගැන මනින්න නම් එපා... එයාල හත් දෙනාට කිසිම අපහාසයක් වෙන විදියට මේ කතාව ලියන්න කිසිම අදහසක් නෑ.... ආයෙත් කියන්නේ මේක මගේ imagination එකක් විතරමයි...
ChoiJaehi මේ ලස්සන කවර් එක තැන්ක්‍යූ බබෝ ❤️❤️😍
එහෙනම් පළවෙනි චැප්ටර් එකෙන් මුණ ගැහෙමු...
ලව් යූ රීඩර් බබාලා💜️💜️❤️
SugaMinAD
2020.05.27
YOU ARE READING
Hidden Kingdom || Yoonminseok || || Complete ||
Werewolfරහස් දොරටුවකින් මිනිස් ලොව හා වෙන් වුණ සඳ දෙව්ඳුවගේ ආශිර්වාද ලත් වෘක රාජධානියක්.... ~~💜️~~💜️~~💜️~~💜️~~💜️~~💜️~~💜️ ඔවුන්ව සොයාගන්න... ඔවුන් රාජධානියට අවශ්‍යම මොහොතයි මේ... ඒ වගේම ඔහුව ආරක්ෂා කරන්න... ...