@Wedding Day...
ජන්කුක් හිටියේ අවදිවෙලා.වෙලාව උදෑසන හතයි.ලීසා කාමරයට ආවේ මේ වෙලාවෙ.ඒ විවාහයට ජන්කුක්ව ලෑස්ති කරන්න.ඒත් ජන්කුක් කලේ නූනා ආපු ගමන් එයාව බදාගෙන අඩන එක.
"නූනා"
"ජන්කූ"
"අන්තිමට මං හැමදාම බය වුන දේ වෙන්න යන්නෙ නේද? මගේ ටේහ්යුන්.මගේ බෙයා.ආයෙ කවදාවත් මං ඉස්සරහට එන එකක් නෑ.එයාගෙ චුටි තොල් මගේ තොල් වල වදින එකක් නෑ,ලැජ්ජ හිතුනාම මගේ පපුවේ මූන හංග ගන්න එකක් නෑ,කුකී හියුන්ගී කියලා මට කතා කරන එකක් නෑ.ඒ හැමතැනම දැන් ඉන්නෙ ටේරා.ටේරා!!! ටේරා!!! ටේරා!!! කවදාවත් එයාට ටේ බෙයාගේ තැන ලැබෙන එකක් නෑ."
"නෑ ජන්කූ ටේරාට වෛර කරන්න එපා.එයා මේ කිසි දේකට හේතුවක් නෙමේ.මේ හැමදෙයක්ම අපේ දෙමව්පියෝ කරපු දේවල්.අපිට වෙලා තියෙන්නෙ රොබෝලා වගේ ඔලුව වනන එක විතරයි.එයත් එහෙමයි ජන්කූ.එයාව ආදරෙන් බලාගන්න."
"මං හිතන්නෙ නෑ නූනා.ටේරා හැමදාම මගේ සහෝදරියක් විතරයි.එයා කවදාවත් මගේ බිරිඳ වෙන එකක් නෑ.මගේ එකම ආදරේ මගේ ටේහ්යුන් විතරයි.ඒ තැන කාටවත්ම ගන්න බෑ."
"මට තේරෙනව ජන්කූ.එදා මට දැනුනෙත් ඒ දේමයි.ඒත් අද එයා මං ගාව නෑ.එයා දැන් පුංචි රෝස මලකගේ අප්පා කෙනෙක්.ආයෙ කවදාවත් සූබින් මගේ වෙන එකක් නෑ."
"අඬන්න එපා නූනා.අපිට ලැබුන දේ මේ.මං අඩන්නෙ නෑ.මගේ ඒන්ජල් මට අඩන්න එපා කිව්වා.මේ එයා වෙනුවෙන්."
"හ්ම්.දැන් යමු ලෑස්ති වෙන්න.අපිට පරක්කු වෙයි."
ජන්කුක් ලීසාට වාරු වෙලාම ඇදෙන් බැහැලා ගියේ බාතෲම් එකට.පස්සෙ එයා ගියේ එයාගෙ stylish ගාවට.
After 2 hours
උදේ නමය වෙද්දි ජන්කුක් වගේම මනාලිය වුන ටේරාත් සූදානම් වෙලා හිටියා.
ජන්කුක් වෙල්වට් රෙද්දෙන් මැසූ කලු පාට ඇඳුම් කට්ටලයකින් සැරසෙද්දි ටේරා ඉතාම සුන්දර මනාලියක් වුනා.ලා රෝස පාට touch වුන ලස්සන ගවුමක් එයාව හැඩ කලා.කොන්ඩෙ කඩලා දාලා වේල් එකකින් වහල තිබුනා.ටේරාගේ ස්වාභාවික සුන්දරත්වය ආරක්ශා වෙන පරිදි චාම්,එහෙත් සුන්දර make up එකක් දාලා තිබුනා.ඇය සැබැවින්ම සුන්දරයි.ඒත් ජන්කුක්ගේ ඇස් වලට හැමදේටම වඩා ටේහ්යුන් සුන්දර වුනා.
හැමෝටම ඒක විවාහයක් වුනත් ජන්කුක්ට ඒක තවත් business deal එකක් විතරයි.
![](https://img.wattpad.com/cover/312283803-288-k80360.jpg)
ESTÁS LEYENDO
Unexpected Love 🥀 (Taekook) COMPLETED
Novela Juvenilඅහම්බය,මං ඒකට ගොඩාක් ආදරෙයි.ඇයි දන්නවද?💜️ ඒක මගේ ජීවිතයම ලස්සන කරන්න හරිම කෙනා මට පෙන්නලා දුන්නා.💕