"මොකක්? මුළු බීර බැරල් එකම තමුන් තනියම හිස් කරා කියලද කිව්වේ?" ජන්කූක් අහනකොට තරුණිය ඔලුව වැනුවා.
ඒත් එක්කම ඇගෙන් ඉක්කාවක් පිටවෙනකොට ඇය බය වෙලා වගේ අත් දෙකෙන්ම කට වහන් ජන්කූක් දිහා බැලුවා.
ජන්කූක් සුසුමක් හෙලුවෙ නාස් පොල්ල මිරිකගනිමින්.
"ඕකෙන් එළියට එනවා"
ජන්කූක් අණ කරා.
ඒ උනත් තමන් බැහැලා ඉන්න බීර බැරල් එක ඇතුලෙන් එළියට එන්නේ කොහොමද කියලා හිතාගන්න ඇයට බැරි උනා.
එයා ටිකක් කල්පනා කරලා දෙතුන් පාරක් ඇහිපිය ගහලා බැරල් එක ඇතුලෙන් ඉදගත්තා.
"මං කිව්වේ එළියට!!" ජන්කූක් කතා කරේ එයාගෙ කේන්තිය පාලනය කරගන්න උපරිම උත්සාහ කරමින්.
ජන්කූක්ගෙ කෑගැහිල්ලට තරුණිය එළියට එනවා වෙනුවට තොලකුත් නොපිටට පෙරලන් තව තවත් බැරල් එක ඇතුළට ගුලි උනා.
ජන්කූක් ලොකු හුස්මක් අරගත්තෙ අත් මිටමොලවගනිමින්. ඔහු තරුණිය බැහැලා හිටපු හිස් උන බීර බැරල් එක ඇතුළට නැමිලා බලෙන්ම ඇයව ඒක ඇතුලෙන් ඔසවලා අරන් බිමින් තිබ්බා.
"තමුන්ට මම-" ජන්කූක් බයින්න ලෑස්ති උනත් එතකොටයි ඇගේ නිරුවත් දෙපා තුවාල වෙලා තැනින් තැන නිල් වෙලා තියෙන හැටි ජන්කූක් දැක්කෙ.
ජන්කූක් ඒ ගැන අහන්න හදනකොටම නාවික කිම් ටේහ්යුන් කුටිය තුළට දුවගෙන ආවා.
"කැප්ටන් තුන් වෙනි කොටසෙ තිබුණ අපේ සේද පෙට්ටි ඔක්කොම අතුරුදහන් වෙලා!!"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
- To be continued -