Chapter 12 :_🥀_:

371 85 15
                                    

කැෆේටේරියා එකෙන් එලියට ගිය ජිමින් නැවැතුනේ වොශ් රූම් එකේ.කණ්නාඩියක් ඉස්සරහට ගිහින් තමන්ගෙම මූණ දිහා අප්‍රසන්නව බලපු ජිමින් අඩන්න ගත්තේ මේ දැනෙන වේදනාවෙන් ටිකක් හරි අඩු කරගන්න.

"චිමී"

කණ්නාඩිය ඉස්සරහට වෙලා බිම බලන් හිටපු ජිමින්ට දැනුනේ කවුරුහරි තමන්ගේ උරහිසට අත තියනව වගේ.එයා හිතුවේ ටේ කියලා.මොකද එයාට චිමී කියන්නෙ ටේ විතරක්ම නිසා.
ජිමින් ආපු කෙනාගෙ මූණවත් නොබලා එයාට තුරුල් වෙලා අඩන්න ගත්තේ තමන්ගේ යාලුවාගෙ උණුහුම හැමදාම තමන්ව ආරක්ශා කරන නිසා.

"මට සමාවෙන්න මගේ බෙයා.මට සමාවෙන්න ඔයාගෙ චිමිට සමාව දෙනවා නේද? කියන්නකෝ මට ගහන්න,බනින්න!!! දෙයියනේ මං කෝමද ඒ වගේ කතා කලේවත්.අර බෝගම් කියන #$&*#* කොහොමද මගේ බෙයාව ඇල්ලුවේ දෙයියනේ මට සමාවෙන්න.......සතියක්!! සතියක් මං ඔයාව තනි කලා.මට සමාවෙන්න ටේටේ.මා එක්ක තරහ වෙන්න නම් එපා.මට ප්‍රශ්නයක් නෑ ඔයාට ඇත්තටම ආදරේ කරන කවුරු එක්ක වුනත් ඔයා යාලු වුනාට.ඒත් මට බයයි මගෙ බෙයාට අඩන්න වේවි කියල.ඒකයි මං බය වුනේ.

යුන්ගි හියුන්ග් මට බැන්න ටේ.මට බය හිතුනා.එයාගෙ ඇස් ඒවා කේන්තියෙන් රතු වෙලා.මට ගොඩාක් බය හිතුන ටේ.මට දුකයි.එයා,එයා මට බැන්නා ටේටේ.ආයෙමත් සමාවෙන්න මගේ බෙයා.ඔයාගේ චිමීට සමාවෙන්න."

ජිමින් නොනවත්වාම අඩමින් කතා කලේ සමාව ඉල්ලමින්.

"ඒ තරම් රිදුණද?"

ඒ ඇහුනේ තමන් බදාගෙන හිටපු කෙනාගෙ කටහඩ.ඒත් ඒ ටේ ගේ කටහඩ නෙමේ නේද? ජිමින් වේගෙන් පිටිපස්සට හැරුනේ ඉන්න කෙනාව අදුරගෙන.එයාට දැණුනෙ ලොකු අපහසුතාවයක්.
.
.
.
.
.
.
.
.
"යු-යුන්ගි හියුන්ග් ඔයා?" 🥺

ඔව් ඒ හිටියේ යුන්ගි.කැෆේටේරියා එකෙන් එලියට ආපු ගමන් යුන්ගි ආවේ වොශ් රූම් එකට.ටිකක් වෙලා වතුරෙන් මූන තෙත් කරමින් හිටපු යුන්ගිට ඇහුනේ කවුරුහරි වොශ් රූම් එක පැත්තට දුවගෙන එන හැටි.එය හැංගුනේ එයාගෙ කදුලු කාටවත් පෙනෙයි කියලා.එයා අඩන කෙනෙක් නෙමේ කොහොමටවත්.ඒත් එයා දැන් ජිමින්ට බැන්න.ඒකම ඇති යුන්ගිට ඇඬෙන්න.ජිමින් වොශ් රූම් එකට ආවම යුන්ගි පුදුම වුනා.ජිමින්ගේ ඉකි ගැසීම එන්න එන්න වැඩි වෙනවා දැකපු යුන්ගි ජිමින්ට කතා කලත් එයා එක පාර තමන්ට තුරුල් වෙලා අඩන ජිමින්ව දැක්කම යුන්ගි ගොඩක් පුදුම වුනා.එක අතකින් එයාට දුක හිතුනෙ තමන් මේ අහිංසකය රිද්දුවා නේද කියා හිතද්දි.

Unexpected Love 🥀 (Taekook) COMPLETED Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ