ද්වී Episode 05

545 90 5
                                    

   සාම්ප්‍රදායික විය යුතු,

                 සාම්ප්‍රදායික විය නොහැකි තරුණයෙක්...


"පුතා.. පුතා... මොකෝ මේ.. රෑට කන්නේ නැද්ද?... පුතා..."

"ආ.. ආ.. ම්ම්.. අප්පච්චි එක්කෝ අද මට කන්න බැහැ. ශ්‍රියා අම්මට කියන්න කුස්සිය අස් කරලා දාන්න කියල.."

"ම්ම්... එහෙමත් එකක්ද?.. මොකෝ මේ?.. දවස් දෙක තුනක ඉදන්ම මූණ එල්ලගෙන.."

"එහෙම එකක් නැහැ අප්පච්චි. අද ටිකක් ඇඟට හරි නැහැ වගේ.."

"එහෙමද.... ඇඟටද නැත්තනං හිතටද?.."

අප්පච්චි එහෙම කියාගෙන මගේ කාමරේ දොරත් වහගෙන යන්න ගියා. කොහොමත් අප්පච්චි ඉස්සර ඉඳන්ම වැඩිය ප්‍රශ්න කරන්න එන්නේ නැහැ. මම වැඩිය කතා කරන්නෙත් නැහැ. ඒ ඇයි කියන්න නං මම අදටත් දන්නේ නැහැ. සමහර වෙලාවට ගොඩාක් අසරණකමක් හිතට දැනේන්නම පාළුව, ඒක හින්ද මට දැනිල තියෙනවා.

""කෑවද?...""

මම phone එක අරන් තනුරට msg එකක් දැම්මා. ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි තනුරගේ මතක එක්කම ඔට්ටු වෙලා අද දවසේ මහන්සියත් එක්ක මට යාන්තන් පැය 2ක් නින්ද ගිහින්. ඒත් ගතට වඩා හිතට වෙහෙසයි. ඒක හින්ද නින්ද ප්‍රතික්ෂේප වෙනවා. අප්පච්චි කිව්වා හරි මේක හිතේ ලෙඩක්. මේ ලෙඩ වලට බෙහෙත් හැමෝම ළඟ නැහැ. ඒත් ඒ බෙහෙත් දෙන වෙදදුරා මට බෙහෙත් කරන්න කැමති වෙයිද?.. මම ඇහැරුණ හින්ද ඔහේ සිවිලිම දිහා බලන් ඉන්න ඇති. ඒ එක්කම මේ මහා රෑ 1ට විතර මගේ phone එකට msg එකක් ආව. මම ටක් ගාල අරන් බැලුවේ ඒ මල්ලිවත්ද කියල.

""hmm...""

හිතුවත් වගේ තනුර තමයි.

""මොකෝ තාම නිදි නැද්ද?""

මමත් ඉතින් ඇත්තටම පුදුම නොවුනත් ඇයි ඇහැරන් කියල මම හිතෙන්නම මන් හින්ද තනුර දුක් විදින්නේ නැහැ කියලයි. මන් msg එක යැව්ව සැනින් එයා ඒක බැලුව කියල වැටුනත් විනාඩි 5ක් ගිහිල්ලත් reply එකක් ආවේ නැති හින්ද phone එක දිහා බලන් ඉන්න එක පැත්තකට දාල ආයේ සිවිලිම දිහා බලන්න ගත්තේ ජිවිතේ කිසි අරමුණක් නැතුව එක තැනක නැවතිලා වගේ හරිම කාලකන්ණි හැගීම් ගොන්නකින් මගේ ජීවිතේම අඳුරු වෙලා වගේ හැගීම් තියෙන හින්දයි.

ද්වී...Where stories live. Discover now