ද්වී Episode 03

643 99 1
                                    

   සාම්ප්‍රදායික විය යුතු,          

        සාම්ප්‍රදායික විය නොහැකි තරුණයෙක්...


"Hello "

"තාම නිදිද?... දැන් 11යි වෙලාව.."

"මොකක්.."

 කටහඬ අඳුර ගත්තට මට sure නැති හින්ද මම ආයේ phone එකේ වැටිලා තියෙන නම බැලුව. නිදිමරගාතේ answer කරපු හින්ද answer කරන්න කලින් නම බැලුවේ නෑ. අනික ඊයේ නිදාගත්තා වෙලාවක් මටවත් මතක නැහැ.

"මම තනුර.. ඉක්මනට නැගිටලා, මූණ හෝදගෙන, කාල, හෙට meeting එකට ඕනේ ඒවා ලෑස්ති කරගන්න. පෞද්ගලික ජිවිතේ හින්ද ඒ දේවල් නං නැති කරගන්න එපා..''

"හරි ත........" 

මට මුකුත් කියන්න උනේ නැහැ. call එක cut උනා. මොනවා කරන්නද... මට වඩා තනුරට රිදෙනවා ඇති. අනික මට ආයේ phone එකක් ගන්නකන් දැන් WhatsApp නුත් නැහැ නේ. msg දාල, මම නැති හින්ද call කරන්න ඇති. පව්...

කොච්චර උනත් මම ගැනම හිතන එහෙම හිතකට මන් නොදැනුවත්ව හරි කොච්චර ලොකු වේදනාවාක් දීලද කියල මට දැනෙද්දී පිච්චෙනවා වගේ.

'මේ පොඩි එකා මන් නටපු හැම නාඩගමක්ම දන්නවා නං....' මට එහෙම හිතිලා ඇඟ ඇතුලෙන් කරන්ට් එකක් ගියා වගේ දැනුනා...

තනුර ඉස්සර ඉඳන්ම ඔහොමයි. මම කොච්චර සැලකිලිමත්ද කියනවා නං තනුර මගේ ජීවිතේට එනකන් හරියට වෙලාවට office ආව දවසක්වත් තිබ්බද කියල මට මතක නැහැ. ඒ තරම් පිළිවෙලයි.. අපි දෙන්න කොච්චර ලස්සනට ජිවත් උනාද කියල එකින් එක මට මතක් වෙද්දී මම මේච්චර කාලයක් කරපු වැරදි වල බරපතලකම වැඩියෙනුත් එක්ක මට දැනෙන්න ගන්නවා.. අපි දෙන්නගේ මුල්ම, ලොකුම හොර ගමන.. මතක් වෙද්දීත් හරිම අමුතුම සතුටක් දැනෙනවා. ඇත්තම කිව්වොත් අපි දෙන්න එච්චර පිස්සු වැඩ කරාද කියල බයත් හිතෙනවා..

..........................................................................

... සුන්දර දවසක ...


"සුදු.. ඔයා ඇවිල්ලද ඉන්නේ?.."

"ඕ... මම දැන් මේ ආවේ.. departure එකට එන්න හොඳේ... අම්ම දන්නේ නැහැ ඔයා ඉන්නවා කියල.. "

ද්වී...Tempat cerita menjadi hidup. Temukan sekarang