S02:Ep-03 | Puzzel & Death

126 15 3
                                    

Previously on,JIGSAW:BLOODY ROOMS

"සිද්දිය උනේ පෙරේදා " jungkook මහතා විසින් taehyun මහතාට පිරි නැමූ කෝපි වීදුරුව පාණය කරමින් ඔහු පවසා සිටියා. ඔවුන් මේ වන විට රැදී සිටියේ පරීක්ෂක jungkook මහත ගෙ විසිත්ත කාමරය තුළයි. "අපේ තත්ත්ව කණ්ඩායම් මේ වනවිටත් catmark ආයතනයේ පරණ ගොඩ නැගිල්ලෙ පරීක්ෂණ කටයුතු කරන ගමන්....

"අර බලන්න සර්"

පෝරනු කාමරයේ,ඉහළට විහිදෙන කවුලුවක් සහිත බිත්තියක සටහන් වී තිබූ මිනිස් සිරුරක හැඩයට ශේෂ වී තුබූ අඟුරු තට්ටුවක් වෙතට තම දිගු කරමින් ඒ පවසා සිටියේ taehyun විසිනි.....

.....ඉතිං karina,ඔයාව මස් වෙනවට ඔයා කැමතිනම් ඔයාට ඔහොම්ම තව තත්පර පහළවක් ඉන්න පුළුවන්. නැත්නම්...ඔය ගාංචු ටික ගලවලා ජීවිතේ බේරගන්න පුළුවන්. තීරණය ඔයාගෙ අතේ....

"මම හිතන්නෙ jungkook සර් taehyun සර්,උකුස්සා ආයෙත් දඩයම පටං අරන් .......
_______________________________________
කෙසේ හෝ එම මාරක සිදුවීමෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ karina ගේ අවදානය යොමු වූයේ ඈට ඉදිරියෙහි වූ එම යතෝක්ත විශාල දොරටුව වෙතටය. එය ඉතා විශාල කාල වර්ණ වූ ද්වාරයක් වූ අතර ඈ එම දොරටුව විවර කර සිටියේ,ඈට පිටව යාමට හෝ ඇතුල් වීමට වෙනත් ද්වාරයක් නෝවූ හෙයිනි.

ඈ එම ද්වාරය විවර කරනවාත් සමඟම ඇතුල් වූයේ අ‍ඳුරු කොරිඩෝවක් තුළටය. ඒ තුලින් ගමන් කිරීමට යැයි පවසන ආකාරයේ රතු පැහැති ඊ හිස් ඉහලට යොමුව තිබූ ඊතලයක් කොරිඩෝවේ පොළොව මත ඇ‍ඳ තිබුනි.

මේ සිදුවෙමින් පවතින දෑ පිලිබඳ මහත් භීතියටත් කුතුහලයටත් පත්ව සිටි karina අදාල ඊ හිස ඔස්සෙ කොරිඩෝවෙ ඉදිරියට ගමන් කරේ තම ගැහෙමින් පවතින හදවතේ වේගය තව තවත් වැඩි කරවා ගනිමිනි. ඈ එලෙස මද දුරක් ඉදිරියට ගමන් කරන්නට ඇත.. ඈ ගමන් කරමින් පැවති එම කොරිඩෝව අවසන් වන්නට විය. ඊට පසුව ඈට ඉදිරියෙන් වූයේ ප්‍රහේලිකා පුවරුවක් බව ඈ හඳුනා ගත්‍තාය. ඊට ඉදිරියෙන් පැවතියේ විශාල වීදුරු බිත්තියකි. එම බිත්‍තියෙන් අනික් පස ඇත්තේ කුමක් දැයි karina ට පැහැදිළි ව නොපෙනුනේ,එම ප්‍රදේශය තරමක් අඳුරේ ගිලී පැවති හේතුවෙනි. ගත වූයේ නිමේශයකි. karina ගේ ජංගම දුරකථනයට පැමිණියේ එක් නාදුනන අංකයකින් ආ ඇමතුමකි. ඈ එයට ප්‍රතිචාර දැක්වූයේ,මහත් කුතුහලයකින් සහ භීතියකින් බව ඇගේ වෙවුලමින් පැවති දෑඟිලි වලින් කිව හැකි විය.

JIGSAW:(S02)- BLOODY ROOMS (18+)Where stories live. Discover now