🐣ආව් මගේ ඔලුව... මොකක්ද මට වුණේ...
ජිමින් හෙමීට ඇස් අරින ගමන් වටපිටාවේ තිබුණ අඳුරට ඇස් හුරු කරගත්තේ එකපාරටම ඉන්නේ කොහෙද කියලවත් හිතාගන්න බැරුව🐣ආඅහ් මගේ අත්...
ජිමින් දැඟලුවත් එයාට දැනුණා එයාව පුටුවකට තියලා ගැටගහලා කියලා... ඒ අතරින් රිදී දම්වැලකිනුත් එයාගේ අත් ගැටගහලා කියලා ජිමින්ට තේරුණේ එයාගේ අත් දෙකම පිච්චිලා යනවා වගේ වේදනාවක් දැනෙද්දී..🐣මං මේ කොහෙද ඉන්නේ...
ජිමින් වේදනාව ගැන නොහිතා ඉන්නේ කොහෙද කියලා අදහසක් ගන්න වටපිට බැලුවත් කිසිම දෙයක් පෙනුණේ නෑ...මොකක්ද මට වුණේ...
ඒත් එක්කම ජිමින්ට මතක් වුණේ එයාලා යුනිවර්සිටි ඉවර වෙලා එද්දි ටේහ්‍යුන්ටත් හෙමීට එන්න කියලා එයා වොශ් රූම් එකට දිව්ව කියලත්, වොශ් රූම් එකේදි කවුරු හරි තමන්ගේ පිටිපස්සේ ඉඳලා සිහිය නැති වෙන්න මූණට මොනා හරි ඇල්ලුවා කියලත් විතරයි..🐣මං මේ කොහෙද ඉන්නේ... කවුද මාව මෙහෙම අරන් ආවේ...
බැරිවෙලාවත් ම්.....👹️ඉතින් ජිමින්.. කොහොමද ඔයාට... හොඳින් ඉන්නවා නේද....
ජිමින්ට තවත් මුකුත් හිතන්න වුණේ නෑ... ඒ එයා ඉස්සරහට ආව කෙනා නිසා..👹️ගොඩක් කාලෙකින් ජිමින්..... සමාවෙන්න පරක්කු වුණාට.... මට ඔයාව හොයාගන්න ටිකක් පරක්කු වුණා.. වගේම එයාලා එන්න කලින් මගේ වැඩේ ඉවර කරගන්න බැරි වුණා... හැබැයි දැන් මං ළඟ ඊට වඩා ලස්සන ප්ලෑන් එකක් තියෙනවා... බලමු ඔයාගෙ මේට්ලා එයිද කියලා.... ඔයාව බේරගන්න.... ඒ වගේම අරයගේ මේටුත්..
ඒ කෙනා එහෙම කියලා එයාලා හිටපු තැනට ටිකක් එහායින් ඉන්න කෙනෙක්ව ජිමින්ට පෙන්නුවේ ජිමින්ගේ මුළු හිතම බයෙන් පුරවලා... ඒ හිටියේ🐣ටේ ටේ
ඔව් ඒ හිටියේ ටේහ්‍යුන්... රිදී දම්වැල්වලින් ගැට ගහලා.... ජිමින්ට ටේහ්‍යුන් ගැන බය හිතුණා... මොකද ටේහ්‍යුන් තාමත් ගොඩක් දුර්වලයි... රිදී නිසා තවත් දුර්වල වෙලා කියලා ටේහ්‍යුන් දැක්ක ගමන් ජිමින්ට තේරුණා...
තමන්ට ඒ වේදනාව ටිකක් හරි දරාගන්න පුළුවන් එයාගේ වූල්ෆ් නිසා කියලා ජිමින් දන්නවා.. ඒත් ටේහ්‍යුන් එයාට තාමත් එයාගේ වූල්ෆ් බලය ලැබිලා නෑ...ඉතින් ඒක නිසාම ටේහ්‍යුන් ගොඩක් දුර්වලයි වගේම එයාගේ ජීවිතේ ගැන ජිමින්ගේ හිතට දැනුණේ බයක්..
YOU ARE READING
Hidden Kingdom || Yoonminseok || || Complete ||
Hombres Loboරහස් දොරටුවකින් මිනිස් ලොව හා වෙන් වුණ සඳ දෙව්ඳුවගේ ආශිර්වාද ලත් වෘක රාජධානියක්.... ~~💜️~~💜️~~💜️~~💜️~~💜️~~💜️~~💜️ ඔවුන්ව සොයාගන්න... ඔවුන් රාජධානියට අවශ්‍යම මොහොතයි මේ... ඒ වගේම ඔහුව ආරක්ෂා කරන්න... ...