ද්වී Episode 06

515 88 3
                                    

සාම්ප්‍රදායික විය යුතු,

                          සාම්ප්‍රදායික විය නොහැකි තරුණයෙක්...


ඊයේ දවස ගොඩක් busy උන හින්ද මම අද නිවාඩුවක් දැම්ම. ඇත්තටම මට ඕනේ උනේ පුලවන් තරම් busy වෙන්න. ඒකෙන් මට එන සමහර දේවල් පාලනය කරගන්න පුළුවන් උනාට එච්චර මහන්සියක් දැන් ගතට ඉවසගන්න බැහැ.

"අප්පච්චි, අද කොහොමද දවසේ schedules එහෙම...."

"විශේෂයක් නැහැ පුතා.. ඇයි?.. ඔයාගේ මොනවා හරි තියෙනවද?.."

"එහෙමට නැහැ අප්පච්චි.. අද පොඩි නිවාඩුවක් දැම්ම... "

"ආ.. එහෙනං මාත් එක්ක පොඩ්ඩක් පන්සල පැත්තේ ගිහින් එමු. මන් පෙරේරාට එන්න කිව්වා. මොකෝ කියන්නේ ඔයා එනවා නං මන් පෙරේරාට එන්න එපා කියනවා.."

"හරි අප්පච්චි යමු එහෙනං.."

ඇත්තටම ගොඩ කාලෙකින් පන්සල් යන්නත් බැරි උන හින්ද මම අප්පච්චි එක්ක යන්න එකඟ උනේ කොහොමත් පන්සලේදී මට ලොකු සැනසීමක් දැනෙනවා. ඉතින් ආවේ බෙල්ලන්විල පන්සට. අප්පච්චි වාහනේටත් නැගල බෙල්ලන්විල යන්නේ කිව්වම නං බැහැ කියන්නත් හිතුන. එත් ආයේ අප්පච්චිව රස්තියාදු කරන්නත් බැහැනේ හැබැයි..

"මොකද පුතා.. නිකන් කලින් ඇවිල්ල නැති තැනක් වගේ?.."

"ආ.. නැහැ අප්පච්චි..."

"එහෙනං මොකෝ නිකන් බය වෙලා අඩන්න වගේ..."

"නැහැ.............."

"නැත්තේ නැහැ අප්පච්චි.."

කියල කියන්න ඕනේ උනාට මට ඒක එහෙම කියන්න බැහැ. තනුරගෙයි මගෙයි මතක ගොඩාක් තියෙන තැනක්. මන් කටක් ඇරලා කියන්නද "මේ තැන තමා මගේ ආදරේ ප්‍රථම හමුව උන තැන" කියල..

............................................................................................

..... අවුරුදු හයකට පෙර සුන්දර දවසක්....


"එන්න මහත්තයා.. අදත් සුදු ඕලුනේ?..."

"ඔව් ඔව්.."

සතියක් පුරා පිස්සෙක් වගේ එහෙට දුවල මෙහෙට දුවල office එකේ වැඩයි, ඉගෙන ගන්න වැඩයි එක්ක හිර උනාම හිතට ඕනෙම කරන නිදහස මට ලැබෙන්නේ බෙල්ලන්විල පන්සලට ආවම. හැමදාම එකම තැනකින් සුදු ඕලුම අරන් දැන් මේ මිනිස්සුන්ටත් මාව හොඳට මතකයි.

ද්වී...Where stories live. Discover now