Episode 03.

153 52 20
                                    

සේද පුරවපු පෙට්ටි, බීර බැරල් පහළ ගබඩා කාමරය පුරා පාවෙමින් තිබුනා. අතට අහුවෙන එක එක ආයුධ අරගත්තු නැවේ සේවකයො හොදටම බය වෙලා.

ජන්කූක් ජිමින් පස්සෙන් ඇවිත් ඔහු කියපු කුටියට ඇතුළු උනා.

අහසෙ පාවෙමින් තියන සේද පෙට්ටි, බීර බැරල් දැකලා ජිමින්ගෙ කටත් බාගෙට ඇරුනා.

"මොකක්ද මෙතන වෙන්නේ?"

ජන්කූක් ඇහුවෙ කාමරය තුළට ඇතුළු වෙමින්.

බඩු අහසෙ පාවෙන විදිය දැකලා කැප්ටනුත් පුදුම උනා.

"කැ.. කැප්ටන් අ... අතන මායාකාරියක්..." එක සේවකයෙක් වෙව්ලමින් ජන්කූක්ට අනතුරු ඇගෙව්වා.

"මායාකාරියක්?"

ජන්කූක් සේවකයා පෙන්නපු පැත්තට ඇස් දෙක යොමු කරා. එතකොට ජන්කූක් දැක්කෙ බීර බැරල් එකක් ඇතුලෙන් එළියට මතුවෙලා තියෙන හුරුබුහුටි ඇස් දෙකක්. ඒවා නිල් පාටින් දිලිසෙනවා.

ජන්කූක් තවත් පුදුම උනේ ඒ පුදුම ජීවියා ජන්කූක් ඊයෙ ඉදන් හොයන එයාගෙ සුදු පාට නාවුක හිස් වැස්ම පැළදගෙන හිටපු නිසා.

"හොරෙක්!" තව සේවකයෙක් බෙරිහන් දුන්නා.

ජන්කූක් ඔවුන්ට නිහඩ වන ලෙස සන් කරා.

ඔහු අත් දෙකත් පිටුපසට බැදගෙන මේ අමුතු හොරා ගාවට ඇවිදන් ගියා. ඒ පිටුපසින් අනෙක් සේවකයොත් ජිමිනුත් ජන්කූක් පිටුපසින් ළගින්ම හිටියා.

"තමුන්! ඕක ඇතුලෙන් එළියට එනවා" ජන්කූක් ඔහුගේ සුපුරුදු ගැඹුරු හඩින් අණ කරා.

ඒත් ඒ ඇස් දෙක ජන්කූක් දිහාම බලාගෙන හිටියා මිස හෙලඋනේවත් නෑ.

ඒවා ඉර එළිය වැටුනම දිලිසෙන නිල් සයුර වගේමයි නේද කියලා ඒ අස්සෙ ජන්කූක්ට හිතුනා.

"ඇහුනෙ නැද්ද කැප්ටන් කියපු දේ එළියට එනවා" තව සේවකයෙක් කෑගැහුවා.

ඒ හඩට පුංචි හොරා බය උන පාටයි.

එයා ඇස් දෙකත් බෝල කරන් ජන්කූක් දිහා බැලුවේ එයාව බේරගන්න කියන්න වගේ.

'නෑ නෑ ජන්කූක් ඔයා ඔය ගෑනු මායම් වලට අහුවෙන කෙනෙක් නෙමෙයි '

"එළියට!"

ජන්කූක්ගෙ හඩින් ගැස්සුන හොර ගෙඩියා හෙමිහිට එයාගෙ සියුමැලි අත් බැරල් එකේ කටින් තිබ්බා. එයා ඇස් කරකවලා වටපිටත් බලලා යටි තොල හපාගත්තා.

'දෙවියනේ ඒ තොල්... ඒවා ගොඩක් සිනිදු පාටයි..."

සිහියෙන් සිහියෙන් ජන්කූක්!

හැමෝම බලාගෙන ඉද්දී හොරා ටික ටික බැරල් එක ඇතුලෙන් කෙලින් උනා.

ඒත් එක්කම කට්ටියගෙ ඇස් එළියට පනින්න තරම් විශාල උනේ ඉබේමයි. කටවලුත් හොදටම ඇරිලා.
සමහරුන්ගෙ අතේ තිබුන ආයුධ නොදැනීම බිමට වැටිලා.

මොකද ඒ කෙනා හිටියෙ සම්පූර්ණ නිරුවතින්.

The sirenWhere stories live. Discover now