Chapter 02 :_🥀_:

511 104 19
                                    

(කතාව වෙනුවෙන් අදාල Artist ලගේ නම් භාවිතා කරනවා පමණයි.වරදවා වටහා ගන්න එපා.)

ජිමින් ටේට මිල්ක්ශේක් අරන් දීල එහෙමම ගියේ ලෙක්චර් හෝල් එකට.තාම වෙලාව හරි නැති නිසාම ලමයි ගොඩක් දෙනා හිටියේ කොරිඩෝ එකේ.ඒත් දොර ගාවම හිටියේ කවුද කියල දැක්කම ජිමින්ටයි,ටේටයි එලොව පොල් පෙනුනා.ඒ හිටියේ College Gangsters ල ටික.2nd year Students ලා හතර දෙනෙක්.

ජියෝන් ජන්කුක් වගේම එයාගෙ නසරානි යාලුවෝ ටික.

ජන්කුක් කියන්නෙ මේ College එකේ අයිතිකාරයගෙ පුතා.ඉතින් මිනිහා ඒක පිටින් දාල කරන්න තියෙන ඔක්කොම නසරාණි වැඩ ටික කරනවා.ප්‍රින්සිපල් වුනත් ජන්කුක් ට බයයි.මොකද ජන්කුක්ට මොනවා හරි කිව්වොත් රස්සාව ගහල යන්න වැඩි කලක් යන්නෙ නෑ එයා හොදටම දන්නවා.

එතකොට මින් යුන්ගි,ජන්කුක් ගේ එක් නසරාණි යාලුවෙක්.යුන්ගි,ජන්කුක් තරම් ඇක්ටිව් නොවුනත් ජන්කුක් ට වඩා තරහ යනවා.ජන්කුක්ට තරහා ගියාම පාලනය කරන්න පුලුවන් එකම කෙනා තමා යුන්ගි.යුන්ගි ගේ අප්පා මින් කම්පැනි එකේ අයිතිකාරය නිසා ජන්කුක් ගේ අප්පාව හොදටම දන්න කෙනෙක්.එයාල business partners ලා.

එතකොට අනික් කෙනා කිම් නම්ජූන්.මේ සෙට් එකේ බුද්ධිමත් කොල්ලා.අනික් දෙන්න කරන වැඩ අනුමත නොකලට ඕවට හවුල් නොවෙනවම නෙමේ.ඒත් යුන්ගි ටයි,ජන්කුක් ටයි ඒ තරම් ආදරේ වෙන කවුරුත් නැතුව ඇති.මෙයාගෙ අප්පාත් business world එකේ ඉහළම පුටුවක ඉන්න කෙනෙක්.

ජන්ග් හෝසොක්,මෙයා නම් හැම වෙලේම හිනා වෙලා ඉන්න සුන්දර චරිතයක්.ඔව් එයා හරිම සුන්දරයි.ඇත්තටම.ඒත් කරුමෙට වගේ ඉන්නෙ ජන්කුක් ලා එක්ක.කරන්න දෙයක් නෑ.මොකද ජන්කුක් සහ හෝසොක් කියන්නේ නෑදෑ සහෝදරයෝ.ඒ නිසා ඇරෙන්න හෝසොක් නැත්තම් හොබීට මේ සෙට් එකට එන්න කොහොමටවත් අවශ්‍යතාවක් නෑ.මොනා උනත් කොල්ල අහිංසක කෙල්ලෙක්ගේ boyfriend කෙනෙක්.ඒ ජීසූ.දෙන්නම ගොඩක් අහිංසකයි.

ජන්කුක්,යුන්ගි,නම්ජුන්,හොබී මේ සෙට් එක එහෙම නැත්තම් Bangtan ලා තමා කොලේජ් එකේ චණ්ඩියෝ ටික.කෙල්ලො,කොල්ලො දෙගොල්ලොම මෙයාලට පිස්සු වැටිල හිටියත් ඒක පෙන්නන්න කවුරුත් බයයි.මොකද මේ කොලේජ් එකේ bangtan ලගෙන් ලැජ්ජ වෙනවට වඩා හොදයි සියදිවි නසාගන්න එක.

ඔන්න ඔය සෙට් එක තමා දැන් මේ වෙලාවෙ 1st year ලමයින්ගේ ලෙක්චර් හෝල් එකේ දොර හරස් කරගෙන හිටියේ.

ටේ නම් දැනටමත් ඔලුව පාත් කරන් හිටියේ එයාල ගැන හොදටම දන්න නිසා.ජිමින් නම් කේන්තියෙන් පුපුරනවා.Bangtan ලාගේ මින් යුන්ගි මේ ගම්මිරිස් ඇටේ දිහා බලන් හිටියේ හිනාව කාගෙන.කේන්ති ගත්තට ගහගන්නවත් පුලුවන් යෑ ජිමින්ට.

ඒ එක්කම
"Wow Wow Wow කවුද බලන්නකෝ මේ එන්නෙ...."

ජන්කුක් අත්පුඩි ගහගෙන සමච්චලයට කිව්වෙ ටේ ලාගෙ පාර අවහිර කරමින්.

"හිඟන ආදරවන්තයයි එයාගේ මෝචි බන් එකයි."

ජන්කුක් ටේගේ මූණට එබීගෙන කතා කලා.

"ජන්කුක් අපිට යන්න දෙන්න.අපි ඔයාට මොකුත් කලේ නෑ නේ."

ජිමින් කිව්වෙ අදත් පෙරලෙන බාල්දිය ගැන දැනගෙන.

"වාව් බලනවකෝ මේ පොඩි එකාගෙ කටේ සද්දේ.තමුන්ගේ උසට හරියන්නවත් කතා කරන්න දැන ගන්නවා.මං තමුසෙට වඩා වැඩිමල්"

ජන්කුක් එයාගෙ අනික් පිරිස දිහා බලල මහ හයියෙන් හිනා වුනා.

"යුන්ගියා දන්නවද අද එක්කෙනෙක් සෝයූන් ගෙන් කැමත්ත අහලානේ.හහ් මාර විහිලුව තමා....."

"කවුද මේ මූද? සෝයුනා ගෙන්.අර පට්ට කෑල්ල.අම්මෝ බන් ඉතින් ඉතින් මොකෝ රෝමියෝ,ජුලියට් මොකද කිව්වෙ."

යුන්ගි ඇහුවේ ටේ ගේ මුණට එබෙමින්.ටේගේ බෝල ඇස්වල දැනටමත් කදුලු.වටේපිටේ ලමයි ඔක්කොගෙම අවධානය තිබුනේ මේ කට්ටිය ගාව.ජිමින් දැනටමත් කේන්තියෙන් රතු වෙලා.

"ඇති මේක නවත්තනවලා.ඒ ළමයට පාඩුවේ ඉන්න දෙනවා."

ජිමින් නොහිතපු විදිහට යුන්ගි ව තල්ලු කලේ නම්ජුන්ගේ ඇගේ වැදෙන විදිහට.නම්ජුන් අල්ල ගත්තේ නැත්තම් යුන්ගි කෙලින්ම බිම.ඒකට යුන්ගියට කේන්ති ගිය බව අමුතුවෙන් කියන්න ඕනි නෑ.එයා ඉස්සරහට පැන්නේ ජිමින්ට ගහන්න.ඒත් ඊට කලින්

"නවත්තන්න ඕක."

___________________________________  කවුද ඒ?
අපි බලමු.ගෙස් කරන්න.ඔන්න Second Chapter එක.මේකේ ටේකුක් ට අමතරව අනික් ships දෙක තුනක් තියේවි.ඒකට අකමැති කවුරුහරි ඉන්නවා නම් කියන්න.ඇත්තටම මම මේක කම්ප්ලීට් කරල තියෙන්නෙ.එඩිට් කරන්න විතරයි තියෙන්නේ.ඒ නිසා ඩේලි අප්ඩේට් දෙනවා.ශෝට් චැප්ටර්ස් තමා දාන්න වෙන්නෙ සමාවෙන්න. අදහස් කියන්න.

Then Bye Roses....
Will meet you with next chapter....
Love you all.....
Stay safe........🌏💜️

Dreamy Meg 🌈️

Unexpected Love 🥀 (Taekook) COMPLETED Onde histórias criam vida. Descubra agora