"නිදූ! "
"අහ් විෂ්... කෝ හලෝ පින්කි? " නිදුක් කලබලෙන් විෂ් ගෙන් අැහැව්වේ වටපිට බලන ගමන්...
"කෝ පින්කි? තමුසෙ මගෙන්ද අහන්නේ? තමුසෙනේ එයා එක්ක හිටියේ!!! අාශ්!!!! තොපි මට පිස්සු හදවනවා!!! " විෂ් කෑ ගැහැව්වෙ ඉනේ රදවන් හිටි pistol එක එලියට අදින ගමන්... එසැනින් ම නිදුක් තමන්ගෙ අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න එලියට නොගන්නා pistol එකත් රැගෙන කලබලයෙන් පින්කි ව හොයන්න පටන් ගත්තා..."අම්මපා නිදූ... තමුසේ මගේ අයියා වුනේ නැත්නම් තමුසෙගෙ ඔය නොසැලකිලිමත්කම නිසාම මං තමුසෙව මරලා මේ වෙද්දි!!!! " විෂ් යක්ෂයා අාවේස වෙලා වගේ කෑ ගහන ගමන් lobby එක පැත්තට ගියේ කවුරු හරි පින්කි වෙරි වෙලා හිටපු නිසා එයාව රූම් එකකට අැදගෙන ගිහිල්ලා කියලා හිතාගෙන....
"අක්කි? "
ඒ එක්කම පින්කි ඉස්සරහට අාවේ වෙනදා වගේම ලස්සනට හිනා වෙවී...මෙච්චර වෙලා විෂ් ගෙ සීතල වෙලා තිබ්බ ඇඟ යථා තත්ත්වයට පත් වුණේ ඒ වෙලාවෙයි..."දෙවියනේ දරුවෝ කොහෙද ගියේ!!! මැණික... "
විෂ් වෙනදා වගේම තමන්ගෙම දරුවෙක් තුරුල් කරගන්නවා වගේ පින්කි ව තුරුළු කර ගනිද්දී එයත් කුමාරි ට පස්සේ අම්මා කෙනෙක්ගෙ උණුහුම එයාට දැනුන හුරුපුරුදු පපුවට තුරුල් වුනා...
"දෙවියනේ!!! මැණික... රත්තරන්... බේබි... ඔ... ඔයා හො.. හොදින් නේ?? " නිදුක් දුවගෙන අැවිත් පින්කි ව හතර වටේටම හරව හරව හොදින් ද කියලා බැලුවා...
"අයියේ!! අයියේ මං හොදින් අප්පා... ඔයා බයවෙන්න එපා! අනික මම පොඩි බබෙක් නෙමෙයිනේ..." පින්කි නිදූ ගෙ අතේ එල්ලෙන ගමන් කිව්වා..
"ඒත් ඔයා අපේ චූටි බබා! එනිසා අපි ඔයාව ආරක්ෂා කරන්න ඕනි.. අනික අපි මේ ගමන අාවේ හොරෙන් අප්පච්චි දැන ගත්තොත් අපිව හම ගහයි.. දන්නවනේ... "නිදුක් කියවන්න ගත්තේ විෂ් වයි පින්කි වයි අැදගෙන කාර් පාර්ක් එකට එකට යන ගමන්...
"Queen! " තමන්ගේ යාලුවට වැඩ වලදි විතරක් queen කියලා කතා කරන්න ශේන් පුරුදු වෙලා හිටියා...
විෂ් ගෙ මෙච්චර වෙලා දගකාර හිනාවකින් පිරිලා තිබ්බ මූණ සෙනිකව සාතන් ආරූඪ වූවා සේ පෙනුනා..."I burn the bodies... " ශේන් කිව්වේ වෙඩි වැදුනු මානවඩු ගෙ අැගේ queen ගෙ සලකුණ තිබ්බ පිංතුර ටික පෙන්නන ගමන්...
කට කොනක මැවුනු යක්ෂ හිනාවත් එක්ක විෂ් ශේන්ට පහක් දැම්මේ, අප්පච්චි ගෙ තවත් එක කරදරකාරයෙක් ව බිලි ගත්ත සතුටට...මේ හැමදේම දිහා පින්කි ව කාර් එකේ ඉන්දලා අායෙත් අාපු නිදුක් බලන් හිටියේ කියාගන්න බැරි හැඟීම් ගොඩක් පපුව ඇතුලෙ හිර කරගෙන...එයාට සතුටුයි තමන්ගේ නංගි රැජිනක් වගේ ඉන්න එක ගැන...එයාට ආඩම්බරයි ගොඩාක් බලවත් මිනිස්සු පවා තමන්ගෙ නංගිට බය එක ගැන... එ්ත් එ හැමදේකටම වඩා එයා බයයි... මේ හැමදේකම අවසානය කොයි වගේ වෙයිද කියලා... එයා අයියා කෙනෙක්... කොච්චර රන්ඩු කරත්, එයාට එයාගෙ පන නැතුව බැ... පින්කි කොච්චර අහිංසක වුනත්... හැමෝම එක්ක එකමුතු වුනත්... නිදුක් පොඩි කාලේ ඉදන් තමන්ගේම නංගි විෂ් ගෙ වටෙ හිටියේ හරියට පවුරක් වගේ... විෂ් ව හැම දෙයින්ම අාරක්ෂා කලා... එයා කොච්චර නපුරු ද කියලා දැන දැන එයාට උපරිම අාදරේ දුන්නා..විජේ ට, පස්සේ විෂ් ගැන වැඩියෙන් ම වද වුන පිරිමියා එයා..
YOU ARE READING
REVENGE
Non-Fiction"වෛරයේ ගින්නෙන් දැවුණු ඔබේ හිත, මම මගේ ආදර වැස්සෙන් තෙමමි.... " Start - 2022 may End - Warning/ abusive Sinhala