🌿එතුමියට බෑ එයාගේ සහකාරයව එයාගෙන් උදුරගන්න... හරියට එයාගේ ඔම්මා අප්පා හේතුවක් නැතුව එයාගෙන් උදුරගත්ත වගේම...
සෝජුන් කිව්වේ යුන්ගිව බදාගෙන අඬන ජිමින් දිහා බලලා..🌿එයාලා තුන්දෙනා තෝරගත්ත සහකරුවෝ.. එයාලා එයාගේ ආශිර්වාදය හිමි සහකරුවෝ වුණත් එයාට බෑ ආත්ම ගාණක් පතාගෙන එන සහකරුවෝ වෙන් කරන්න...
සෝජුන් ආයෙමත් කිව්වේ අහස දිහා බලන ගමන්... නැත්නම් මුළු කැලෑවටම මේ වෙලාවේ ආලෝකය බෙදන සඳ දෙව්ඳුව දිහා බලලාඑදා සෝජුන් එහෙම කිව්වේ එයා ළඟ හිටපු එයාගේ පරණ යාළුවෝ දෙන්නට... මිස්ටර් මින් & මිස්ටර් ජියෝන්ට
නම්කුක් දෙන්නා එකතු වෙලා ඉක්මනින් යුන්ගිව අරගෙන පැක් හවුස් එකට යද්දී ඩොක්ටර් චෝයිත් ඒත් එක්කම ගියේ යුන්ගිට වෙඩි වැදුණු තුවාලේ ලේ ගලන එක නතර වෙලා තිබුණත් රිදී උණ්ඩය ඇඟෙන් අයින් කරන්න වගේම යුන්ගිගෙ තත්වෙ කොහොමද කියලා දැනගන්න...
එදා යුන්ගි ජීවත් වුණත් සති දෙකක් තිස්සේ යුන්ගි හිටියේ ඇද උඩ සිහියක් නැතුව...
එතකොට හෝසොක්... එයා පුළුවන් තරම් ජිමින්ව මගෑරියා... ජිමින් වැරදි නෑ කියලා දන්නවා වුණත් හෝසොක්ට ජිමින් ඉස්සරහ යන්න ඕන වුණේ නෑ... අඩුම හෝසොක් යුන්ගිව බලන්න ආවෙත් කීප සැරයයි... හේතුව එයා එයා යුන්ගිට එයාගේ හ්‍යුන්ග්ට ආදරේ නැති එක නම් නෙවෙයි... හේතුව තමා මේ සති දෙකම ජිමින් යුන්ගි ළඟින් හෙලවුණේවත් නැති එක... එයාට ජිමින්ට මුහුණ දෙන්න බෑ කියලා හිතුණ නිසයි..
හෝසොක් එයාගේ අප්පව හම්බවෙලා කෙලින්ම ආවේ යුන්ගිගෙ රූම් එකට මොකද ජින් එයාට එන්න කියලා තිබ්බ නිසා
🦄ජින් හ්‍යුන්ග්
🐷හොබී
🦄එන්න කිව්වේ මට
🐷යුන්ගි ළඟින් ඉන්න අද..
🦄ජිමින් කෝ
හෝසොක් ඇහුවේ මෙච්චර දවස් කාටවත් යුන්ගි ළඟට යන්න නොදී තහනම් කරපු එයාගේ මුරණ්ඩු ඔමේගා ගැන🐷එයාට රෙස්ට් කරන්න කිව්වා හොබී.. මට බයයි යුන්ගි නැගිටිද්දි ජිමින් අසනීප වෙලා ඉදීවී කියලා

YOU ARE READING
Hidden Kingdom || Yoonminseok || || Complete ||
Lupi mannariරහස් දොරටුවකින් මිනිස් ලොව හා වෙන් වුණ සඳ දෙව්ඳුවගේ ආශිර්වාද ලත් වෘක රාජධානියක්.... ~~💜️~~💜️~~💜️~~💜️~~💜️~~💜️~~💜️ ඔවුන්ව සොයාගන්න... ඔවුන් රාජධානියට අවශ්‍යම මොහොතයි මේ... ඒ වගේම ඔහුව ආරක්ෂා කරන්න... ...