thieves

60 12 1
                                    

Vish pov

"හිමිහිට හිමිහිට!!! "

"කෑ ගහන්න එපා යෝදියේ!! ගෙයි අම්ම අැහැරෙයි!! "

"අනේ මේ.. එයාව නම් ශේප් කරගන්න පුලුවන්... විල්සන් අන්කල් නැගිට්ටොත් අපිව ඉහල උසාවියටත් යවලා, ජිවිතාන්තය දක්වා සිර දඩුවමුත් දීලයි නවතින්නේ... "

මට විශ්වාසයි නිදුක් සිංහමාන්න අපේ පවුලට අරන් හදාගන්න ගත්තු කෙනෙක්...
දෙවියනේ පොඩි එකෙක් වගේ අයියයි, පින්කි ලණු වේ එල්ලිලා පොරකනවා... මං මුලින්ම ලණුව දිගේ නැග්ගේ එ්ක මට කිරි කනවා වගේ වැඩක් නිසා... උඩටම නැගල පස්සේ පහළ බලද්දී දැක්කේ අයියා ලණුවේ එල්ලිලා දත් මිටි කන ගමන් පින්කි ට ගහන්න හදනවා... මුන් මාව කන්න අාපු පණුවෝ දෙන්නෙක් වගේ රණ්ඩු වෙන්නේ ...ඒ දෙන්නට රණ්ඩු වෙන්න කියලා මම රූම් එකට ආවා..පුදුම මහන්සියක් තිබේ, එහෙම්ම වොෂ් රූම් එකට ගිහිල්ලා shower එක  ඇරලා ඒ යටින් ඉඳගත්තා ....වැටුණ සීතල වතුර ඇඟ දිගේ බේරිලා ඇවිල්ලා මගේ බෙල්ල හරියේ තිබ්බ අද දවසේ  මගේ ගොදුර වුන මානවඩු ගෙ ලේ දිහා එහෙම්මම මං බලන් හිටියේ හැගීම් වලින් තොරව...

"ඇයි මම මෙහෙම?? මට කවදාවත් සාමාන්‍යයෙන් ගැහැණු ළමයෙක් වගේ ආදරේ කරන්න බැරි වෙයිද?  හිනා වෙන්න බැරි වෙයිද? "

Mirror එක ගාවට අාව මම එ්කෙන්  පේන ...කළු, කහ, සුදු පාටට හුරු කොණ්ඩයක් තියෙන ...දිගටි නපුරු මුහුණක් එක්ක, මං දිහාවට එල්ල වෙලා තියෙන evil අැස් දිහා බලාගෙන අැහැව්වෙ හැමදාම වගේ මගේ ප්‍රතිබිම්බය මට උත්තරයක් නොදෙන කොට...

තප්පර ගානක් ඇතුලත සුළි කුණාටුවක් වගේ මගේ කාමරේට කඩා වැදුණු පින්කි business files චෙක් කර කර හිටිය මාවත් ඇදගෙන එහෙම්ම සාලෙට දිව්වා...
මම යද්දි එතැන පුදුම නිහැඬියාවක් තිබ්බේ...
හරියට උසාවියේ වගේ ..
ටිකක් වටපිට හැරිලා බලද්දි දැක්කෙ, මේක උසාවියක් වගේ නෙමෙයි !උසාවියක් තමයි! හොරෙන් රෑ එලියට පැනලා ගිය තක්කඩියෝ දෙන්නෙක්  අායිත් ගේ ඇතුලට රිංගන්න හදද්දි පොලිසියට හවු වෙලා... අප්පච්චි කකුලක් පිට කකුලක් දාගෙන sofa එකට වෙලා ඉදගෙන ඉන්නවා... අයියයි, පින්කි ඉස්සරහ හිටගෙන හිටියා.. අනේ අම්මපා මේගොල්ලෝ මාර මිනිස්සුනේ !ක්ලබ් එකේ නටන කම් කිසි බයක් නෑ..අප්පච්චි ඉස්සරහට ආපු ගමන් පූස් පැටව් දෙන්නෙක් වගේ...
කොහොම වුණත් අප්පච්චිට ජිවිතේට බොරු කරලා නැති මගේ හිත එහෙම්මම මට කිව්වේ එයාලා ගාව හිටගන්න කියලා...එතන හිටගත්ත මම ඕන දෙයක් වෙච්ච දෙන් කියලා වැරැද්ද පිලිගත්තා..

"එහෙනම් ඔය මහත්තයයි, නෝනලා දෙන්නයි කියන්නකෝ බලන්න.. මොනවගේ දඩුවමක් ද හොද? " අප්පච්චි අැහැව්වේ නිදූ දිහා බලන්..

පැනපු ගමන් පින්කි කාර් වොෂ් කරන්නම් කිව්වා.. මට මොකෝ. එයාලා කරගන්නේ නැතැයි කියලා මාත් පාඩුවේ හිටියා..  අපි කට්ටියම අායිත් රූම්ස් වලට දුවන්න හැදුවේ උසාවියේ වැඩ ඉවර නිසා...

"විෂ්! මට ඔයා එක්ක කතා කරන්න ඔ්නේ... "
හරි... අප්පච්චි ඔහොම කියන හැමවෙලේම අපේ 'කතාව' ඉවර වෙන්නේ අප්පච්චි ගෙ බන දේශනාවකින්...

අප්පච්චි sofa එකෙන් නැගිටලා බැල්කනි එකට ගියේ අයියටයි පින්කි ටයි යන්න කියලා සංඥා කරන ගමන්..

" අප්පච්චි මොනා කිව්වත් ඉවසීමෙන් අහගෙන ඉන්න ..එයා හැමදේම කරන්නේ අපි ගැන හිතලා .එයාට අත්දැකීම් තියෙනවා"

අයියාටත් ඉව වැටිලා වගේ... මගෙ ඔලුව අතගාලා බාගෙට නිදන් හිටිය පින්කි වත් හරහට උස්සගෙන ගියා ...
මමත් හිමිහිට බැල්කනි එක පැත්තට ගියේ අප්පච්චි මොනවා කියන්න ලෑස්ති වෙනවද කියල හිත හිත...


REVENGEWhere stories live. Discover now