Episode 09.

163 46 11
                                    

"ආහ්... මං හිතන්නේ මට මෙයා ගැන බලාගන්න පුළුවන්. ආවට ස්තූතියි ප්‍රධානීතුමා"

ජන්කූක් කියනකොට ඔහු ඇහි බැමක් ඔසවලා ජන්කූක් දිහා බැලුවා.

"ඒ උනත් මේක මගේ රාජකාරිය කැප්ටන්"

"මේක මගෙ නැව ඇතුලෙ සිද්ධ උන දෙයක්. ඒ නිසා මේකෙ වගකීම මං බාරගන්නම් ප්‍රධානීතුමා. සමාවෙන්න ඔබතුමාට කරදර කරාට"

ජන්කූක්ගෙ ප්‍රතිචාරයට ප්‍රධානීතුමාගෙ නම් කිසිම කැමැත්තක් උනේ නෑ. ඒ බව ඔහුගේ මුහුනින්ම දිස් උනා.

"හොදයි එහෙනම්. නැති උන භාණ්ඩවල වගකීමත් ඔබම බාරගත්තු බව මං ඉහළට දැනුම් දෙන්නම්"

ඔහු ව්‍යාජ හිනාවකින් ජන්කූක්ට සංග්‍රහ කරා.

ජන්කූක් එයට හිස වනනකොට ඔහු කට ඇද කරේ කැප්ටන්ට කින්ඩියට වගෙයි.

"යමු කොල්ලනේ"

ඔහු සෙබළුන්ට එහෙම කියලා පිටවෙන්න කලින් නැවතත් ජෙමී වෙතට බැල්මක් හෙලුවා.

එතකොට ඇය ඔහු දිහා රවලා බැලුවේ නුරුස්සන බැල්මකින්.

"ආ මං හිතනවා සුදුසු දඩුවම් ඇයට ලබාදෙයි කියලා... ගිහින් එන්නම් කැප්ටන්!"

ප්‍රධානීතුමා ජන්කූක්ට එහෙම කියනකොට ජෙමී උගුරෙන් අමුතු හඩක් නගමින් ඔහු වෙතට පනින්න මෙන් බලාගෙන හිටියේ කැළෑ පූසියක් වගෙයි.

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

අන්තිමට සෙබළු පිටවෙලා ගියාට පස්සෙ ජන්කූක් සුසුමක් හෙලලා තමන්ගෙ සුදු පාට කෝට් එකේ එල්ලිලා එයාව ඉව කරන ජෙමී පැත්තට හැරුනා.

සෙබළුන් පිට උනාට පස්සේ ජෙමී ජන්කූක්ගෙ සුවද ඉව කරන්න පටන් අරන් තිබුනා. කෝපි මිශ්‍ර මුහුදෙ සුවදක් ඔහුගෙන් දැනෙන්න ගන්නකොට ඇය ඒ වෙත ඇදුනෙ කාන්දමක් වගෙයි.

ජන්කූක් එහෙමම ඇස් දෙක පහළට කරලා බැලුවේ ජෙමීගෙ අත්වල තැවරිලා තිබුන සේරම ක්‍රීම්, ජෑම් දැං තමන්ගේ කෝට් එකේ සටහන් වෙලා තියන හැටි.

ඔහු සුසුමක් හෙලලා තමන්ගෙ කෝට් එකේ ගුලි වෙලා තිබුන ජෙමීගෙ අත් දෙක දෙපසට ඔසවලා අල්ලගත්තා.

ඉන්පස්සෙ එයා ජෙමීගෙ ඇස් වලට එබුනෙ ඒ ගැන දොස් පවරන දැඩි බැල්මකින්.

ඒ බැල්මට ජෙමී තොල්පට හපන් හෙමීට බිම් බලාගත්තෙ වැරැද්දක් කරලා අහු උන පොඩි එකෙක් වගෙයි. කලින් සෙබළුන්ට දාපු පාට් වෙනුවට මේ කෝපි මුහුදු සුවදක් තියන කැප්ටන් ඉස්සරහා ඇය ලැජ්ජාවෙන් රතු වෙලා.

එයා තොල්පට හපමින් ජන්කූක් දිහා බලලා ආයෙම බිම් බලාගත්තා. ජෙමී තනියම හිනා වෙනවා වගේ.

මේ කෝලම් වලට ජන්කූක් ටිකක් අහුඋනා කිව්වොත් වැරදි නෑ...

මොකද තමන් තාමත් තුරුළු කරන් ඉන්නේ තමන්ගේ නැවට ඇතුළු උන හොරාව බව කැප්ටන්ටත් සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණා...

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

🤦

- To be continued -

මේකෙ චැප්ටර්ස් කොට වැඩියි කියලා තිබ්බා. ඒත් බබාලා මේක ෂෝට් චැප්ටර්ස් විදියට තමයි යන්නේ 🤧

ඒත් වචන පන්සීයකට විතර ලියන්න මං ට්‍රයි කරන්නම් හරි ද...♡︎

The sirenWhere stories live. Discover now