After four years later...
"Rose!!!! Roseeeeeeeeeeeee!!!!!! "
නගරයෙන් අෑතට වෙන්න තිබුන mansion එකෙන් නපුරු මූණක් හදාගෙන ලස්සන කෙල්_ගැහැණියක් එලියට අාවා...ඔව්... එයා ගැහැණියක්... අම්මෙක්...
"කොහෙද ලමයෝ ඉන්නේ!!! එන්නයි කිව්වේ මෙහෙට... සීයා අප්පච්චි එක්ක එකතු වෙලා මට පිස්සු හදවනවා!!! "
"අාාාශ්... අැයි බං මේ කෑ ගහන්නේ... පව් පොඩි එකා! " නිදිමර ගාතේ පැමිණි නිදුක් සිංහමාන්න, විෂ් ගෙන් අැහැව්වා..
"හහ්... අනේ මේ... අනිත් කෙනා තමුන්.. මට රෝස් ව හදාගන්න බැරි එයාගේ සීයා අප්පච්චි, මහ ලොකු ඔකු මාමායි, සුලා ගර්ල් උයි අනිත් සනුහරේ නිසයි... "
"හ්ම් හ්ම්... "
"කෝ මහ ලොකු වයිෆ්!!! "
"අහ්.. ඔය ඉන්නේ.. "
"මැඩම්!!! මැඩම්!!! පොඩි බේබි... " එ් එක්කම කලබලෙන් දුවන් අාපු ගාර්ඩ් කෙනෙක් බය වෙලා ගොත ගහන්න පටන් ගත්තා...
"මගේ රෝස් ට මොකද? " විෂ් බයෙන් අැහැව්වා...
"බේබි... බේබි... "
"මං තෝව මරන්න කලින් ගොත නොගහා කියපන්!!! "
විෂ් අැහැව්වේ කේන්තියට අතේ තිබුන විදුරුව අත උඩම කුඩු කරමින්... එයාගේ අැස් ගිණි පුපුරු වගේ රතු වෙලා... බය, දුක, පසුතැවීම... මේ හැම දේම අැස් වල අැදිලා තිබ්බා...."මැඩම්, බේබි වැටිලා තුවාල වෙලා... "
"අාහ්හහ්හ්හ්හ්!!!! " දැනුන කේන්තියටත්, ගාර්ඩ් ගෙ ඔලුව කුඩු කරන්න බැරි නිසාත් විෂ් තමන්ගෙ හැම මොහොතකම සූදානම් පිස්ටල් එකෙන් කුමාරි සිංහමාන්න ගෙ කැමතිම මල් බදුන කුඩු වෙන්න ඉලක්ක කරා...
එ සද්දෙට ගැස්සුන නිදුක්, විෂ් දිහා බලන් හිටියේ අැස් ලොකු කරන්, හරියට...
' අැයි මේකි මෙහෙම' කියන ලුක් එකෙන්...විෂ් ගෙ වැරදි වලට එයා එයාටම දඩුවම් කරගත්තා... විෂ් පසුතැවුනා... විෂ් පසුතැවුනා එයා ඉක්මන් වුන එකට... විෂ් පසුතැවුනා එයා, එයා වැඩියෙන්ම අාදරේ කරපු කෙනාට රිද්දපු එකට... එයා පසුතැවුනා, එයා හැම වෙලාවෙම රකින්න පොරොන්දු වුන............ව රකින්න බැරි වුන එකට... එ්ත් එයා එක දෙයක් කලා...
දෙවියන් එයාගේ වැරදි හදාගන්න, එයාට දීලා ගිය රෝසමල එයා දිවිහිමියෙන් රකින එක, එයා උපරිමේටම කලා...
රෝස්" රෝස පාටින් පාට කරපු අමුතුම කාමරයකට විෂ් ඇතුළු වුණා ..ඔව් ඒ විෂ් ගේ බලාපොරොත්තුව ....එයා ගෙ දුවගේ කාමරය ...එයත් විශ් වගේම දග, ටිකක් නපුරු කෙල්ලෙක්...
රෝස් හිටියෙ වේදනා නාශක නිසා තද නින්දක ... උදේ සෙල්ලම් කරන්න ගිහින් වැටුණ rose අන්තිමේ නැවතුනේ සතියක් කාමරේට කොටු වෙලා...විෂ් එයාව පරිස්සමට බලාගන්නවා....එයාගේ ඇස් දෙක වගේ විෂ් රෝසව බලාගන්නේ... වෙලාවකට එයා overprotective... පවුලේ හැමෝම වගේ විෂ් ට බනින්නෙ එයා රෝස් ව හිර කරනවා කියලා...ඒත් ඒ හැමදේම විජය දකින්නේ.. තමන්ගේ දුවව, තමන්ගේ එකම සම්පත රැකගන්න උත්සාහ කරන අම්මෙක් විදියට... විජය දන්නවා.. මේ හැම දේම පටන් ගත්තේ එතනින් කියලා... අාදරය... වෙෙරය...බැල්කනි එකේ අත් වැටට බර වුණ විෂ් අහස දෙස බලාගෙන හිටියේ ඇස් වල කඳුළු පුරෝගෙන...
"ඔයාට කොහොමද මැණික ?"
හැමදාම වගේ අදත් අහස දිහා බලාගෙන විෂ් ඇහැව්වෙ එක්කම දෙයයි..." මට සමාව දෙනවද? "
YOU ARE READING
REVENGE
Non-Fiction"වෛරයේ ගින්නෙන් දැවුණු ඔබේ හිත, මම මගේ ආදර වැස්සෙන් තෙමමි.... " Start - 2022 may End - Warning/ abusive Sinhala