චීනයෙන් ගෙන ආ සේද පෙට්ටි හැම එකක්ම අතුරුදහන් වෙලා තියෙන හැටි දකිනකොට ජන්කූක් කේන්තියෙන් රතු උනා.
ඔහු කෙලින්ම තරුණිය හිටපු තමන්ගේ කුටිය තුළට ඇවිදන් ගියේ කේන්තියෙන්.
ඒ උනත් කපටි හොරා නිල් ඇස් බෝල කරලා තමන් දිහා බලන් ඉන්න හැටි දකිනකොට එයා හිතපු තරම් කේන්ති ගන්න ජන්කූක්ට බැරි උනා.
"තමුන් දැං මං අහන දේවල් වලට ඇත්තම කියන්න ඕන තේරුනා ද?" ජන්කූක් අහනකොට තරුණිය ඔලුව වැනුවත් එයාගෙ ඇස් තිබුනෙ ජන්කූක්ගෙ උදෑසන පාතරාසය වෙත.
"ඇයි හොරකම් කරේ!?" ජන්කූක් තරුණිය ඉදිරියෙන් වාඩි උනා.
".........."
"කොහොමද නැවට ඇතුල් උනේ?"
".........."
"දේවල් ඒ විදියට පාකරන්නෙ කොහොමද?"
"විද්යාව ද නැත්නම් ගොඩක් මනස දියුණු කරපු කෙනෙක් ද?"
ජන්කූක් කොච්චර දේවල් ඇහුවත් ඇය ජන්කූක් දිහා බලලා නිකම් ඇහිපිය ගැහුවා විතරයි.
අන්තිමට ජන්කූක් අහන කිසිම දේක තේරුමක් නෑ කියලා තේරුනාම තරුණිය හෙමිහිට එයාගෙ පුංචි ඇගිලි මේසෙ දිගේ කෑම බන්දේසිය වෙත ගෙන ගියා.
ජන්කූක් බලාගෙන ඉද්දිම එයා බටර් ක්රීම් ගාපු පාං පෙත්තක් අල්ලගත්තා.
"කාගෙන් අහලද තමුන් දැං මගේ උදේ කෑම එක හොරකම් කරන්නේ?" ජන්කූක් අහනකොට තරුණිය මදකට නැවතිලා ඇස් දෙක බෝල කරලා ජන්කූක් දිහා බැලුවා.
"ඔව් මේක. මගේ. තේරුනාද?"
තේරුන බව අගවන්න තරුණිය නැවතත් ඔලුව වැනුවා.
"මේවා ඕන ද?"
මෙවර ගොඩක් උවමනාවෙන් ඇය ඔලුව සෙලෙව්වා.
"හරි මුලින් මං අහන දේවල් වලට උත්තර දෙන්න ඕන. එහෙම කරොත් මේක ඔයාගෙ"
"හරි තමුන්ගේ නම මොකක්ද?"
"ජෙ...ජෙමී" ඇය වටපිට බලමින් මිමිණුවා.
පළවෙනි වතාවට තරුණියගෙ මුවින් පිළිතුරක් ලැබෙනකොට ජන්කූක් ටිකක් පුදුමෙන් ඇය දිහා බැලුවා. ඒ කටහඩ කෙනෙක් මත් වෙන තරමටම මිහිරියි.
වශියක් වගෙයි.
ජන්කූක් ඒ වශියට අහු වෙලා වගේ ඇය දිහා බලන් ඉන්න අතරෙ ජෙමී දෙතුන් පාරක් ඇසිපිය ගහලා ජන්කූක් පැත්තට ඇගිල්ලක් එසෙව්වා.
එතකොටම ජන්කූක්ගෙ අතේ තිබුන කෑම බන්දේසියෙන් දුඹුරු පාං පෙත්තක් තරුණිය දිහාවට පාවෙලා ආවා.
ඊළගට ජන්කූක් පුටුවෙම ගල් වෙලා බලාගෙන හිටියේ ක්රීම් චීස් ගාපු බේගල් එක, ඇපල් ගෙඩිය වගේම එයාගෙ කිරි වීදුරුවත් තරුණිය ගාවට පාවෙලා ගිහින් ඒ කුඩා ජීවියා ඇතුළෙ අතුරුදහන් වෙලා යන හැටි.
'දිගටම මුහුදු වතුර දැකලා මට පිස්සු හැදීගෙනවත් එනවද??'
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
- To be continued -