06.

500 174 39
                                    

[ මම මේ චැපියේ ඉදල ජොන් ට ජන්කුක් කියලම දානවා හොදේ.. පටල ගන්න එපා.. අනාගතේ ජන්කුක් තාම කෝමා එකේ.. මෙතන ඉදල ජන්කුක් කියන්නේ ජොන්ට. අනාගතේ ජන්කුක්ට මම කුකී කියල පාවිච්චි කරන්නම්.. කමක් නෑ නේද?? Jeon කියල දාද්දි ෆීල් වෙනව මදි වගේ නිසා අර විදිහට දාන්නෙ.. ]




_________________________



• Ruby එක්ක Jungkook කාර් එකට නැගලා යන ගමන් හිටියේ..


Ruby : ජන්කුක්.. ඔයා අද මුකුත් ම කතා කරන්න එපා හොදද??

Jk : ඒ ඇයි?

Ruby : මේකනේ.. ඔයාට තාම මෙහෙ දේවල් පුරුදු නෑනේ.. ඒක නිසා අදට මුකුත් නොකියා ඉන්න.. ආහ්.. මේක අරගන්නකෝ.




• රූබි jk අතට දුන්නේ ෆෝන් එකක්. ජන්කුක් ඒක එහාට මෙහාට හරවමින් බල බල ඉන්නවා.




Jk : මේ මොකද්ද මේ??

Ruby : ඕක කුකීගේ ෆෝන් එක. ආහ් ඔයා දන්නෑනෙ ෆෝන් එක ගැන. ඕකෙන් පුලුවන් ඕන කෙනෙක්ට කතා කරන්න.

Jk : මේ පෙට්ටියෙන් කොහොමද ඕන කෙනෙක්ට කතා කරන්නෙ රූබී??

Ruby : ඔයාලගෙ කාලේ ලිපි යැව්වේ.. මේකත් ඒ වගේ කියල හිතාගන්න. ඒත් ඊට වඩා ඉක්මන් මේක.. ඕනම වෙලේක ඕන කෙනෙක් එක්ක කටින් කතා කරන්න පුලුවන්

Jk : ඔයත් එක්කත් පුලුවන්ද??

Ruby : ඔව්

Jk : එතකොට අර ඊයෙ හම්බුන මිටි කොල්ලා එක්කත්??

Ruby : ඔව් ඔව්

Jk : ඒත් ඔයාල කොහොමද මං කතා කරන වෙලාවට මේ පෙට්ටිය අස්සට යන්නේ??

Ruby : ඒක ඔයාට කියල දෙන්න අමාරුයි ජන්කුක්.. ගොඩක් සංකීර්ණයි..
ඕකෙ අංක 1 ඔබාගෙන හිටියොත් ඔයාට මට කතා කරන්න පුලුවන්. අංක 2 ඔබාගෙන හිටියම කොට කොල්ලට කතා කරන්න පුලුවන්. දැනට එච්චරක් ඇති. ඉතුරු ටික පස්සෙ ඔයාට උගන්නන්නම්..

Jk : හරි..

Ruby : දැන් අපි යන තැන ඔයා තමා ප්‍රධානියා හොදේ.. ඒ විදිහට ඉන්න. අනික ඔයා ඔහොම හුරතල් පාටට ඉන්න එපා ජන්කුක්..
කුකී කවදාවත් ඔහොම හිනා වෙන්නෙ නෑ..

𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅Where stories live. Discover now