🎋 02 Chapter 🎋

416 120 22
                                    

Author pov,

ජිමින් හිතුවා වගෙම කාලය හරිම ඉක්මනට ගෙවිලා ගියා. නිකන් නෙමේ ජීවිතෙත් අරන්. හැම කරදරයක්ම දරාන ජිමින් ඉගෙන ගන්නකොට අවුරුදු තුනක් ගෙවිලා ගියෙ ඇස් පිල්ලම් ගහන වේගයෙන් . එත් ජිමින් කියන්නෙ දැන් හොදටම තනිවුනු කෙනෙක්.

ජිමින්ව බුලි කරේ ජන්කුක් එක්ක එයාගෙ යාලුවො . ජිමින් ස්කූල් ආවෙම කරදර විදගෙන උනත් එයාව බලන්න පුලුවන් ආසාවත් එක්ක. එත් එ දේවල් එයාට හීනයක් උනා. ජිමින් සෝල් හයි ස්කූල් ඇවිදින් අවුරුද්දක් වෙනකොට ජන්කුක් රටෙන් යන්න ගියා. එ විතරක් නෙමෙ එයාගෙ යාලුවොත් යන්න ගියා. ඉතින් එයාල ඉන්නකොට යාලුවො හිටපු නැති ජිමින්ට එයාලා ගියාට පස්සෙත් යාලුවො නැති උනා. හැබැයි එයාට කරදර කරන්න කවුරුත් ආවෙ නැ.

ජන්කුක් යන්න කලින් දවසෙ ජිමින්ව සිප ගත්තා.. නැ එක ආදරෙන් වුනු දෙයක් නෙමෙ කැෆටේරියා එකේ හැමෝගෙම ඉස්සරහා කායිගෙ චැලේජ් එකකට සිද්ද වුනු දෙයක් ඒක.. එ ජිමින්ගෙ පලවෙනි හාදුව. . ජිමින් කොච්චර එයාගෙන් ගැලවෙන්න උත්සාහ කරත් ජන්කුක් එයාගෙ අත් අතරට ජිමින්ව සම්පූර්ණයෙන්ම හිර කර ගත්තා.. ජිමින් ඒ හාදුවට ප්‍රතිචාරයක් නොදැක්කුවත් චැලේන්ජ් එකෙ හැටියට ජිමින්ගෙ තොල් පැලෙනකන්ම ජන්කුක් විනාඩි පහලොවක්ම ඒ සිනිදු දෙතොල් සිප ගත්තා.

එ උන දේ වෙච්ච විදිහට ජිමින්ට කේන්ති ගියත් එයාගෙ පලවෙනි හාදුව එයගෙ එකම ආදරෙ වුනු ජන්කුක්ට හිමි උනු එකට ජිමින් හදවතින්ම සතුටු උනා. හදවතින්ම!

ජන්කුක් යන්න ගියාම ජිමින්ට දැනුනෙ එයාව හිස් වෙලා ගිහින් වගෙ. ඒත් ජිමින්ට එ වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබුනෙ නැ. පාර්ට් ටයිම් ජොබ් තුනකට හිර වෙනකොට පැය දෙකක තුනක නින්දක් ලබනකොට යුනි යන්න ඔනි නිසාම ඉතුරු හැම වෙලාවෙම ජිමින් කරේ පාඩම් කරපු එක. ජිමින්ට බැරි උනා තව දුරටත් එ විදවන ජීවිතේ ඉදිරියටත් එ විදිහටම ගත කරන්න.

ස්කූල් එකෙ කැපී නොපෙනුනත් කාගෙවත් අවධානෙකට ලක් නොවී ඉන්න ජිමින්ට පුලුවන් උනා. එ වගේම එ ගෙවුනු හැම තප්පරේකම ජිමින් බලාපොරොත්තු වුනා ජන්කුක් ආයෙම එවි කියලා. එ රුව ආයෙම ජිමින් ලගින් දකින්න පුලුවන් වෙයි කියලා. ජන්කුක්ගෙ අතින් මොන තරම් කරදර වින්දත් ජිමින්ට ඕනි උනෙ ජන්කුක්ව එයාගෙ ඇස් මානෙ ඉන්නවා දකින්න.

Tears of Love ( Jikook - Complete  )Where stories live. Discover now