සාම්ප්රදායික විය යුතු,
සාම්ප්රදායික විය නොහැකි තරුණයෙක්...
"පුතා ඊයේ මොන යකෙක්ද වැහුනේ ආ...""නැහැ අප්පච්චි.. මට දෙහි එකක් එවන්න කියනවද ශ්රියා අම්මට.."
ඊයේ රෑ මන් හිතන්නේ මම බෝතල් තුන හතරක්ම සප්යපාන් වෙලා වගේ. ඔලුව පැල්ලෙන්න වගේ කැක්කුමයි. ඊට වඩා පපුප පැලෙන්න තරම් වේදවක් තියාගෙන ඉන්නේ. උදේ නැගිට්ට ගමන් අප්පච්චි ඇඟට ගොඩ උනත් කිසිම ගානක් මට තිබ්බේ නැහැ.
"බලනවා ළමයෝ.. මොන යකෙක් වැහිලද මේ ටිකේ... අනික office එකටත් ආයේ මට යන්න වෙනවා වගේ.."
"නැහැ අප්පච්චි ටිකක් ඉන්නකෝ.. මම ඒවට මුකුත් වෙන්න දෙන්නේ නැහැ.. please... "
අප්පච්චි මට බනින්න ඇති. මමත් ඒවාට ඔහේ උත්තර දෙන්න ඇති. ඒත් මගේ හිත තිබ්බේ තනුර ලඟද නැත්තන් නිමාශිගේ බඩේ ඉන්න මගේ දරුවා ගැනද කියල මටවත් තේරුම් ගන්න බැහැ.
මම ඔහේ ඇදුමක් දාගෙන car එකට නැග්ග කියල විතරයි මට මතක. මම කොහේ ඉදන් කොහෙට ආවද, කොහොමද ආවේ කියලත් මතක නැහැ. තනිකරම පිස්සෙක් වගේ. මම ආවේ තනුරගේ ගෙදරට. මම දොරට තට්ටු කරේවත් නැහැ. මම කෙලින්ම ගියේ සාලේ විදුරු ජනේලේ ළඟට... අනේ මන්ද මම ගිහින් බලද්දී තනුර සාලේ පුටුවේ නිදි. මට ගොඩක් දුක හිතුන. මම ආපහු හැරිලා යන්න ගියත් ආයේ මට කකුල් පන නැහැ වගේ දැනුන හින්ද යාන්තන් දොරේ handle එක ඇල්ලුව ටිකට දොර ඇරුනා...
"මේ ළමයා දොර lock කරන්නේවත් නැතුවද තනියම නිදාගෙන ඉන්නේ.."
මම මගෙන්ම ප්රශ්න කරගෙන තනුර ලඟට ගියා.. අපේ පලවෙනි anniversary එක දවසේ මට දුන්න ජාතියම පොතක්, ගුලි කරපු, ඉරපු කොළ කෑලි වගයක්, ඒ වගේම අපි දෙන්නගේ photos මුළු ගේ පුරාම.. මන් මේ ලෝකේ දැක්ක පිළිවෙලව මනුස්සයාගේ ගෙදර දැන් පිස්සන්කොටුවක් වගේ.. මම ඒ බිම තිබ්බ එක කොලයක් අරන් කියවන්න ගත්තා..
*** හවසට ඔයා වැඩ ඇරිලා ආවම, තේ දෙකක් නුත් හදාගෙන බැල්කනියට වෙලා ඈත අහසේ තියෙන තරු, පොළොවේ තියෙන ගස්, පාරේ යන වාහන, මිනිස්සු දිහා බලාගෙන ගිමන් හරින්න මන් ගොඩක් ආසයි. මොකද මගේ සැනසීම අයියා හින්ද.
ඒ ගමන් ජිවිතේ ගැන හිතන්න, ආදරේ කරන්න, ඔය පපුවට ගුලි වෙලා ඉන්න මන් ඊටත් වඩා ආසයි අයියේ. මොකද මට මේ ලෝකේ ගොඩක්ම ලොකු ආරක්ෂාවක් ඔය පපුව ලඟදි දැනෙනවා කියල හිතෙන හින්ද.
ඔයාගේ ඔය හිතේ ආදරේ, හිතේ තියෙන ලස්සනෙන් මන් පැය 24ම නිවෙනවා වගේම, ඔය කඩවසම් මහා පව්රක් වගේ මාව ආරක්ෂා කරන ශරීරයේ පහසත්, අපි අපේ තේ කෝප්පේ රසය එක්ක විදිමු. ඉඳල හිටලා හවස් යාමේ අපි අපේ වෙමු. ආදරේ සුන්දයි එහෙම වෙද්දී. මන් හරි ආසයි අයියේ එහෙම.
ආදරේ විදින ගමන්, අනාගතේ ගැන කතා කරන ගමන්, අපි හදාගත්ත තේ එකේ රස මැකීගෙන යද්දී ඔයාගේ ඔය තොල් වල රස බලන්න, තනපුඩු වල රස බලන්න ආසයි. මොකද මේ ලෝකේ වැඩියෙන්ම රසපහසක් මට දැනෙන්නේ අයියා ළඟ හින්ද.
ඒ දේවල් වල රස බලන ගමන් හැම සීමවක්ම ඉක්මවල අපි අපේම වෙන්න, සීමා විරහිතව ආදරේ විදින්න, ඔයාටත් මගේ අයිතිය දෙන්න හරි ආසයි අයියේ. මොකද මටත් අයියව මගේම විතරක් වෙන හින්ද.***
YOU ARE READING
ද්වී...
Romanceආදරේට ආදරෙන් ජිවත් වෙන්න අහිංසක කොල්ලෙක්ගෙයි, ඒ ආදරේට වශී උනත්, ජිවිතේ හරි තීරණයක් නැති කම හින්ද අසරණ වෙච්ච කොල්ලෙක්ගෙයි ජිවිත කතාවක්... සාම්ප්රදායික විය යුතු, සාම්ප්රදායික විය නොහැකි ඔහුගේ කතාව... ද්වී...