Chapter 13 :_🥀_:

371 85 3
                                    

ජිමින්,යුන්ගිගේ අත් දෙක තමන්ගේ අත් අතරට පටලවගෙන වොශ් රූම් එකෙන් එලියට ආවා විතරයි.එයාගෙ කකුල පැටලිලා වැටෙන්න ගියා.ඒ තව කෙනෙක්ගේ කකුලේ පැටලිලා.

"දෙවියනේ..............."

Flashback........

ජිමින් ටේට බැනලා කැෆේටේරියා එකෙන් ගියත් ටේ කලේ බිමට වෙලා අඩන එක විතරයි.Interval එක ඉවර නිසා ලමයි ගොඩක් දෙනා තම තමන්ගේ ලෙක්චර්ස් වලට පිටත් වෙලා ගිහින් තිබුනා.දැන් කැෆෙටේරියා එකේ හිටියේ ජන්කුක්,ටේ,ජීසු,හොබී සහ නම්ජුන් විතරයි.ටේ,ජන්කුක් දෙන්නට තනියෙන් ඉන්න දීල අනික් අයත් එයාලගෙ ක්ලාස් වලටම ගියා.ජීසු,ටේව ජන්කුක් අතට දුන්නෙ පුංචි දරුවෙක්ව වගේ.ජීසු කියන්නෙ පොහොසත් වුනාට පොඩ්ඩක්වත්ම ලොකුකම ගෑවුන කෙනෙක් නෙමේ.එයා ටේව බලාගත්තේ එයාගෙම මල්ලි වගේ.ජන්කුක් ටේව තුරුල් කරගෙන මේසෙකින් වාඩි වෙද්දි ජීසු එතනින් ගියේ;

"ඕනෙ වුනොත් කතා කරන්න"

කියමින්.

ජන්කුක් ඔලුව වනලා හා කිව්වා.

ඊලගට ජන්කුක් බැලුවේ තමන්ගේ තුරුලේ අඩලම හෙම්බත් වෙලා ඉන්න එයාගෙ ඒන්ජල් දිහා.ඒ ඇස් ගොඩක් රිදෙනව ඇති,කම්මුල් තාම කදුලු වලින් තෙත් වෙනවා,රෝස පාට තොල් වෙවුලනවා.ජන්කුක් ඉක්මනට නැවිලා ටේ ගේ තොල් උඩින් තමන්ගෙ තොල් තිබ්බෙ ටේව සන්සුන් කරන්න.ඒකෙන් ටේගේ ඉකිය තවත් වැඩි වුනා.එයා තවත් ජන්කුක්ට තුරුල් වුනා.

"ඒන්ජල් දැන් ඇඩුවා ඇති මැණික"

"කුකී හියුන්ග්,මගේ චිමී-චිමී එයා මා එක්ක තරහද හියුන්ගී,මා එක්ක කතා කරන්නෙ නැද්ද? එයාගෙ බෙයාව එයාට ඕනි නැද්ද කුකී?"

ටේහ්‍යුන් හිටියේ හොදටම අඩමින් තව අඩන්නවත් එයාට හයියක් නෑ.

"නෑ මගේ මැණික.එයා එහෙම තරහ වෙන්නෙ නෑ මගේ ටේ බෙයා එක්ක.එයාට පොඩ්ඩක් තරහ ගියා එච්චරයි බබා.ඔන්න බලන්නකෝ එයාම ඇවිත් ඔයාට කතා කරන හැටි."

ජන්කුක් කිව්වේ ටේගේ කොන්ඩේ අතරින් තමන්ගේ ඇගිලි ගෙනියමින්.ටේට එක ලොකු පහසුවක් වුනා.

"ඔය ඇත්තමද හියුන්ග්? චිමී මට කතා කරයිද? එහෙනම් එයා එනකම් අපි මෙතන ඉමු."

Unexpected Love 🥀 (Taekook) COMPLETED Wo Geschichten leben. Entdecke jetzt