sinhamanna family

328 17 6
                                    

අම්මා.. මෙන්න මේ නැට්ටිච්වාමබයහලපඩන..... "

සුදු අවුරුදු 24 වෙන දගකාර පෙනුමක් තියෙන කොල්ලෙක් කෑගහන්න හදද්දිම තරුණ, සීතල පෙනුමක් තියෙන 22 හැවිරිදි "විෂ් " ඔහුව බිම පෙරලගත්තේ කතා කරන්න බැරි වෙන්න කටට කොට්ටෙකුත් ඔබන ගමන් උයි..

"හබ්ෆ්පෆ්ෆ්!!!! ටෝ!!! තෝ කෙල්ලෙක්ද ඔ්යි!!!! "
"නැ අැයි! " විෂ් කිව්වේ " නිදූ" ට නැගිටින්න බැරි වෙන්න පිට උඩින් ඉදගන්න ගමන්...
"මලයක්ෂණි!! බහ්නවා මගේ අැගෙන්!!! අම්මා!!!! අප්පච්චි!!! මේකි මාව මරන්න හදනෝ!!!! "
"විජේ!!!! විජේ!! මේ මුන් පොරකුකුල්ලු වගේ අප්පා... විෂ්!!! බහිනවා බිමට!! "
කුමාරි සිංහමාන්න තරප්පු පෙල උඩ ඉදන් පහල සාලය මැද බිම පෙරලන් ගහගන්න තමන්ගේ ලමයි දෙන්නට කෑගැසුව්වේ හැම අතටම ඔරවන ගමන්...

"කමෝන් අයියා!! කොන්ඩෙන්! කොන්ඩෙන් අදින්න!!! "
පින්කි කෑගහන්න ගත්තේ පුටුවක් උඩටත් නැගගෙන!!!

"අනේ දෝණි නැගිටින්න අනේ... අයියා පව් නේ මැණික... " කුමාරි අඩන්න වගේ කිව්වේ මේ රන්ඩු ව බලලම එපා වෙලා...

මේ සිංහමාන්න මන්දිරයේ සුපුරුදු ජවනිකාව.... Maids ලයි guards ලයි හැමෝම කොච්චර බැලුවත් එපා නොවන මේ යුද්දය බලන්න හැමදාම හවස් වෙද්දි සිංහමාන්න mansion එකේ living room එකට එක එනවා... එතකොට මේ නයයි පොලගයි වගේ ගහගන්නේ mr. සිංහමාන්න ගෙයි, Mrs. සිංහමාන්න ගෙයි ලොකු පුතා නිදුක් සිංහමාන්න යි, පොඩි දුව විෂ්නි සිංහමාන්න ... නිදුක් පොඩි කාලේ ඉදන්ම අහිංසකයි... දගයි... පිස්සු කෝච්චියක්...
එ්ත් විෂ්නි වෙනස්... ඉපදෙන මොහොතෙත් එයා ලොකු යුද්ධයක් කරා...
විජය සිංහමාන්න ළමයි දෙන්නටම එක වගේ අාදරේ වුනත්, විෂ් දකිද්දි එයාට අාඩම්බරයක් දැනුනා... එයාට විෂ් දකින හැම මොහොතකම මතක් වුණේ අවුරුදු 22 කට කලින් තමන්ගේ ගැබ්බර බිරිඳ වත් අරගෙන අවුරුදු දෙකේ පුතාවත් වඩාගෙන කැලේ මැදින් තමන්ව මරන්න ආපු මිනිසුන් ගෙන් බේරෙන්න දුවපු හැටි... ජිවිතේට කිසිම දේකට බය නොවිච්ච විජය සිංහමාන්න..  කිසිම වෙලාවක තිබ්බ අඩියක් පිටිපස්සට ගත්තෙ නැති එයා...එදා හොඳටම බය වුණා... එ් සිංහයා බය වුනා එයාගේ පවුල ගැන, බිරිද ගැන... හුරතල් පුතා ගැන... තාම මේ ලෝකෙට වත් ඇවිත් නැති චූටි දෝණි ගැන.... එ්ත් මොහොතකින් එයාගේ බිරිද බඩටත් අත තියන් කෑ ගහන් වැටෙන විදිය දකින්න එයා පව් කරලා තිබ්බා... එ් එක්කම අාපු මිනීමරුවන් ට විජය වෙඩි තියන්න ගත්තේ තමන් ගේ වේදනාවෙන් මිරිකෙන බිරිද දිහා කදුලු පිරුනු අැස් වලින් බලන ගමන්...

REVENGEWhere stories live. Discover now