boyfriends

56 10 11
                                    

"අම්මෝ !!! කාලෙකට පස්සේ මගේ තැනක  සැනසිලි නිදියන්න පුළුවන්..."

"යකෝ මේ ගෙදර කොහොමද තොගේ වෙන්නේ!!!මේ මගේ ගෙදර !!!"

"Aishhh... ඔයාගෙ වුනාම මොකද.. මගේ වුනාම මොකද... "

මහන්සියට වොෂ් එකක් දාගෙන අාව සුලා එහෙම්මම තුවාය පිටින් අැදට පැන්නේ කෑ ගහගෙන... විෂ් සුලාගෙ අැදුම් තමන් ගෙ, closet එකේ අතුරන ගමන් කතා කරන්න ගත්තා...

"මේ බං කොහොමද දැන් බනී ට...එකි හොදින් ඉන්නවද? "

"ඔය ඉන්නේ!  මහා රණ්ඩු කෙක්කක්...මොනා උනත් පාඩම් වැඩ ටික නම් හොඳට කරගන්නවා"

තුවාය පිටින්ම ඇඳේ පෙරලෙන ගමන් සුලා කිව්වා...

"ඔව් ඉතිං තමුසෙ වගේම නැතැයි...කොල්ලෙක් එහෙම නැද්ද! "

"අනේ මේ ඒකිට කොහෙන්ද කොල්ලො?  එකි බැලුවොත්  මගේ අස්සෙම නේ...එකි බඳින කාලෙකට මගේ දතුත් වැටිල තියෙයි... "

"පව් ඕයි .. "

අැදුමක් අැදගත්ත සුලා ලැප් එකේ
E mails බල බලා හිටිය විෂ් ගාවින් ඉඳගත්තා...

"මේ ඒක නෙමෙයි නිදූ ට කොහොමද... "

සුලා මොකාටද එන්නෙ කියලා හොඳින්ම දන්න විෂ් කින්ඩියට හිනා වෙන ගමන්...

"ඇයි තමුන්  දැක්ක නැද්ද...ඔය යහතින් හිටියේ.. හරහට උසගිහින්..උලමා වගේ.
.. "

"අනේ මේ.. මං දැක්ක හරිද.. එයා තාමත් ලස්සනයි.. හුම්.. කියුට්.. "

"හාකෝ " විෂ් හිනාවෙන ගමන් ගෙයි අම්මා ගෙනත් දුන්න තේක බොන්න ගත්තා..

"එයාට කෙල්ලෙක් නැ නේද? "
සුලා හිතේ දෙගිඩියාවෙන් අහද්දි, එ  දිහා බලන් හිටිය විෂ් හිනා උනා ...

"තමුසෙට පිස්සුද ඕයි! මං වගේ නංගි කෙනෙකුයි පින්කි වගේ නංගි කෙනෙකුයි ඉද්දි එයාට කෙල්ලෙක් සෙට් වෙයි ද! ඊටත් වඩා එයා වගේ කෙනෙක්ට කවුද කැමති වෙන්නේ... තමුසේ වගේ අැස් පෙන්නේ නැති එකෙක්ම සෙට් වුනොත් මිස...."

අාපු කේන්තිය ටයි...වෙච්ච ලැඡ්ජාව ටයි..සුලා විෂ් ගෙ කොණ්ඩෙන් ඇදගෙන කෑගැහුවා...

"අහ්හ්හ්හ්...නපුරි!!! තෝ දන්නේ නැ true love ගැන...හුම්..මේ එ්ක නෙමෙයි තමුසෙට කොල්ලෙක් හොයන්නේ නැද්ද... "

පිස්සියක් වගේ කෑගහලා එකපාරටම සන්සුන් වුන සුලා තමන්ගේ පුටුවේ හරි බරි ගැහිලා ඉද ගන්න ගමන් අහපු දේට විෂ් ගෙ කටේ තිබ්බ තේ ටික එහෙම්මම වතුර මලක් වගේ විසිවෙලා සුලා ගෙ මූණේ පතිත වුනා...

"අාාාාාාාාාශ්හ්හ්... මී හරකා... වොශ් එකක් දැම්මා විතරයි!!! "

Vish pov

"මොනාද ඔ්යි තෝ අහන්නේ!!! " මං අැස් දෙකත් ලොකු කරන් අැහැව්වෙ සුලා ගැන හොදටම දන්න නිසා... මොකද මේ යක්ෂණි මට අන්තප්පුරයක් පවා දාන්න බැරිකමක් නැ...

"නැ ඉතින්, මෙච්චර කාලෙකට තමුන්,' කැමතිම දෙයකට තිබ්බේ strawberry විතරනේ... මං බැලුවේ තමුසෙට strawberry වත්තක අයිතිකාරයෙක් වත් හොයලා දෙන්න... "

"අාශ්හ්... "
මං කැ ගහන්න යද්දිම වගේ මගේ කාමරේට කඩා පැන්නේ අපේ ගෙදර පොඩි යකා.... පින්කි...

"සුලා අක්කි!!!! අපි හෙට උදේම කාර්නිවල් යනවා හොදේ!!! පුලුවන්නම් අර  cold hearted විෂ් කියන නපුරුච්චි වත් උදේට ලෑස්ති කරව ගන්න.. නැත්නම් මේකි හෙට දවල් වෙනකල් නිදියයි.. "

පින්කි මටත් ගස්සලා කියාගෙන ගියේ හෙන බොසී ටයිප් එකේ.. හරිනේ... මේකි අපේ අප්පච්චි ගෙ නංගි ගෙ දුව නේ... ලොකු මාමා වගේම නැතැයි..



After five hours later...

ඩිනර් එක අරගත්තු ගමන් විෂ් මුලින්ම නිදාගන්න යනවා කියලා කාමරේට රිංග ගත්තා.විජය එක්ක කතා කරකර හිටිය සුලාත් phone එකට අාපු notification එකේ ඉගියෙන් හිමිහිට එතනින් නැගිටලා නිදා ගන්න යනවා කියලා ගියා....මාස 2 කට පස්සේ අායිත් queen ගෙ hell එක එයාගේ knight ගෙ ටීම් එකෙනුයි Dame ගෙ ටීම් එකෙනුයි පිරෙනවා...

එ කියන්නේ... කාලෙකට පස්සේ එයාගෙ දකුනු අත වුන ශේන්,වම් අත වුන සුලා යි දෙන්නම එයා ගාව...එයාට දෙපැත්තෙන් ඉන්නවා.....

queen ශක්තිමත්...එයාට එයාගේ knight and Dame ලග ඉද්දි මුළු ලෝකෙම වුණත් එයාගේ කකුල් දෙක ගාවට ගන්න පුළුවන් විදිහේ බලයක් ලැබෙනවා ...ඒ තරම් ඒ තුන්දෙනා එකට ඉද්දි ශක්තිමත්...එතකොට අද රෑ... Queen ලෑස්ති වෙලා ඉන්නේ එයාගෙ Dame උයි  knight උයි එක්ක එයාගෙ තවත් එක හතුරෙක්ට දඩුවම් දෙන්න... මේ පාර ටිකක් භයානක වෙයි,  මොකද මාස කීපෙකට පස්සේයි  queen ගෙ Dame hell එකට අාවේ...


REVENGEWhere stories live. Discover now