Author pov,"කු..කී....හ්, ඔයා කොහෙද?"
පාර්ක් එකේ පාලුවට ගිහින් තිබුන පැත්තක බෙන්ච් එකක වාඩි වෙලා හිටපු ජිමින් දුර ඈත අහස දිහා හිස් හැගීමෙන් බලන් හිටියෙ ඇස්වලින් ගලන කදුළුවලට ඔහේ ගලන්න ඉඩ දෙමින්.
දවසක් ඇතුලත හෙම්බත් වෙලා හිටපු ඒ හිත වගේම ගත මෙ වෙනකොට ඕනිවටත් වඩා දුර්වල වෙලා තියන බව ඒ මූන දකින ඕනි කෙනෙක්ට කියන්න පුලුවන් උනා. වල ගැහුනු ඇස් , ඉදිමුනු කම්මුල් වගේම තොල්, රතු වුනු නහය, එකට ඇලුනු ඇස් පිහාටු... ඒ මුනේ විඩාව කියා පෑවා..
පැය කීපයක ඉදන් ජිමින් එතන ඉදගෙන හිටියා. කොයි තරම් ඇඩුවත් වේදනාව තවත් වැඩි වෙනවා මිසක් අඩු නොවෙනකොට ජිමින්ට දැනුනෙ එයා ගිනි ගොඩක් උඩ ඉන්නව වගෙ හැගීමක්.
ටිකෙන් ටික ඉර මුදුන් වෙන්න වෙන්න ජිමින්ට දැනුනා එයා ඉස්සරහා තියන දේවල් බොද වෙනව වගෙම හොදටම දාඩිය දානවා. තප්පර ගානක් යනකොට එයාට තේරුනා එයාගෙ වටෙ තිය හැමදේම කැරකෙනව වගෙම.බොද වෙලා යනවා..
ජිමින් සිහිසුන් උනා. එතනම.." ම්ම්ම්...ම්.."
ලාවට බොද වුනු චායවන් අතරින් සුදුම සුදුපාට පේනකොට වෙන දෙයක් ජිමින්ට හිතා ගන්න බැරි උනා. එයා ඉන්නෙ කොහෙද කියන එක පවා ජිමින්ට තේරුම් ගන්න සෑහෙන වෙලාවක් ගියා.
" ඔහ්.. ඔයා නැගිටලා දැන් කොහොමද ? සනීපයක් දැනෙනවද?"
ගෑනු කෙනෙක්ගෙ කටහඩක් ඇහෙනකොට ආලෝකයට එ වෙනකොට හුරු කරන් හිටපු ඇස් දෙක හරවලා ජිමින් දොර දිහා බැලුවා..
නර්ස් කෙනෙක්. ඔව් එයා හිටියෙ හොස්පිටල් එකෙ. කට අරින්නවත් පනක් නොවෙනකොට ජිමින් හීන් සැරේම ඔලුව හෙල්ලුවා..
" කොහෙ හරි රිදෙනවාද? දැන් කොහොමද ඔයාට ?
සේලයින් එක ගහපු එයාගෙ දකුනු අතෙන් එන සියුම් වේදනාව හැරුනුකොට පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනුනත් එක ගැන කාට හරි කියන්න ඔනි උනත් ජිමින් දන්නව එකට එයාට පිලියමක් නොලැබෙන බව. ඉතින් එයා ඔලුව දෙපැත්තට වැනුවෙ වේදනාවක් නැහැ කියන්න.
KAMU SEDANG MEMBACA
Tears of Love ( Jikook - Complete )
Fiksi Penggemarනෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සගවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැදී හද පෙලුවත් නිතී ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී... ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමි... Published- 2022/10/28...