ජන්කූක් බලාපොරොත්තු උන විදියටම ඉර පායලා හෝරා දෙකක් ගත වෙනකොට නැව එංගලන්තයට සේන්දු වෙලා තිබුණා.
මීදුමත් එක්ක මෙහෙ සීතල ටිකක් වැඩී. ඒ නිසා බඩු බාන කටයුතු වලින් පස්සෙ ජන්කූක් තමන්ගේ කුටිය තුළට වැදිලා බ්රැන්ඩි ටිකක් තොල ගාන්න හිතුවා.
මේ ජන්කූක් එංගලන්තයට ආව නමවෙනි වතාව. මාස හතරක් පුරාවට ඔහු චීනයේ ඉදන් එංගලන්තයට යාත්‍රා කරලා තිබුණා.
එයා කුටියෙ තිබුන ලී පුටුවෙන් වාඩි වෙලා කකුල් දෙක රවුම් මේසය උඩින් තියාගත්තා. ඒ ඉස්සරහින් චූටි ගිනි මැළයකුත් දැල්වෙමින් තිබුණා.
මේසෙ උඩ බාගෙට දිග ඇරලා දාපු සිතියමකුත් ඉටිපන්දම් එළියට දිලිසෙමින් තිබුනා. ඒ දිහා බලන් ඉන්නකොට ජන්කූක්ට මතක් උනේ මෙහෙට ළගා වෙන්න දවස් තුනකට කලින් ඔවුන් මුහුන දුන්න දරුණු කුණාටුව. එයින් අනතුරක් නොවුනත් එදා රාත්‍රියේ ඉදන් කිසියම් අමුත්තක් ඔහුට දැනෙමින් තිබුනා.
පැසිෆික් සාගරයේ ඒ කලාපය ගොඩක් බිහිසුණුයි. ඒ මුහුදේ අත්භූත බලයක් තියනවා කියලයි මිනිස්සු කියන්නේ. හදිසි අකුණු කුණාටු, ඝන මීදුම් වගේ කාලගුණ වෙනස්වීම් ඒ කලාපෙන් ගමන් කරන නැවියන්ට අලුත් දෙයක් නෙමෙයි. ඒ උනත් කිසියම් දෙයක් තාමත් ජන්කූක්ගෙ හිතට වද දෙනවා.
බ්රැන්ඩි වලින් ඔහුගෙ නොසන්සුන් මනස ටිකෙන් ටික උණුසුම් වෙනකොට ජන්කූක් පුටු ඇන්දෙන් ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තා. ගිනි මැළයේ දර ඇවිලෙනකොට ඇහෙන සද්දෙ ඇරුනම මේ මොහොතේ හැමදෙයක්ම සන්සුන් සාමකාමී විදියට කැප්ටන්ට දැනුනා.
ඒ හති දමාගෙන ජිමින් කුටියට දුවගෙන එනකම් විතරයි.
"කැප්ටන් අපිට ප්‍රශ්නයක්. අපේ ගබඩාවට හොරෙක් ඇතුල් වෙලා!"