අකුණු කුණාටුවකට මැදි උන මරීනා මුහුද අද වියරුවෙන් මෙන් දිල රැලි කලබමින් තිබුණා. අහස පුරාමත් දම් පාට රෝස පාට එළි, කළු වලාකුළු මතින් බියකරු සිතුවම් මවන්න උනා.
අද මුහුද ගොඩක් ප්රචණ්ඩයි. ඇය හැසිරෙන්නෙ යක්ෂයෙක් වගෙයි. අහස එක්ක ලොකු ගැටුමක්. දෙදෙනාම සන්සුන් වෙන ලකුණක් නම් නෑ.
යෝධ රළ විටකදි අනපේක්ෂිත විදිහට අහස උසට නැගෙනවා. ආයෙම ඒ රළ කඩා වැටෙන්නේ මුළු පළාතම දෙදරවමින්.
මුහුදු පතුලේ ගැඹුරුම රහසුත් මේ වියරුව නිසා මතුපිටට එන්න පටන් අරන්.
හරියට දියවැල්වලට අහුවෙලා විලාප දෙන කින්නරාවො වගේ.
පිට පිටම පහර දෙන අනුකම්පා විරහිත දිය රැලි ඔවුන්ව මතුපිටටම රැගෙන විත්.
එයින් එක් පුංචි කින්නරාවක් දියවැල් එක්ක පොරබදලම හොදටම හෙම්බත් වෙලයි හිටියේ. තව දුරටත් අල්ලන් ඉන්න තරම් ශක්තියක් කිදුරියට තිබුනේ නෑ. මොකද ඇය ගොඩක් මෘදුයි , හරිම සියුමැලියි. විසිතුරු කැටයම් ඔබවපු සියුම් වීදුරුවක් වගෙයි.
දියමන්ති හැඩයේ කොරල් එක්ක සිප්පිකටු වගේ දිලිසෙන වරලක් ඇයට තිබුනේ.
රුදුරු මුහුදු රළ නිසාම ඇගේ වරලත් තුවාල වෙලා. ඒ ඇගේ සංවේදීම කොටස. අසරණ කිදුරිය වේදනාවෙන් ඇඹරුනා. අද ඔවුන්ට අනුකම්පා කරන්න කවුරුත් නෑ වගේ. සද දෙවියොත් කළු වලාකුළු අතරෙ සැගවිලාම ගිහින්.
ඒ උනත්,
කුණාටුව අස්සෙම බොද උන එළියක් ඈතින් පේන්න ගන්නකොට පුංචි කින්නරාව ඇස් දල්වලා ඒ දිහා බැලුවා. ඇය දිය වැල් එක්ක තවත් පොරබදන එක නවත්තලා උගුරෙන් තියුණු ශබ්දයක් පිට කරා. ඒ අනිත් කිදුරියන්ට එළිය ගැන දන්වන්න. නමුත් ඔවුන්ට ඒ එළියට ළං වෙන්න තරම් දෛර්යක් නැති පාටයි. එය ඔවුන්ගේ ලෝකෙට ගොඩක් දුරයි වගෙයි.
ඒ උනත් මේ පුංචි කිදුරිය දියරැලි වලට තමන්ව ඒ දෙසට ගෙනයන්න ඉඩ හැරියා.
එළිය මොකක්ද කියලා හරි අදහසක් නැති උනත් සද තරු නැති අදුරු රාත්රියක කුණාටුවකට මැදි උන මේ සියුමැලි කිදුරියට ඒ එළිය ඕනවටත් වඩා බලාපොරොත්තු දල්වලා තිබුනා.
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
ෆැන්ටසියක් ළමයි... 🧜