Chapter 06 :_🥀_:

406 94 3
                                    

"Hello Good Morning Little Prince"

ටේ තිගැස්සුනේ නුපුරුදු කටහඩකින්.

"Hello Good Morning."

ටේ නැවත සුභ පැතුවේ එහෙම නොකර ඉන්න ටේට සාධාරණ හේතුවක් නොතිබුන නිසා.

"ඉතින් මම බෝගම්.පාර්ක් බෝගම්.2nd year student කෙනෙක්.එතකොට ඔයා?"

"ඔහ් මම කිම් ටේහ්‍යුන් හියුන්ග්.1st year.හියුන්ග් මෙහෙට අලුත්ද ?
මං වැඩිය දැකලා නෑ ඒකයි."

"නෑ ටේහ්‍යුන් එහෙමමත් නෑ.මං දැන් ඇවිත් අවුරුදු එකහමාරක් වෙනවා.1st year එක මැදදි ආවේ.ඒක නෙමෙයි ඔයාගෙ නමත් ලස්සනයි ඔයා වගේම."

ටේ ව රෝස පාට වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

"Thank you හියුන්ග්"

ටේ කිව්වේ බිම බලාගෙන.

"මේ ඒක නෙමෙයි මං ඔයාට ටේ කිව්වට කමක් නෑ නේ.ම්ම්ම්"

"අයියෝ කමක් නෑ හියුන්ග්."

"ඉතින් ඔයා තනියෙමද උදේට එන්නේ ? යාලුවෝ කවුරුත් නැද්ද?"

"නෑ හියුන්ග් උදේට එන්නෙ නම් තනියම.ඒත් මගේ යාලුවා ජිමින්.එයා සතියක් යනකම් කොලේජ් එන්නෙ  නෑ."

"ඔහ් ඔයාව මේ සතියේ මම එක්ක එන්නම්.හාද?"

"ඒත් කමක් නෑ හියුන්ග්.මම තනියමනේ කොහොමත් එන්නේ."

"ඒත් මේත් නෙමේ ටේ.ඔන්න මං තරහයි හරිද ආවේ නැත්තම්."

බෝගම් අඩන මූණක් හදාගෙන කියපු විදිහට ටේට බෑ කියන්න බැරි වුනා.මොකද ටේ තමන්ට වඩා අනික් අය ගැන හිතන කෙනෙක්.

"හරි මං එන්නම් හියුන්ග්."

ඒත් මේ අහිංසක මූණ පිටිපස්සෙ තියෙන කපටි බළල් මූණ ටේ දැක්කෙ නෑ.බෝගම් කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම play boy කෙනෙක්.කොල්ලෝ,කෙල්ලො දෙගොල්ලන්ම බෝගම්ගේ උගුලට අහුවෙලා තියෙනවා.ඒ අයව තමන්ට ඕනි විදිහට පාවිච්චි කරල අත ඇරලා දාන්න බෝගම් දෙපාරක් හිතන්නෙ නෑ.මේ පාර ඒ දැලේ වැටෙන්න යන්නෙ අපේ ටේහ්‍යුන්.එයාට බේරෙන්න පුලුවන් වෙයිද?

සුපුරුදු පරිදි මේ වෙලාවේ කෝලෙජ් එකේ ගේට් එකෙන් වාහන ටික දාපු BangTan ලා දැක්කෙ ගේට් එක ගාව බෝගම් ටේහ්‍යුන් එක්ක කතා කර කර ඉන්නවා.එයාලගෙම වයසේ ඉන්න බෝගම් ගේ හැටි කවුරු නොදැන හිටියත් bangtan ලා දැනන් හිටියා.එක්කේනෙක් ඇස් කේන්තියෙන් රතු වෙද්දි තව කෙනෙක්ගෙ ඇස් එහෙ මෙහෙ ගියේ කාව හරි හොයන්න වගේ.

Unexpected Love 🥀 (Taekook) COMPLETED Donde viven las historias. Descúbrelo ahora