Chapter 08

735 127 7
                                        


තවත් දවස් දෙකක් ගෙවිලා ගියේ යුන්ගි හෝසොක් ජන්කුක් තුන්දෙනාම ගේ අස්සෙම හිර කරලා...
එතකොට ජින් එයත් ගෙදර තමා... මොකද කලින් දවසේ එයා යුනිවර්සිටි එකට ගියාට පස්සේ අනික් තුන්දෙනා ගෙදරින් පනින්න ගිහින් තිබ්බා...

🦄හ්‍යුන්ග් අපි ටිකක් එළියට ගිහින් එමුකෝ... තනියම යවන්න බෑ වගේ නම් ජියෝන් අන්කල්ට කියමු ගාඩ්ලට එන්න කියන්න කියලා
හොබී ජින්ට කිව්වේ ජින් මුකුත් නොකියා ඉද්දි...

🐰හ්‍යුන්ග් හොබී හ්‍යුන්ග් කිව්වා වගේ අප්පට කියමුකෝ ගාඩ්ලා එවන්න කියලා....

🐷හොබී මං කිව්වා තව දවස් හතරක් ඉවසනවා.. ඊට පස්සේ ඕන දිහාක යනවා... තමුන් දෙන්නගේ හොඳටමයි දෙයියනේ මං මේ දේවල් කරන්නේ... තේරුම් ගන්නවා... එතකොට ජන්කුක් තමුන්....
ආයිශ් මට තේරෙන්නේ නෑ තමුසෙලා එක්ක...
ජින් ඔලුවත් අල්ලගෙන සෝෆා එකට වැටුණේ එයාගෙ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලා නිසා.. 
ජින් මේ දවස්වල මහන්සි වුණේම යුන්ගි හෝසොක් දෙන්නව පුළුවන් තරම් පරිස්සං කරන්න.. මොකද මේ වෙනකොටත් එයාලා ඉන්නේ ඩේගුවල කියලා මාකස්ගේ කට්ටිය දැනගෙන... ඉතින් තව දවස් හතරක් යනකම් දෙන්නව පරිස්සං කරන්න ඕන... ජින් ඉන්නේ ලොකු stress එකක... මොකද පොඩි දෙයක් ඇති එයාලගෙ මුළු පැක් එකම විනාශ වෙලා යන්න... එසේ මෙසේ බරක් නෙවෙයි මේ දවස්වල එයාගේ ඔලුවේ තියෙන්නේ....

🐰ස්..සොරි හ්‍යුන්ග්...
ජන්කුක් කිව්වේ ජින්ගේ තත්වේ එයාට තේරුණ නිසා....

🐷හ්ම්ම්ම්ම්ම්

🐷ජන්කුක් නම්ජුන්ට කෝල් කරලා බලන්න...

🐰හරි හ්‍යුන්ග්

🐷යුන්ගි හොබී

🦄🐱හ්‍යුන්ග්

🐷අහන්න මං දන්නවා ඔයාලා ගේ අස්සෙ හිර වෙලා ඉන්න කැමති නෑ කියලා... ඒත් ප්ලීස් මේ ටිකේ ඉවසන්න... හැමදේම හරි යනකන්...

🦄හ්‍යුන්ග් මොකක්ද ප්‍රශ්නේ... ඇයි ඔයාට බැරි අපිට කියන්න... එතකොට අපිට අඩු ගානේ මොකක්ද වෙන්නේ කියලා අයිඩියා එකක් හරි තියෙනවා නේද හ්‍යුන්ග්
හොබී කිව්වේ ජින් දිහා හොඳට බලාගෙන... එයාලට දැනුණා ජින් ඉන්නේ හොඳින් නෙවෙයි නිසා...

Hidden Kingdom || Yoonminseok || || Complete ||Where stories live. Discover now