♡︎. Chapter 51 🍂

1K 207 164
                                    

........................................................................
........................................................................
........................................................................

" මොකද උනේ කායි...මට ඇත්ත කියන්න. ජේකේ ඔප්පට ඇයි එහෙම- ?!''

කායි ලගම පුටුවේ මූනට මූනලා ඉදගන්න ගමන් ජූහි ඇහුවේ ලොකු ඉවසීමකින්. කායිගෙ ඇස්වල කදුලු බින්දු පහලට වැටෙන්න පොරකනවා. බලෙන්ම ඒ කදුලු ඇස්වල හිරකරන් කායි ජූහිගෙ මූන දිහා බැලුවේ,

" ඒක දිග කතාවක් ජූහි "



" කොච්චර දිග උනත් කමක් නෑ..මට ඕන තරම් වෙලාව තියෙනවා. මන් අහන් ඉන්නම් !! ''



ඒ වචන කායිගෙ හිතට ලොකු නිදහසක් සැනසීමක් ගෙනාවා. තමන්ගේ ප්‍රශ්නක් විශ්වාසවන්ත මනුස්සෙක් එක්ක බෙදාගන්න කව්ද අකමැති. කායි මද සිනහවක් එක්ක හොද හුස්මක් අරන් පාතට දැම්මේ කතාව කියන්න ලෑස්තියි කියලා අගවන්න.

කෙටි නිහඩතාවකින් පස්සෙ කායි කතාව පටන් ගත්තා.


" හැමදේම පටන් ගත්තේ අපි පුන්චි කාලෙදි. ජේකේගේ ෆැමිලි එක අපේ ෆැමිලි එක ගොඩාක් කාලෙක ඉදන් හොද family friends ලා. ඒ වගේම බිස්නස් ෆීල්ඩ් එකේදි ලගම බිස්නස් පාට්නර්ස්ලා. ඉතිම් මන් ජේකේව අදුරන්නේ ජේකේ ඉපදුන දවසෙ ඉදන්මයි...''

මේ දේවල් ජූහිට අලුත් තොරතුරු නෙවෙයි..ජේකේගෙ ආච්චිඅම්මා මැඩම් ජන්හියා වගේම කායිගෙ අප්පා මිස්ටර් ජන්ග් ගැන හැම සතියකට පාරක්ම පත්තර වාර්තාවල යන තරමටම එයාලා ගොඩක් ප්‍රසිද්ද මිනිස්සු. ඒත් කායිගෙ හැම වචනයක් පාසාම ජූහි ගොඩක් අවදානෙන් අහන් හිටියා.

මගෙ ඔම්මටයි අප්පටයි බිස්නස් වැඩ නිසා හැමතිස්සෙම මාව මග ඇරෙනවා. ගෙදර තනියම තියන්න බැරි නිසා මාව චූටි කාලෙ අප්පා ජේකේලගෙ ගෙදර නතර කරන්න තීරනේ කරා. මොකද ජේකේත් මගෙ වයසෙමයි. මට මගෙ ඔම්මයි අප්පයි හිටියට ජේකේට එයාගෙ ඔම්මයි අප්පයි හිටියේ නෑ. මට මගෙ අප්පා නම් කීවේ ජේකේ ඉපදිලා අව්රුද්දයි මාසයක් විතර යද්දි එයාගෙ ඔම්මයි අප්පයි ජේකේව දාලා බිස්නස් වැඩවලට වෙන රටක පදින්චියට ගියාලු..

ᗰIᑎᗴ ՏᑭᖇIᑎᘜ |» 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐚𝐭𝐞𝐝 •✓Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ