Chapter 08 :_🥀_:

398 95 10
                                    

After 3 days,

ජිමින් තාම කොලේජ් ආවේ නෑ.ටේ මේ දවස් කිහිපය උදේට ආවෙත් හවසට ගියෙත් බෝගම් එක්ක.එයා හැසිරීමෙන් ටිකක් අමුතු වුනත් ඒ ගැන ටේ හිතන්න ගියේ නෑ.ටේ ජිමින් එක්ක ජින් හියුන්ග් ගේ ෆෝන් එකෙන් කතා කලත් එයාට හිතුනේ නෑ බෝගම් ගැන කියන්න ඕනි කියල.

ජන්කුක්ට වුනේ බරපතල දෙයක්.එදා ජන්කුක් ටේ වෙනුවෙන් කතා කරන විඩියෝ එක මිස්ටර් ජියෝන් අතට ලැබිල තිබුනා.ජන්කුක්ට ගෙදරින් එළියට යන්නත් තහනම් කලේ ජියෝන් පවුලේ නම්බුව නැති කලා කියලා.ඒත් ලීසා; ජන්කුක්ගේ නූනා කොහොමහරි ජන්කුක් ව කොලේජ් යවන්න අප්පාව කැමති කරව ගත්තා.

එයා මේ දවස් කිහිපයට ගොඩක් වෙනස් වෙලා.වෙනදට හිටපු ආඩම්බරකාර,කඩවසම් ජන්කුක් දැන් පේන්න නැති තරම් ඒ වෙනුවට ඉන්නෙ පරාජිත හැගීමකින්,හිනාවෙන්න ඕනිවට හිනා වෙන ව්‍යාජ ජන්කුක් කෙනෙක්.එයාගෙ අන්තිම බලාපොරොත්තුව වුනේ ටේහ්‍යුන්.දැන් එයාත් වෙන කෙනෙකුගෙ කියල හිතද්දි ජන්කුක් ගෙ ආත්මය එයාගෙන් වෙන් වෙනවා වගේ හැගීමක් එයාට දැනුනේ.ටේරා; එයා ගොඩාක් අහිංසක කෙනෙක්.එයාගෙ හොදම යාලුවා සෝයූන්,කායි එක්ක හුරතල් වෙද්දි එයාගෙ ඇස් නොදැනුවත්වම ජන්කුක් දිහාට හැර වුනත් ජන්කුක්ගේ ඇස් අස්සෙ හුරතල් වුනේ ටේහ්‍යුන්ගෙ රූපෙම විතරයි.කොහොම නමුත් ටේරා එක දෙයක් තේරුම් අරන් තිබුනා.

එදාත් වෙනදා වගේම දවසක්.වෙනසකට තිබුනේ එදා ටිකක් අඳුරු කරපු,වැස්සක් ලගම එන පෙනුමක් තිබුන එක.හොබී,ජීසු එක්ක ශොපින් යද්දි නම්ජුන්,ජින්ව මුණ ගැහෙන්න ගියා.යුන්ගි එයාගෙ අප්පාගෙ කම්පැනි එකට ගියේ ඒකෙ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබුන නිසා.අද ජන්කුක්ට ගෙදර යන්න වෙන්නෙ තනියම.සුපුරුදු පරිදි ජන්කුක්ගේ ඇස් මායිමෙන්ම ටේහ්‍යුන් බෝගම්ගේ වාහනයට නැගුනා.

ඔව් ජන්කුක් හැමදාම බලන් හිටියා ටේහ්‍යුන් බෝගම් එක්ක යන හැටි.ඒ වගේ ජන්කුක් හැමවෙලේම ටේහ්‍යුන් එක්ක හිටියා එයා නොදන්නවා වුනාට.ඇයි මේ කැප කිරීම්.එයා ටේහ්‍යුන් ට වෛර කරනවද? නැත්තම් ඒ ආදරේද? හිතන්න! ජන්කුක් දැනටමත් කෙනෙක්ගේ ස්වාමිපුරුෂයෙක් විදිහට තීන්දු වෙලා ඉවරයි.ඒත් ඒ ආදරේ නොදැනුන තැන නම් ඒ තීන්දුව නිවැරදි ද? දෙවියන් වහන්සේ දුන් තීන්දු ඇර අනික් කිසිදු තීරණයක් සීයට සීයක් ම නිවැරදිද?

Unexpected Love 🥀 (Taekook) COMPLETED Onde histórias criam vida. Descubra agora