Chapter 09 :_🥀_:

386 95 4
                                    


Small Part from the previous chapter

බෝගම් කෙලින්ම ටේගේ තොල් මග ඇරලා පාත් වුනේ ටේගේ බෙල්ලට.බෝගම්ගේ තොල් ටේ ගේ බෙල්ල දිගේ උඩට පල්ලෙහා දුවද්දි ටේ පැසෙන්ජර් සීට් එක පැත්තේ දොරටයි බෝගම්ටයි මැදි වෙලා හිර වුනා.බෙල්ලෙන් මෑත් නොවීම ටේහ්‍යුන් ගේ කලිසමට අත ගෙනිච්ච බෝගම් ලෑස්ති වුනේ ඒක ගලවල දාන්න.ඒ ටේගෙ ඇඩිල්ල නිසා වාහනේ දෙදරුම් කද්දි.ඊට පස්සෙ සිද්ධ වුනේ ඒ දෙන්නම නොහිතපු දෙයක්.

Back to story

පැසේන්ජර් සීට් එකේ දොරට හිර වෙලා හිටපු ටේහ්‍යුන් දොර ඇරෙනවත් එක්කම මැදි වුනේ දරදඩු,උණුසුම් අත් දෙකක් මැදට.ඒ වෙන කවුරුත් නෙමේ ජන්කුක්.Shirtless හිටපූ බෝගම් එක පාරට තල්ලු වෙලා ගිහින් දොරේ වැදුනා.අඩමින් සිටි ටේහ්‍යුන් ව එලියට අරගෙන පරිස්සමෙන් එයාගෙ වාහනෙන් තිබ්බ ජන්කුක් බෝගම් ව එලියට ඇදලා ගත්තේ සතෙක් ගානට.

වැස්සෙම බෝගම්ට ගහන්න ගත්ත ජන්කුක් ඔහුගේ කටින් ලේ විසි වෙනකම්ම  බෝගම්ට පහර දුන්නා.ජන්කුක් ඉදිරියේ බෝගම් දුර්වලයි.ජන්කුක් ඉන්නෙ හොද සිහියෙන් නෙමේ නිසා ලොකු වැරැද්දක් වුනත් වෙන්න බැරි නෑ කියල තේරුම් ගත්ත ටේ අමාරුවෙන් වාහනෙන් බැහැල ඇවිත් ජන්කුක් ගේ අතේ එල්ලුනේ නවත්තන්න කියමින්.ජන්කුක් ඔහුව නොසලකාහරිමින් නැවතත් බෝගම්ට පහර දෙන්න වුනා.

ඒත් ආයෙමත් ටේහ්‍යුන් මහා හයියෙන් අඩන්න ගත්ත නිසා ජන්කුක් මදකට නතර වෙලා බැලුවේ ටේහ්‍යුන් දිහා.ඒ බෝල ඇස් වලින් නොනවත්වාම කදුලු ගලනවා,ඒ පීච් පාට කම්මුල් රතු වෙලා,ස්ට්‍රෝබරි වගේ රතු තොල් බයෙන්ම වෙවුලනවා.මේ දර්ශනය ජන්කුක් ව නතර කලා.ඔව් ජන්කුක් හැමදාම ටේව follow කලා.මොකද ඒ බෝගම්ගේ හැටි දන්න නිසාම.

එයා ඉක්මනට බෝගම්ව තල්ලු කරලා ටේව ආයේ වාහනේට නැග්ගුවා.ඒත් ඔහුගෙ තරහ පහවුනේ නෑ.දැනටමත් මල කදක් වගේ බිම වැටිලා පන අදිමින් උන්න බෝගම් වෙතට ලං වුන ජන්කුක්,

"තෝ මතක තියාගනින් බෝගම්, මේ ජන්කුක්ගේ දේවල් වලට අත තියන්න කලින් දෙපාරක් නෙමේ සියපාරක් හිතපන්,ආයේ ටේහ්‍යුන් දිහා ඇහැක් ඇරලා බලල තිබුනොත් තමුසෙට ඒ බලපු ඇස් ගැන පසුතැවෙන්න වෙයි.ජරා බල්ලා!!!!!!!!!" 🤬

Unexpected Love 🥀 (Taekook) COMPLETED Donde viven las historias. Descúbrelo ahora