3 months later
• ගොඩක් කල් ගත වෙලා. හැමෝම වෙනස් වෙලා කුකී ඇර. එයා තාමත් මැශින් ගොඩක් අස්සේ ජීවත් වෙන්න ලොකු සටනක. රූබි දවස් දෙකකට සැරයක් යනවා කුකීව බලන්න. එයා දැන් ජන්කුක්වත් එක්කගෙන යන්නේ.. ඒ කියන්නෙ ජොන්වත්.ජන්කුක් මුලදිම කුකීව දැකල ටිකක් ශොක් උනත් දැන් එයාට මේ දේවල් තේරුම් ගන්න පුලුවන්. ඔය අතරේ කෙනෙක් හිටියේ ඊටත් වඩා අවුල් ජාලාවක..
Bomin : ආශ්.. වෙන්න බෑ.. මට හොදටම ශුවර් ඒ අර ජන්කුක් වෙන්න බෑ.. එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ආපු කෙනා එයා වෙන්න බෑ... මං හොදටම දන්නවා ජන්කුක් එහෙම හිනා වෙන කෙනෙක් නෙමේ.. අනික එයාගෙ හැසිරීම පවා වෙනස්.. මෙතන මොකක්ම හරි දෙයක් තියෙනවා..
සූවොන්.. plastic surgery කරන අයගෙන් ඇහුවද මේ සීන් එක ගැන??Suwon : ඔව් සර්. රූබි ඒ කාවවත්ම හම්බෙන්න ගිහින් නෑ කලින් මාස 3 ඇතුලත
Bomin : හහ්.. මං කොහොම හරි මේක විසදගන්නවා.. ඇත්ත ජන්කුක් කොහෙම හරි ඇතිනේ.. නැත්තම් බොරු එකාව හරි ආයෙ මරල දාලා ඒ කම්පැනි එක නැති කරල දානවා.. ආශ්...
__________________________
Jk : ඔයා මොනවද ඔච්චර අහස දිහා බලාගෙන කල්පනා කරන්නේ රූබි??
Ruby : ආහ්.. කුකී..
Jk : ම.. මං කුකී නෙමේ කෙල්ලේ.. මං ජොන්
Ruby : ආහ්හ්.. මියාන්හේ.. ම..මට පැටලුනා එකපාරටම
Jk : දුක් වෙන්න එපා රූබි. එයා අනිවාර්යයෙන්ම ආයෙ එයි.
Ruby : ම්ම්.. ඒත් මාස තුනක් කියන්නෙ ලොකු කාලයක් ජන්කුක්.. මට කුකීව නැතුව ඉන්න බෑ.. අනික ඔයත් එක්ක ඉද්දි-
Jk : ඇයි නැවැත්තුවෙ රූබි?? කියන්න?? මාත් එක්ක ඉද්දි??? මොකද්ද ???
• දෙන්නා හිටියෙ රූබිගෙ ගෙදර බැලකනි එක ගාව. රූබි ඇස් වල කදුලු පුරවගෙන එලිය බලන් හිටපු නිසා ජන්කුක් කෙල්ලට ගිහින් කතා කලේ.. ඒත් එකපාරටම උනේ හිතපුවත් නැති දෙයක්.. ඒක කියල ඉවර උනත් එක්කම කෙල්ල ජන්කුක්ගේ බෙල්ල වටෙන් අත් දාලා කොල්ලගෙ තොල් වලින් එයාගෙ තොල් තිබ්බා ජන්කුක්ගෙ ඇස් ලොකු වෙද්දි..
YOU ARE READING
𝐀𝐖𝐀𝐊𝐄𝐍 || 𝐉𝐉𝐊✅
FanfictionCompleted : ඔයා කොහොම හරි අපිට මේකට උදව් කරන්න ඕනේ ජොන්.. : ඒත් මම මොනාද කරන්න ඕනි? : වැඩි දෙයක් නෙමේ.. අපි කියන දේ අහගෙන ජන්කුක් කියන නම දාගෙන ඉන්න විතරයි ඕන. Not a ship or BL story!!🚫✋ 「 𝗔𝗪𝗔𝗞𝗘𝗡 」 ❌Don't Copy my works‼️