♡︎. Chapter 53 🍂

1K 209 144
                                    

........................................................................
........................................................................
........................................................................

පැයක විතර ගමනකින් පසු කාර් දෙකම ගමනාන්තයට ලගා වුනා. කායිගෙ කා එක ලගින්ම උස් වැටකෙයියා හෙවනේ ජේකේත් කා එක නැවැත්තුවා. හැමෝම කාර් එකෙන් එලියට බැහැගත්තේ හරි හදිස්සියෙන්. නිවාඩු දවසක යාලුවො එක්ක මේ විදියට විනෝද වෙන එක හරියට නිකන් හීනයක් වගේ.

" අපි එනවා........................"

බෝගම් හුලං පුම්බපු ලොකු බෝලෙකුත් අරගෙන කාර් එකෙන් බැහැලා මුහුද දිහාට දුවන විදිය හැමෝම බලන් හිටියේ මූනේ රැදි ලොකු හිනාවකින්. නිදහස කියන දේ උපරිමයෙන් එයාලට බුක්ති විදින්න අවස්තාවක් ලැබිලා.

දැන් එයාලා යාලුවෝ විතරක් නෙවෙයි. හරියට නිකන් පුන්චි පව්ලක් වගේ. බෝගම් පස්සෙන් අනිත් හැමෝමත් දුවන් ගියත් ටේටේ දුවන්න හදද්දිම ජේකේ පැනලා ටේගේ අතින් අල්ලගත්තා.

" මාත් එක්ක එන්න "
.
.
.

Taetae pov :

අපි මුහුදු වෙරල ලගට ඇවිත් දැන් ටික වෙලාවක්. කාර් එකෙන් බහිනකොටම හ්‍යුන්ග් මාවත් ඇදගෙන වෙරල දිගේ ඇවිදින්න එක්කන් ආවා.

මට ඉස්සරහින් මගෙ අතිනුත් ඇදගෙන හ්‍යුන්ග් ඇවිදිනවා. සමහර වෙලාවට එයා පිටිපස්සට හැරිලා මන් දිහා බලල හරි ලස්සනට හිනා වෙනවා. මමත් හ්‍යුන්ග්ගෙ අතේ පැටලිලා වෙරල දිගේ ඇදිලා යන්නේ හරිම ආසාවෙන්.

දවස් දාහතරක් පුරාවට මගෙ හිතේ පිරිලා තිබ්බ හිස් ගතිය ආයෙත් ටිකෙන් ටික එයා පුරවනවා. මේ විදියට හ්‍යුන්ග්ගෙ අතේ එල්ලිලා ආයෙත් ඇවිදින්න මන් මේ දවස් ගානට කොච්චර නම් හීන දැක්කද ?!

ඒ ඇස් දිහා එක පාරක් බලලා සිය පාරක් ආදරෙයි කියන්න පුලුවන් තරමට මන් එයාට හදවතින්ම බැදිලා. දැන් මට වැඩක් නෑ ඉස්සරහට මොන දේ උනත්. මොන ප්‍රශ්නේ ආවත් මන් මගේ හ්‍යුන්ග් ලග ඉන්නවා.
.
.
.
.

" ටේටේ, අතනින් ඉදගමු "


ජේකේ කීවේ ඉස්සරහින් පේන පුන්චි ගල් තලාවක් පෙන්නලා. ටේගෙ අතින් ඇදගෙනම ඇවිත් ගල් තලාව මත ඉදගත්ත ජේකේගේ ඇස් වෙරල පුරාම සැරිසරලා තමන්ගෙ යාලුවො හැමෝම සෙල්ලම් කරන තැන එක මොහොතකට නැවතුනා.

ᗰIᑎᗴ ՏᑭᖇIᑎᘜ |» 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐚𝐭𝐞𝐝 •✓Where stories live. Discover now