සාම්ප්රදායික විය යුතු,
සාම්ප්රදායික විය නොහැකි තරුණයෙක්...
"තනුර....."
මන් උදේ නැගිටිද්දී දැනුනා තනුර මාව බලන්න ඇවිල්ල කියල. ඔව් තනුර ඇවිල්ල. මටයි අප්පච්චිටයි දෙන්නටම කන්නත් අරන් ඇවිල්ල මන් හිතන්නේ. ලොකු මල්ලක් නුත් එතන තිබ්බ. මම කොහොමත් තනුර ලඟට යන්න ඕනේ උනාට මට ඇඳෙන් නැගිටින්න බැහැනේ. ඉතින් තනුර මගේ ලඟට ආව.
"දැන් හොදයිද?..."
"ඔයා ඉන්නවා.. අනේ තනුර ඔයා ඉන්නවා... උබට කිසිම කරදරයක් නැහැ නේ..."
"ඔව් mr. කළණ මට කිසිම කරදරයක් උනේ නැහැ.. ඇයි එහෙම අමුතු විදියට ඇහුවේ?..."
"නැහැ නැහැ.... මට අමුතු බයක් දැනිල හිටියේ.."
මම ඒ දැකල තියෙන්නේ තනිකරම හීනයක් කියල දැනගන්නකම් මට ඊයේ ඉදන් හරි නිවනක් තිබ්බේ නැහැ. ඇත්තටම දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ..
"sir එහෙනං ඉක්මනට සනීප වෙලා office යන්න.... get well soon sir.."
තනුර එහෙම කියල හිනා වෙලා අප්පච්චිටත් කියල යන්න ගියා. කොහොමත් තනුර office යන්න බලාගෙන එහෙම්මම තමා ඇවිල්ල තියෙන්නේ. මට ඇත්තටම දැන් නං ටිකක් හිතට සතුටුයි. මේ අහිංසකයට කිසම කරදරයක් නැහැ නේ. ඒ ඇති. ඒ අස්සේ අප්පච්චි තනුර ගිය වෙලේ ඉදන් මොනවද files වගයක් නුත් දිග ඇරගෙන ගොඩක් වෙලාවක ඉදන් වැඩක්....
"මොකක්ද අප්පච්චි වැඩේ?..."
"මේ office එකේ එකක්. මන් මේ මගේ employeesල ටිකක් UK වලට transfer කරන්න කියල. කොහොමත් එයාලම apply කරපුවානේ... දැන් ඉතින් කොහොමත් අතින් වියදන් කරවලත් කට්ටියව යවන්න වෙනවනේ ගෙදර ඉන්න එකාගේ වැඩ හින්ද..."
"ම්ම්ම්..... sorry අප්පච්චි...ආ... මාත් support එකක් දෙන්නද කම්මැලි..."
"ඕනේ නැහැ. ඉස්සෙල්ල සනීප වෙලා ඉන්න.."
"අප්පච්චි.... අර අකලංක ගෙනාව bag එකේ කෑම වගයක්ද?.."
"මෙච්චර පිස්සු නටලත් පෙරේතකම නං අඩුවෙලා නැහැ නේ..."
අප්පච්චි හිනා වේවි ඒක කිව්වට අප්පච්චිගේ මුනේ නං තිබ්බේ මන් ඒක අහපු එක ගැන තරහක් වගේ පෙනුමක්. කොහොමත් අප්පච්චිට තරහ ඇති මාත් එක්ක. මගේ ජරා වැඩ හින්ද.. ඒත් ටිකකින් අප්පච්චිම කතා කරා..
STAI LEGGENDO
ද්වී...
Storie d'amoreආදරේට ආදරෙන් ජිවත් වෙන්න අහිංසක කොල්ලෙක්ගෙයි, ඒ ආදරේට වශී උනත්, ජිවිතේ හරි තීරණයක් නැති කම හින්ද අසරණ වෙච්ච කොල්ලෙක්ගෙයි ජිවිත කතාවක්... සාම්ප්රදායික විය යුතු, සාම්ප්රදායික විය නොහැකි ඔහුගේ කතාව... ද්වී...