Author pov ,ජන්කුක් එයාගෙ කාමරේ දොරේ අගුල අල්ලගෙනම ඒකට වාරු දීගෙන හිටියත් එයාට හිතුනෙ නැ කාමරේ ඇතුලට යන්න. පපුවෙන් දැනෙන වේදනාව වැඩි වෙනකොට ජිමින්ගෙ අලු බදුනට හාදුවක් දුන්න ජන්කුක් එක අතකින් කාමරේ දොර ඇරගෙන ඒ ඇතුලට ගියත් ඇතුලට තිබ්බ අඩිය එහෙමම හිර වෙලා වගෙ ගියෙ එයාගෙ කාමරේ තියන විදිහ දැක්කාම..
එයාලගෙ ඇනිවසරි එකට පහුවදා ජිමින් එයාව වැලදගෙන වැද වැටි වැටී කියපු වචන ආයෙ ආයෙම කන් දෙකෙ රැව් දෙනකොට ජන්කුක්ගෙ කාමරේ සරසලා තිබුන සැරසිලි දිහා බලපු ජන්කුක් අමාරුවෙන් උනත් එයාගෙ ඇද ගාවට හීන් සැරේ ගෑටුවා..
ලස්සන ට්රේප් පටිවලින් සරසපු කාමරේ හාට් එකේ හැඩේට පුම්බපු බැලූන්ස් සමහරක් තාමත් තැනින් තැන පා වෙනකොට ජන්කුක්ගෙ කාමරේ එක බිත්තියක් පුරාවට හරිම ලස්සනට
"Happy 04th Anniversary My Hubby !"
කියලා අකුරුවලින් හැඩ කරලා තිබුනා..
ඊට පහල මේසෙ උඩ තාමත් එදා ජිමින්ගෙ අතින්ම හැඩ වුනු ලස්සනම ලස්සන කේක් එකක් මුකුත්ම නොවී විනිවිද පේන කප් එකකින් වැහිලා තියනකොට ජන්කුක් ඒ ගාවටම ගිහින් එතන මේසේ ගාවින් දන ගහ ගත්තා..
අතේ තිබුන ජිමින්ගෙ අලු බදුන දෝතින්ම අරගෙන එයා ගාවම බිමින් තියපු ජන්කුක් කේක් එක ගාවම හරිම ලස්සනට චාම් පාටින් සරසලා තිබුන පුන්චි බොක්ස් එක අතට ගත්තා...
බොක්ස් එක විවර කරපු ජන්කුක්ට පුලුවන් උනේ නැ තව දුරටත් එයාගෙ ඇඩුම පාලනෙ කර ගන්න..
" Hello daddy ..we are pregnant .."
හීන ගොඩක් පොදි බැදන් ජිමින් බොක්ස් එක ඇතුල ජන්කුක් වෙනුවෙන් ලෑස්ති කරලා තියන දේවල් දැකපු ජන්කුක් බොක්ස් එකත් තුරුලු කරගෙනම බිමට නැවිලා හයියෙන් අඩන්න ගත්තා...
YOU ARE READING
Tears of Love ( Jikook - Complete )
Fanfictionනෙතින් ගිනිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සගවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදාකාලික තැවුල් පොදියක රැදී හද පෙලුවත් නිතී ලියා අවසන් කවක් කෙලවර මැකී වියැකී යා නොදී... ඉතින් එබැවින් නවතිමී... හදින් පිටමන් නොකරමි... Published- 2022/10/28...