ද්වී Episode 09

560 85 3
                                    

සාම්ප්‍රදායික විය යුතු,

                     සාම්ප්‍රදායික විය නොහැකි තරුණයෙක්...


"තනුර මොකෝ වෙන්නේ..."

"ඉන්නවා සුදූ... එන්න අපි කන්න හදමු.."

"හා හා යමු.. මේ ඔයාගේ මාළු ඇඹුල් තියල් එකයි, පොල් සම්බෝලයි, පපඩම් නුයි බතුයි ඕනේ..."

ඇත්තටම තනුර ඒ තුන එක්ක රතු බත් හැදුවම මාරම රසයි. මන් පුදුම ආසයි. මොනවා උනත් කොයි කෑම උනත් තනුරට හරි රසට හදන්න පුළුවන්. එක්කෝ ඒ කෑම වලට ආදරේ කියන දේත් දාන හින්ද වෙන්න ඇති එච්චර රස. කට්ටිය කියනවනේ අම්ම හදන කෑමත් එහෙමයි කියල. සමහර ඒත් මේ රස වෙන්න ඇති.

"අනේ හාකෝ... වෙන වැඩ නැහැ නේ.."

"අනේ...... අනේ...."

මගේ බලකිරිල්ල එක්ක තනූ කොහොමහරි මන් කිව්ව ටිකම පැයක් යන්නත් කලින් හදල දුන්න. අම්මෝ ඒවායේ පාටවල්. හරිම රස පාටයි. ලෝභ නැතුව පහේ දාල හදපු කෑම. දැක්කත් ඇති.

"මොකක් මාළු එක මෙච්චර ඉක්මනට.."

"මේ කනවා නං කාපිය.."

තනුරත් වෙලාවකට හරියට ලෝකේ ඉන්න නපුරුම මිනිහා වගේ. එහෙමත් කියල මට බෙදල දුන්න බත් එකම අනල පලවෙනි කට එයාම කෑවා..

"අනේ... තනූ... මගේ කෑම එකම කාපිය.. බල්හා..."

තනුර කිසි සද්දයක් නැතුව ඉදල දෙවෙනි කටත් අනල මට දික් කරා. මමත් පොඩි එකෙක් වගේ ආසාවෙන් කට ඇරලා කෑවා.. ඇත්තටම හරිම රසයි. මමයි තනුරයි කාල ඉවර වෙලා කෙලින්ම ගියේ wash එකක් දාගන්න. අපි ඉතින් wash එකක් නුත් දාගෙන ඇවිල්ල ඇදට පැන්නේ දෙන්නම බදාගෙන. දැන් නං towels දෙකත් කැලේ.. අපි දෙන්න උපන් ඇදුමෙන්මද කොහේ..

"තනූ.... මට සමාව දෙනවද?...."

"ඒ මොකටද අයියේ..."

"මම කරපු ඔක්කොම නරක වැඩ වලට..."

මම එහෙම කියල ඇස් දෙක පියා ගත්තා.. මම ඔහේ කියවන්න ඇති. මම ආයේ ඇස් ඇරියම අපි දෙන්න හිටියේ ලස්සන තණකොළ පිට්ටනියක. තනූ මගේ උරහිසට ඔලුව තියාගෙන නිදි. ලස්සනට ඉර පායලා, මල් පිපිලා, අහස නිල් පාටට හැඩ වෙලා, සුදු වලාකුළු ඒ අහස තවත් ලස්සන කරලා.... මුලු පාලතටම ඉන්නේ අපි දෙන්න විතරයි..

ද්වී...Where stories live. Discover now