sweet blood

45 9 8
                                    


"Warning "


අ... අනේ.. අනේ... ව... වදින්නම් ම... මාව විතරක් අතරින්න.. අම්මපල්ලා... ම.. මම කියන්නේ නැ... මං..මං ඔබ..ඔබතුමියට...හැ..හැමදේම කියන්නම්..අනේ"

අදුරු රැයේ දඩයම් බිමේ තනිවුන එක දඩයමක් තමන්ගෙ ජිවිතය වෙනුවෙන් යදිනවා.. එක දඩයමක්? නැ... 
මිනිස් ප්රාන 4...හැදි දැඩි පිරිමි 3 දෙනෙක් ලේ පෙරාගෙන බේස්මන්ට් එකේ කොනක වැටිලා බයේ ගැහි ගැහි ඉද්දි, විනාඩි ගානකට කලින් Dame ගෙ අතින් ම ලැබුනු කසපාරවල් 50 නිසා පන නැතිව වැටුන ලොයිඩ්.. වෙර්මාගෙ හොදම ගෝලයා තමන්ගෙ ජිවිතය වෙනුවෙන් queen ව යදින්න ගත්තා.. මැරුණ ත් queen ගෙ පැත්ත ගන්නේ නැ කියලා දිවුරපු කටින්ම ඔහු queen ට වෙර්මාගෙ හැම රහසක්ම කියන්න ලැස්ති වුනා..

"අහ්... තෝ බල්ලා... තොට කන්න බොන්න දිලා බලා ගත්තු මිනිහට ඔහොම ද්රෝහි වෙනවද උ*** ... තොපි යන්න ඔ්නේ අපායට.. අහ්.. තෝ අපායෙ නේ ඉන්නේ.. හිටපං.. මං තොට අපායේ හොදම කැම වේල දෙන්නම්.. "

කවදත් ද්රෝහියෝ වංචාකාරයෝ පේන්න බැරි Dame aka සුලා.. පිස්සෙක් වගේ කැ ගහන ගමන් එතන මේසයක් උඩ තිබ්බ අඩුවක් ගත්තා..
දැනටමත් Dame ගෙ අතින් දත් 5 ගැලවුන නිසා ලොයිඩ් ට පන නැති වෙන්න ඔන්න මෙන්න තිබ්බේ..

" Dame... It's enough,look he can't bare it...let him go... "

knight , Dame ගෙ අතින් අඩුව ගන්න ගමන් කිව්වා..








Boom boom..








"To the hell... "




Knight ගෙ පිස්ටල් එකේ බුලට්ස් කෙලින්ම ලොයිඩ් ගෙ ඔලුව හරහා යද්දි බිම වැටිලා හිටිය තුන්දෙනාට හුස්ම ගන්නත් අමතක වුනා..

"Next, "

බේස්මන්ට් එකේ කොනක සිංහාසනයක් වගේ පුටුවක ඉදගෙන හිටිය තේජමාන කාන්තා රූපය අණ කලා... එසැනින් ම සුලාගෙ අතේ තිබ්බ කිනිස්සක් කොනේ ගුලි වෙලා හිටිය මිනිහෙක් ගෙ බෙල්ල පසාරු කරන් ගියා...

ඔව්... අනිත් තුන් දෙනාටත් අමතක නොවන රාත්රීයක් එක්ක දිගු නින්දක් queen ගෙ Dame උයි  knight උයි ලගා කරලා දුන්නා...








" queen.. අපි වෙර්මා ගාවට අපේ එකෙක් දාමු... " සුලා අත්වල ගැවිලා තිබ්බ ලේ ටිෂු එකකින් පිහිදන ගමන් අැවිත් විෂ් ලගින් වාඩි වුනා..

"Dame , මං දැනටමත් මගේ හොදම ගොලයා... පැන්තර්ව යවලා තියෙන්නෙ උෟ ලගට... "

Queen නිවුනු හඩින් එහෙම කියද්දි සුලා තම අැස්, කරකවමින්...

"අායිමත්!! "

"අැයි බං ඔච්චර ජෙලස්... උබ නිකන් පැන්තර් ගැන විෂ් කියද්දි හැසිරෙන්නේ තමන්ගෙ මිනිහා වෙන ගැනියෙක් ගැන කියවද්දි toxic බිරිදක් හැසිරෙනවා වගේනේ.. "
ශේන් හිනා වෙවි අැවිත් සුලාව ඉදගෙන හිටපු තැනින් තල්ලු කරලා ඉදගත්තා...

"අනේ මේ... තමුසෙත් එහෙම තමයි නේ... තමුසෙනේ මට කිව්වේ අර විෂ් පැන්තර් ගැන කියවනවා වැඩි කියලා.. අනික මේකි මගේ to-be නැනා... So .. මං එ ගැන හොයන්න ඔ්නේ... "

"අම්මෝ අම්මෝ... අනේ ඉතින් අපිට කොයිද ලව්... අපිට ඉතින් ඉලව් තමයි.. "

ශේන් cigarette එකක් පත්තු කරන ගමන් කිව්වා....

"අහ්ම් අහ්ම්... "

"මේ විෂ්.. කවුද බං අර උබේ head guard... Ahh.. අැමැන්ඩා නේ.. නිදුක් ගෙ බොක්ක.. මං දැක්කා දවසක් කෙනෙක් අැමී වටේ අැඹලයෙක් වගේ කැරකෙනවා... "

වැඩේ වැරදුනා කියලා තේරුන නිසා, ශේන් සුලාගෙයි විෂ් ගෙයි විහිලු වලින් බේරෙන්න එතනින් නැගිට්ටා..

"අාා.. මේ... අර.. පින්කි කාර්නිවල් යන් කිව්වා.. මං අපේ ගන්ස් රෙඩි කරන්නම්... ගාර්ඩ් එක වැඩි කරන්නත් ඔ්නේ... "







REVENGEWhere stories live. Discover now