Chapter 11 :_🥀_:

374 92 2
                                    

Hello!!
Good morning my dear friends!!
Can I have your attention please ?

හැමෝම බලන් හිටියේ ජන්කුක් කියන්න යන දේ ගැන.

"Okay මම අද කියන්න යන්නෙ වැදගත් දෙයක් ගැන.කවුරු විරුද්ධ උනත් මට වැඩක් නෑ.මේ මගේ තේරිම.මම ජියෝන් ජන්කුක්.ඒක හැමෝම දන්නවා ඇතිනේ.මේ BangTan ලගේ වෙන්න ගොඩක් අය දැගලුවනේ.දැනටමත් දෙන්නෙක් taken.මේ ඒ එකතු වෙන්න යන අලුත් කෙනා.අඳුරගන්න BangTan ජියෝන් ජන්කුක්ගේ cute,lovely boyfriend කිම් ටේහ්‍යුන්ව!!"

ටේහ්‍යුන්ට දැනුනේ ලොකූ සතුටක්.ඉස්කෝලෙ කොනක කොන් වෙලා හිටපු කෙනා අද ඉස්කෝලෙම ලමයි ලබා ගන්න ට්‍රයි කරන ඒ කුමාරයාගේ boyfriend.ඒත් දෙන්නෙක්ට මේ ආරංචිය හොද වුනේ නෑ.

ඒ ජිමිනුයී,ටේරායි.ටේරා ඒ වෙනකොටත් ජන්කුක් එක්ක කතා කරලා තිබ්බෙ වචනයයි,දෙකයි.මේ තමන් මැරි කරන්න ඉන්න පිරිමියා තව කෙනෙක්ට ආදරේ කරනවා කියලා ඉස්කෝලෙ ඉස්සරහම කියද්දි මේ වෙනකොට ඒ දෙන්නා මැරි කරන්න ඉන්න බව ගොඩාක් දෙනා දන්න නිසා ටේරා පත්වුනේ ලොකු අපහසුතාවයකට.එයා කාටවත් නොපෙනෙන්න ඉක්මනින් එතනින් ඉවත් වෙලා ගියා.

එතකොට මේ කිසි දෙයක් නොදන්න ජිමින් හිටියේ තරහින් පුපුරමින්.මේ නිව්ස් එකෙන් පුදුම වුන ගෑණු ලමයින්ගේ හීල්ලීම නතර වුනේ මේසෙට වැදුනු වේගවත් පහරක් නිසා.ඒ ජිමින්.

"තමුසෙට පිස්සුද ජන්කුක් ආ? ටේහ්‍යුන් කවද්ද තමුසෙගේ boyfriend වුනේ.තමුසේ එයාට බල කලා නේද ආ කියනවා? යමු ටේ බබා අපි පොලීසි යන්.ඉස්කෝලෙ තමුසෙගෙ වුනාට ඉස්කෝලෙ ළමයි තමුසෙගෙ දේපළක් නෙමේ."

"චිමී"

ඒ ටේහ්‍යුන්.ඒත් ජිමින් නෙමේ ඇහුවේ.

"නෑ ටේ කතා ඇති.මූ ඕනවට වඩා වැඩී.හහ් බලපන්කෝ ලොකුකම.පොලිසියෙදිම හම්බෙමු මිස්ටර් ජියෝන්."

යුන්ගිට,ජිමින්ව දැක්කම මතක් වුනේ ස්කුබිඩූ කාටූන්  එකේ පොඩි බලු කුක්කා ස්ක්‍රැපීව.පුංචියට ඉදගෙන දාහකට නෙලන්න කතාව.

"ජිමින් පො-පොඩ්ඩක් අහන්නකෝ"

ඒත් ජිමින් නෙමේ ඇහුවේ.

"නෑ ටේ බබා,මේ යකාට කියන දෙයක් අහන්නෙ නෑ.ඒකයි."

මේ වෙනකොට ජන්කුක් ගේ ඉවසීම නම් ටික ටික අඩු වේගෙන එන ගමන් තිබ්බේ.

Unexpected Love 🥀 (Taekook) COMPLETED Onde histórias criam vida. Descubra agora