ද්වී Episode 02

863 118 1
                                    

   සාම්ප්‍රදායික විය යුතු,             

         සාම්ප්‍රදායික විය නොහැකි තරුණයෙක්...


 අද සෙනසුරාදා කියල වෙනද වගේ කිසිම සතුටක් නැහැ. හිත බරයි. උදේ නැගිටලා phone එක අරන් බැලුවේ තනුරගෙන් මොකක්ම හරි msg එකක් ඇති කියල හිතාගෙන. ඒත් කිසිම msg එකක් තියා යැව්ව msg එක deliver වෙලාවත් නැහැ. හිතට දුකයි. ඒත් ඒවාට හේතුව මමමද? මට තේරෙන්නේ නැහැ. දෙලොවක් අතර අතරමන් වෙලා...

හිතත් හරි නැති හින්ද මන් අද කොහෙවත් ගියේ නැහැ. පොතක් කියවන්නත් කම්මැලි. ඉතින් office එකේ ඉතුරු වැඩ ටිකම කරනවා කියල හිතාගෙන වැඩ පටන් ගත්තට වැඩ කරගන්නම බැහැ. මම ඔහේ කල්පනා කර කර ඉන්නවා. පොඩ්ඩ එක්ක තරහ වෙලා සති දෙකක් හිටියත් මෙච්චර මට අමාරු උනේ නැහැ. මේ සති දෙකට රෑට හැමදාම වගේ මල්ලිගේ මතක එක්ක ඔට්ටු උන බව ඇත්ත. ඒත් ඒ කොච්චර උනත් හිත දැනගෙන හිටිය ආයේ ඉක්මනටම අපේ රණ්ඩුව ඉවර වෙනවා කියල. ඒත් දැන්.... මට නොතේරෙන ලොකු පාලුවක්, තනිකමක් මාව පුච්චනවා වගේ මට දැනෙන්නේ....

මගේ මොනවම හරි දෙයක් ගන්න වෙන්න ඇති මම මගේ locker එක ඇරියේ. ඒත් මට හම්බුන දේ එක්ක මන් ආයේ පොඩ්ඩක් ඒ දේ එක්ක මගේ අතීතේ අතරමන් උනා කිව්වොත් හරි. ඒ තනුර මට අපේ 1st anniversary එකට දුන්න තෑග්ග. එයාගේ ආදර කතාව. ඒ කිව්වේ අපි ආදරේ කරන්න කලින් එයා මට හිතින් ආදරේ කරන විදිය ලියපු ඒ පොත.. අදටත් ඒකට මන් හරි ආසයි, ආදරෙයි. සතුට, දුක, ලැබීම, නොලැබීම ඒ හැමදේම ලස්සන film එකක් වගේ මගේ පොඩි එකා ඒකෙ ලියලා...

..........................................................................

... එකමත් එක කාලෙක ...


"අයියේ.."

"ඕ.........." 

මම එහෙම කියාගෙන වට පිටේ කට්ටිය ඉන්නවදත් බලල පොඩි එකෙක් වගේ ගිහින් තනුරගේ ඇඟේ එල්ලුනා. හරිය නිකන් මම මල්ලි, තනුර අයියා වගේ..

"අද... මතකද?.."

අද මම මගේ මල්ලිව මට ඕනේ කියල හරියටම අවුරුද්දක් වෙනවා. සතුට, දුක, ආදරය, වෛරය, රාගය, වෙන් වීම්, යලි එක වීම් වගේ ආදරයක් ලස්සන වෙන්න ඕනේ ඔක්කොම හැගීම් එක්ක අපේ ආදරේ ගලාගෙන යන්න පටන් අරන්. බය, වෙන් වෙන්න තියෙන ඉඩ වැඩි උනත් අපි දෙන්නම මේ මොහොතේ ජිවිතේ සතුටින් ඉන්න උත්සහ කරන හින්ද ඇත්තටම ජිවත් වෙනවා කියල දැනෙනවා..

ද්වී...Where stories live. Discover now