Episode 10.

101 13 6
                                    

දකුණු දොරටුවේ නියෝජ්‍ය නාවික ප්‍රධානී උන සේජ් වැල්ස් හෝරා කිහිපයක සිටම තමන්ගේ කුටියේ උන කුඩා කවුළුවෙන් පේන ඈත සයුර දිහා බලාගෙන හිටියා.

තමන් මොහොතකට කලින් දැකපු සුන්දරම කාන්තා රූපය මනසෙන් අයින් කරගන්න එක තවමත් ඔහුට අපහසු උනා.

ඒ නිල් ඇස් සාමාන්‍ය කාන්තාවකට වඩා ඉතාම ආකර්ෂණීයයි... ඒ සිරුර, රිදී පැහැය මන්දස්මිතයක් වගෙයි... ඒ රුවට සමාන රුවක් හෝ ඔහු මීට කලින් දැක තිබුනේ එකම ස්ථානයක බව ඔහුට විශ්වාසයි.

ඒ බව සිහි කරමින් සේජ් තමන්ගේ දෑස් ගැඹුරු සයුරෙ ඈත දියඹ වෙතම යොමු කරා.

"බැරිවෙලාවත් මං ඒ දැක්කෙ...? නැහැ... නැහැ..."

ඒත් එතකොටම ඔහුට මතක් උනේ පැම්ණිල්ල ඉදිරිපත් කරපු නාවිකයා ඔහුට කියපු දේ.

'මං හිතන්නේ ඇය නම් සාමාන්‍ය හොරෙක් නෙමෙයි. ඇයට පුළුවන් දේවල් පා කරන්න... හරියට මායාකාරියක් වගෙයි..."

ඒ වචන මතක් වෙනකොට සේජ්ගෙ දෑස් සිහින් උනා.

"තමුන්ට නැති වෙන්න යන්නේ වාසියක්වත්ද සේජ්?"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆✩☆☆☆☆

"ආ අරගන්න... අරගන්න... මෙන්න චීනයෙන් ගෙනා වටින සළු..."

"හානේ මේවා හරිම ලස්සනයි..."

"බලන්නකෝ.... ඒවා හරිම සිනිදුයි"

"නෝනට මේවගෙන් ඕනද? අපෙන් ගන්න හරිම ලාබයි..."

වෙළදපොළේ එක් කඩපිලක ලොකු කලබගෑනියක්. සේද ගන්න තරුණියන් පොරකනවා.

"මේවා නම් බොහොම වටින පාටයි... අනේ මටත් දෙන්නකෝ..."

"හරි නෝනා සළු විතරක් නෙමෙයි මේ ආලේපනත් චීන රටෙන් තමයි... බොහෝම දුර්ලභයි.... අපෙන් ඇර වෙන කාගෙන්වත් ගන්න ලැබෙන්නේ නම් නෑ"

"හානේ ඇත්තමයි... අපූරුයි..."

ඔය විදියට එහි වෙළෙන්දො හතර දෙනාගෙ කාසි මලු පිරී ඉතිරෙමින් තිබුනා.

ඒ අතරේ නාවික කිම් සොක්ජින් මේ කඩපිල් අතරෙ ඇවිදිමින් හිටියා. නැව නැංගුරම් දැම්මට පස්සේ ඔවුන් සති කිහිපයක් මෙහෙ නැවතිලා විවේක අරගන්නවා. ඉතිං මෙහෙන් ආපසු යනවිට අරගෙන යන්න දේවල් මිලදී ගන්නයි ඔහු මේ සැරිසරමින් හිටියෙ.

ටික දුරක් යනකොට තැනක මිනිස්සු පොරකන විදිය දැකලා කුතුහලය නිසාම ඔහුත් හෙමිහිට ඒ අසලට ළං උනා.

සොක්ජින් උස පුද්ගලයෙක් උන නිසාම එතන වෙළදාම් කෙරෙන දේවල් වෙතට එබිකම් කරන්න ඔහුට අපහසු උනේ නෑ.

ඒත් එවිටම ඔහුගේ දෑස් විසල් උනේ එතන වෙළදාම් වෙන සේද සහ රූපලාවන්ය ද්‍රව්‍ය දැකලා.

ඔවුන් තවම භාණ්ඩ බාර දී අවසන්වත් නෑ!

ජින් කලබලෙන් තරුණියන් අතරින් ඉදිරියට ගිහින් එක සළුවක් අතගා බැලුවා.

"මහත්තයට මොන පාටින් ද ඕන? නෝනට මේ පාට ලස්සනට තියෙයි" වෙළෙන්දෙක් කියනකොට ජින් ඔහුගේ කොළරයෙන් උස්සලා අල්ලගත්තා.

එවිට එතන හිටපු තරුණියන් හුස්මක් ඉහළට ගත්තේ බයවෙලා.

"නුඹට කොහෙන් ද කියනවා මේ සළු!!!"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆✩✩✩✩☆

You've reached the end of published parts.

⏰ Last updated: May 19 ⏰

Add this story to your Library to get notified about new parts!

The sirenWhere stories live. Discover now