ද්වී Episode 13

558 84 5
                                    

සාම්ප්‍රදායික විය යුතු,

                    සාම්ප්‍රදායික විය නොහැකි තරුණයෙක්...


"තනුර... දැන් උබ ආයේ මගේ වෙන්න ලෑස්ති වෙයන්....."

මම airport එකෙන් එලියට එද්දිම මහා අමුතුම ආසාවක් එක්ක මිශ්‍ර වුනු තරහවක් වගේ හැගීමක් එක්ක මිමිණුවේ ඇයි මන්ද.. එක්කෝ හිතේ තියෙන අසීමිත ආදරේ හින්ද වෙන්න ඇති.

"මොකක්...."

"ආ.. ආ.. නැහැ නැහැ බන්..."

මන් කිව්ව එක දෙවිඳුට ඇහිලා.. දැන් ඉතින් ඉදල ඉවරයි. මොකද මුන්ට හොඳම යාලුවා කිව්වට, තනිකරම පාප මිතුරෝනේ...

"උබව දැන් නං අංගොඩම තමා යවන්න වෙන්නේ.."

"අනේ පලයන් බන් යන්න..."

එහෙම්මම අපි දෙන්න අපේ accommodation එකට ඇවිල්ල ටිකක් rest කරා. අපි ආවේ මෙහෙ වේලාවෙන් උදේ 4ට වගේ හින්ද ටිකක් නින්ද ගිහින්. දැන් නං හවස 3ටත් කිට්ටුයි. පට්ට බඩගිනියිත්. ඒත් ඒ ඔක්කොම ගින්නවල් කැලේ. මොකද මට තියෙන්නේ තනුරගේ කතා කරන ඇස් දෙක බලාගන්න ඕනේ ගින්නක් නේ...

"ඕයි... කළණයෝ............. බුරුව.... තෝ ඇහැරාලද හිටියේ... බඩගිනි නැද්ද?.... යමන්ද hotel එකක් පැත්තේ..."

"හා හා.. යමන්.. උබත් එහෙනං ඇදුමක් දාගෙන වරෙන්..."

මමත් නැගිටලා දෙවිඳුටත් එහෙම කියාගෙන washroom එකට රිංග ගත්තා... shower එකෙන් වැටෙන උණු වතුර ටිකට ඔලුව අල්ලාගෙන ඔහේ හිටිය වගේ මතකයි.

"ඕයි.... උබ දියවෙයි.. ඉක්මනට වරෙන්... මට බඩගිනියි මනුස්සයෝ..."

දෙවිඳුගේ අදෝනාවට තමා ආයේ පියවි සිහියට ආවේ. ටක් ගාල සබන් ටිකක් ගාගෙන ඇග හෝදලා, ඇදුමක් දාගෙන අවේ නැත්තන් මට මුළු ජාතියම මතක් කරගෙන කතාවක් අහන්න තමා වෙන්නේ. අපි හිමින් සීරුවේ වැඩි සෙනග නැති restaurant එකක නවත්තල පුංචි දෙයක් හරි කන්න බලන්න ගියේ. හැමතැනම වගේ lunch ඉවරයි. යාන්තන් තැනක තිබ්බේ... අපි දෙන්න ඉතින් වල් පල් නුත් කියව කියව පිස්සෝ දෙන්නෙක් වගේ කෑවා..

"මේ බන් දැන්වත් තාත්තට කියපන් බන්..."

"ඕනේ නැහැ බන්.. අප්පච්චි මොනවා කරයිද දන්නේ නැහැ..."

ද්වී...Onde histórias criam vida. Descubra agora